DSP (2022) Sinhala Subtitles

DSP (2022) Sinhala Subtitles

Dec. 02, 2022India144 Min.Not Rated
Your rating: 0
7 3 votes

Synopsis

(DSP (2022) Sinhala Subtitles) (DSP (2022) Sinhala Sub)

ඔන්න හැමෝම මේ දවස් වල එනකම් ඇගිලි ගැන ගැන හිටපු ෆිල්ම් එක අරන් ආව 😋මේක සමිත අයියා මට භාර දුන්නේ පෙරේදා.. ඔහුට ස්තුතියි මට මේ ෆිල්ම් එක කරන්න දුන්නට ❤️

ඇත්තටම මේක මම කරන්න හිටපු ෆිල්ම් එකක් නෙවෙයි, අපේ වෙන සහෝ කෙනෙක් තමයි භාරගෙන තිබුනේ..ඒත් ඔහුගේ පරිගණකයේ ඇති උන පොඩි දෝෂයක් නිසා ඔහුට මේක ඔයාලට අරන් එන්න බැරි උනා..ඒත් ඔහු මේ ෆිල්ම් එක ඔයාලට අරන් එන්න ගොඩක් මහන්සි උනා..දවස් ගානක් මහන්සි වෙලා timeline පවා එයා අතින් හදල තියෙන්නේ.. අපි හැමෝම අනිවාර්යෙන් ඔහුව අගය කරන්න ඕන.. මොකද උපසිරැසිකරුවෙක් ෆිල්ම් එකක් කරන්න වෙන මහන්සිය, වෙන කෙනෙක්ට වඩා හොදට දන්නේ තවත් උපසිරැසිකරුවෙක් විතරයි..පැය දෙකේ ෆිල්ම් එකක් දෙන්න උපසිරැසිකරුවෙක් දින ගානක් මහන්සි වෙන්න ඕන..ෆිල්ම් එක මම ඔයාලට අරගෙන ආවත්,මං වෙනුවෙන් වගේම ඔහු වෙනුවෙනුත් විනාඩි දෙකක් අරන් කමෙන්ට් එකක් දාන් යන්න..❤️🥺

යමු ෆිලුම පැත්තට 👇

මුලින්ම කියන්නම් IMDB බලල නම් ෆිල්ම් බලන්න එපා.. මොකද එහෙම බැලුවොත් ඔයාලට හොද ෆිල්ම් ගොඩක් මගහැරෙයි!

2022 දෙසැම්බර් 02 වැනිදා නිකුත් උන මේ Tamil ෆිල්ම් එක අයත් වෙන්නෙ Action, Comedy කියන Category එකට.. මේකේ ධාවන කාලය තියෙන්නේ මිනිත්තු 137යි..එතකොට මේක අධ්‍යක්ෂණය වගේම කතාව Ponram කියන අධ්‍යක්ෂකවරයාගේ..
ප්‍රධාන නළුවා ගැන අමුතුවෙන් විස්තර කියන්න ඕන නෑ හැමෝම දන්න, ආදරේ කරන සුපිරි නළු Vijay Sethupathi..😘 Vikram 2022 ෆිල්ම් එකේ ප්‍රතිවීර චරිතයෙන් අපිට ඔහුව කලින් පාර මුණගැහුනත්, අපිට මේ ෆිල්ම් එකේ ඔහුව වීරයාගේ චරිතයෙන් බලන්න පුළුවන්.. එතකොට මේකේ උපප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වෙන්නෙ Anukreethi Vas, Prabhakar, Pugazh වැනි නළු නිලියන් පිරිසක්..මේකේ මරු love ස්ටෝරි එකක් තියෙනවා.. ආතල් ජෝක් ටිකකුත් තියෙනවා.. ගින්දර ෆයිට් ටිකකුත් තියෙනවා 😁 Imdb අගය 3.3 ක් වගේ අඩු අගයක් අරන් තිබුනත් හරිම විනෝදයෙන් ආතල් එකේ බලන්න පුළුවන් සුපිරි Action ෆිල්ම් එක මේක 💪🔥

කතාව ගැන පොඩ්ඩක් කියනවා නම්,

අපේ කතාවෙ ප්‍රධාන චරිතේ තමයි වස්කෝ(Vijay Sethupathi) කියන්නේ.. එයා පොලිස් නිලධාරියෙක්.. මෙයා රාජකාරියේ දි වැඩ පෙන්නලා තමන්ගේ ගමට පත්වීමක් අරගන්නවා…මෙයාගේ ගම තමයි ඩින්ඩිකල්… මේ ගමේ ඉන්නව මැරයෙක්, එයා තමයි මුත්තයි රවී.. එයා එක්ක පොඩි ප්‍රශ්නයක් දාගන්නව අපේ වීරයා ඒ කියන්නේ වස්කෝ.. මේ හේතුවට මුත්තයි රවී, වස්කෝව මරන්න හදන නිසා වස්කෝගේ තාත්තා එයාව ගමෙන් පොඩ්ඩක් ඈත් කරලා තියනවා.. ඒත් කාලෙකට පස්සේ වස්කෝ ගමට එන්නෙ සුපිරි DSP කෙනෙක් වෙලා..මේ වෙද්දී රවී නිකම්ම මැරයෙක් නෙවෙයි, මැර ඇමති කෙනෙක්.. මේ දෙන්නගේ ගැටීම තමයි මේ ෆිල්ම් එක පුරාවටම තියෙන්නේ.. ඒ වගේම පට්ට ආතල් ජෝක් ටිකක් තියෙනවා 😂 හැමෝටම ෆිලුම බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා❤️🥺
ඔයාලම බලන්නකෝ එහෙනම් සේදුපතිගේ වැඩ කිඩ…🚀💣

එහෙනම් තවත් සුපිරි ෆිලුමක් අරන් ඉක්මනින් එන්නම්.. හැමෝටම බුදුසරණයි!
ජේසු පිහිටයි!❤️

DSP (2022) Sinhala Subtitles
DSP (2022) Sinhala Subtitles
DSP (2022) Sinhala Subtitles
DSP (2022) Sinhala Subtitles
DSP (2022) Sinhala Subtitles
Original title டிஎஸ்பி
IMDb Rating 3.4 859 votes
TMDb Rating 4.083 6 votes

Director

Ponram
Director

Cast

Vijay Sethupathi isM. Vascodagama
M. Vascodagama
Anukreethy Vas isAnnapoorani
Annapoorani
Prabhakar isMutta Ravi
Mutta Ravi
Pugazh isPoovaali
Poovaali
Ilavarasu isMurugapandi
Murugapandi
Singampuli isUppliyappan
Uppliyappan
Deepa Shankar isPandiyamma
Pandiyamma

Similar titles

Diary (2022) Sinhala Subtitles
Udanpirappe (2021) Sinhala Subtitles
Sankranthiki Vasthunam (2025) Sinhala Subtitles
Madhagaja (2021) Sinhala Subtitles
Star (2024) Sinhala Subtitles
Anweshippin Kandethum (2024) Sinhala Subtitles
Kung Fu Panda 4 (2024) Sinhala Subtitles
Trigger (2022) Sinhala Subtitles
Liger (2022) Sinhala Subtitles
Godzilla vs Kong (2021) Sinhala Subtitles
Thandel (2025) Sinhala Subtitles
The Bad Guys (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published