Video Sources 3728 Views

  • සිංහල උපසිරැසි සමග
Devil: The British Secret Agent (2023) Sinhala Subtitles

Devil: The British Secret Agent (2023) Sinhala Subtitles

The British Secret AgentDec. 29, 2023India144 Min.Not Rated
Your rating: 0
9 1 vote

Synopsis

(Devil: The British Secret Agent (2023) Sinhala Subtitle) (Devil: The British Secret Agent (2023) Sinhala Subtitles) (Devil: The British Secret Agent (2023) Sinhala Sub) (Devil: The British Secret Agent Sinhala Subtitle) (Devil The British Secret Agent Sinhala Subtitle) (Devil Sinhala Subtitle) (Devil 2023 Sinhala Subtitle)

සුභ දවසක් හැමෝටම,

ඔන්න 2024 අළුත් අවුරුද්දට මගේ පළවෙනි සිංහල උපසිරැස අද අරගෙන ආවා.. පහුගිය දෙසැම්බර් 29 වෙනිදා තිරගත කිරීම් ඇරඹි නන්දමුරි පවුලේ හැමදාමත් වෙනස් වැඩ කරන නන්දමුරි කල්‍යාන් රාම් රගනයෙන් දායක උනු අළුත්ම තෙළුගු සිනමාපටය DEVIL : “බ්‍රිතාන්‍ය රහස් නියෝජිතයා” තමයි මේ.. හැමදාම OTT සර්ප්‍රයිස් දෙන ප්‍රයිම් වීඩියෝ මෙදා පාර මේ ෆිල්ම් එකත් තිරගත කිරීම් අරඹලා දවස් 15ක් යත්ම OTT රිලීස් කරා.. ඉතින් වැඩ දාහක් මැද මගින් අතෑරලා දාන්නෙත් නැතුව ගේමක් ගහල තමයි මේ උපසිරස අරගෙන ආවෙ

අභිෂේක් නමාගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුනු මේ ෆිල්ම් එකේ 1945 ඉන්දියාවට නිදහස ලැබෙන්න කලින් කාලසීමාවේ චරිතාප්‍රධාන කතාවක් පදනම් කරගෙන තමයි මේ කතාව ගෙතෙන්නේ.. ඒවගේම ඇක්ෂන් / ස්පයි ශානරයට අයිති මේ කතාව මුල ඉදලා ඉවර වෙනකන් එන්ජෝයි කරන්න පුළුවන්.. ඒ අතරම විදින්න පුළුවන් සිංදු කීපයකුත් තියෙනවා. මේ ෆිල්ම් එකට මික්ස් රිවිව්ස් ලැබුණත් තවමත් ෆිල්ම් එක IMDB දර්ශකයේ ඉහල අගයක තියෙනවා අපිට බලාගන්න පුළුවන්..

ෆිල්ම් එක ගැන එහෙම කතා කරද්දි අපේ වීරවරිය සම්‍යුක්තා මෙනන් ගැන කතා නොකළොත් ලොකු අඩුවක්.. මට මතක විදියට මලයාලම් සිනමාවෙන් ක්ෂේත්‍රයට එන සම්‍යුක්තා මෑත කාලීනව ආපු “විරූපාක්ෂ” ෆිල්ම් එකෙනුත් දනුෂ් එක්ක රගපෑ “වාති” ෆිල්ම් එකෙනුත් ඇය තවත් ප්‍රේක්ෂක ආකර්ශනය දිනාගන්න සමත් වෙනවා. ඒවගේම මේ ෆිල්ම් එකෙත් ඇයට ලැබුණු චරිතයට උපරිම සාධාරණයක් කරනවා අපිට බලාගන්න පුළුවන්

හරි එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත්,

Nandamuri Kalyan Ram – [ඩෙවිල්] / [ත්‍රිවර්ණා]
Samyuktha Menon – [චිත්‍රා]
Malvika Nair – [මනිමේඛලා]
Mark Bennington – [බ්‍රැකන්]
Elnaaz Norouzi – [‍රෝසි]

DEVIL: After Bimbisara, Dilraju releasing Kalyan Ram's film

බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවයේ නියුතු නියෝජිත ඩෙවිල් රාසපාඩු වල උනු ඝාතන නඩුවක් විමර්ශනය කරන්න රාසපාඩු වලට යවන්න බ්‍රැකන් ප්‍රධානීතුමාට ඕන උනා. ඒකට බ්‍රැකන්ට තිබුනේ වෙනම අරමුණක්.. ඒ තමයි INA ප්‍රධානී නේතාජි සුභාෂ් චන්ද්‍ර බොස්ව අල්ලගන්න එක එක.. ඒවගේම ඩෙවිල්ටත් තිබුනේ ඊට එහාගිය අරමුණක් වගේම උපායශීලී නුවණක්. මොකක්ද මේ INA ? INA කියන්නේ ඒ වෙද්දි බ්‍රිතාන්‍යන්ට විරුද්ධව නැගී හිටපු තවත් එක රහස් කැරලි සංවිධානයක්. මේ සංවිධානයේ ක්‍රියාකාරීත්වය හොර රහසේම සිද්ධ උනත් මේක ඇතුළටත් ඔත්තු බලන්න ට්‍රෝජන් කියලා බ්‍රිතාන්‍ය රහස් නියෝජිතයෙක් යවලයි තිබුනේ.. ගොඩක් දේවල් කියන්න බෑ එතකොට කතාව දැන ගත්තම ඒකේ රස නැති වෙනවා.. පැටළුනා වගේද.. ?

එහෙනම් පැටළුණු තැන් එකින් එක ලිහා ගන්න ෆිල්ම් එක බලලා ඉන්නක්කෝ..

එහෙනම් ගිහින් එන්නම් ,තවත් අළුත් උපසිරැසියකින් ඉක්මණින් හමුවෙමු.

ඔබට ජය !

Devil: The British Secret Agent (2023) Sinhala Subtitles
Original title డెవిల్
IMDb Rating 7.5 2,658 votes
TMDb Rating 8 2 votes

Director

Cast

Similar titles

Sarpatta Parambarai (2021) Sinhala Subtitles
Cadaver (2022) Sinhala Subtitles
DSP (2022) Sinhala Subtitles
Akhanda (2021) Sinhala Subtitles
Aarathu Sinam (2016) Sinhala Subtitles
Antim The Final Truth (2021) Sinhala Subtitles
Blacklight (2022) Sinhala Subtitles
The Damned (2024) Sinhala Subtitles
The Roundup : No Way Out (2023) Sinhala Subtitles
Argylle (2024) Sinhala Subtitles
The 355 (2022) Sinhala Subtitles
Snake Eyes (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published