Fake Bodyguard (2021) Sinhala Subtitles

Fake Bodyguard (2021) Sinhala Subtitles

Mar. 26, 202192 Min.
Your rating: 0
10 2 votes

Synopsis

(Fake Bodyguard (2021) Sinhala Sub) මේ අවුරුද්දේ නිෂ්පාදනය කෙරුණු චීන චිත්‍රපටියක්. වසංගත තත්වය කොච්චර තිබුණත් අති සාර්ථක ලෙස ආදායම් වාර්ථා තියන්න මේ චිත්‍රපටියට හැකිවුනාලු. ඒ නිසාම මම මේක සිංහල රසිකයන්ට බලන්න පරිවර්තනය කලේ. Ratings: MyDramaList 5.9/10, iQiYi 8.2/10 ලබාගෙන තියෙනවා මේ කතාව.

අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jiang Xiaotong කියන තරුණ අධ්‍යක්ෂකවරයා. ජනප්‍රිය චිත්‍රපටි හතරක් මේ වෙනකොට ඔහු විසින් නිර්මාණය වෙලා තියෙනවා. මෙහි රඟපෑමෙන් දායක වෙනවා Wang Taili, Ada Liu, Yin Xiao Tian ඇතුළු පිරිසක්. නොදන්නා භාෂාවකින් තිබුනත් රස විඳින්න ලොකු බාධාවක් නොවෙන්න මේ අය රඟපාලා තියෙන බව නම් කිවයුතුමයි.

කතාව ගැන කියනවා නම්, අපේ ප්‍රධාන චරිත තුන් කට්ටුව ජීවත් වෙන්නේ සංචාරක මගපෙන්වන්නන් විදියට රැකියාවක් කරමින්. නීත්‍යානුකූල නොවන විදියට අහඹු ලෙස සංචාරකයන් තෝරාගෙන, එයාලාට මග පෙන්වන එක තමයි මෙයාලාගේ රස්සාව. හදිස්සියේ දවසක්, මෙයාලාට අහඹු ලෙස මුණ ගැහෙනවා මහාචාර්ය චෙන්ව. හැබැයි ඔහු බලාපොරොත්තුවෙන් ඉන්නේ පුද්ගලික ආරක්ෂකයෝ තුන්දෙනෙක්ව. ඉතිං, අපේ තුන්කට්ටුව තැනේ හැටියට ඇණේ ගහනවා. පුද්ගලික ආරක්ෂකයෝ විදියට පෙනී සිටිනවා. එයාලාගේ අනාගතේ කොහොම වෙයිද කියලා තමයි මේ චිත්‍රපටියේ තියෙන්නේ. විද්‍යාත්මක පසුබිමක ප්‍රහසන චිත්‍රපටියක් නිර්මාණයට ගත්ත උත්සාහයක්. සිංහල උපසිරැසි සමඟ රසවිඳින්න. ජයවේවා!!

Fake Bodyguard (2021) Sinhala Subtitles
Original title 冒牌大保镖

Director

Cast

Wang Taili is王稳重
王稳重
Liu Yan is叶明珠
叶明珠
Wang Luojia isZhuang Zhuang
Zhuang Zhuang
Guo Zhen isZhang Peida
Zhang Peida
Si Ligeng isHitman
Hitman

Similar titles

Minions & More 1 (2022) Sinhala Subtitles
In Your Dreams (2025) Sinhala Subtitles
Alienoid (2022) Sinhala Subtitles
Kevin Hart: Acting My Age (2025) Sinhala Subtitles
Operation Alamelamma (2017) Sinhala Subtitles
Shark the beginning (2021) Sinhala Subtitles
Ghostbusters: Afterlife (2021) Sinhala Subtitles
Double XL (2022) Sinhala Subtitles
Aa Okkati Adakku (2024) Sinhala Subtitles
David (2013) Sinhala Subtitles
Kishkindhapuri (2025) Sinhala Subtitles
Gulu Gulu (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published