Video Sources 4102 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග
Darling (2024) Sinhala Subtitles

Darling (2024) Sinhala Subtitles

Why this KolaveriJul. 19, 2024India142 Min.Not Rated
Your rating: 0
7 2 votes

Synopsis

(Darling (2024) Sinhala Subtitles) (Darling (2024) Sinhala Sub) (Darling Sinhala Subtitles) (Darling Sinhala Sub)

ආයුබෝවන් ඔයාලා හැමෝටම ❤️

ඔන්න තවත් අලුතෙන් ආපු තෙළිගු Rom Com ෆිලුමකට සබක් අරගෙන ආව එහෙනම්..

මේ අවුරුද්දේ ජූලි 19 වෙනිදා නිකුත් වෙච්ච මේ ෆිලුම අයත් වෙන්නේ කියන Romantic & Comedyකැටගරි එකට.. රංගනයෙන් දායක වෙන්නේ අපි ගොඩක් ෆිල්ම් වල කොමඩි නළුවෙක් විදියට දකින Priyadarshi Pulikonda විසින්.. කොමඩි නළුවෙක් කියලා නෑ රොමැන්ටික් වෙන්න ඕන තැන් වල Sad ෆීලින්ස් තියෙන තැන් වල එහෙම කොල්ලා මරුවට ඇක්ට් කරා.. මෙයාගේ Balagam 2023 ෆිලුම බලපු අය නම් දන්නවා කොල්ලගේ වැඩ.. මොකද ඒ ෆිලුම ගොඩක් අය ආදරෙන් වැලද ගත්ත නේ.. එතකොට ප්‍රධාන නිළිය විදියට රංගනයෙන් දායක වෙන්නේ Nabha Natesh විසින්.. එකම චරිතේ උනාට මේ තනි චරිතේ ඇතුලෙ මෙයා එකිනෙකට වෙනස් චරිත ගොඩක් ඇක්ට් කරනවා.. මං මේ කියපු දේ මොකක්ද කියලා ඔයාලට ෆිලුම බලනකොටම තේරෙයි..

අධ්‍යක්ෂණය – Aswin Raam
රංගනය – Priyadarshi Pulikonda, Nabha Natesh, Ananya Nagalla, Brahmanandam, Muralidhar
භාෂාව – තෙළිගු
ධාවන කාලය – මිනිත්තු 161

විස්තරේ ගැන කිව්වොත්, 2005 අවුරුද්දේ ආපු වික්‍රම්ගේ Anniyan ෆිල්ම් එක ගොඩක් අය බලල ඇතිනේ.. අන්න ඒ වගේම සිද්දියක් තමයි මේකෙත් යන්නෙ.. Anniyan එක නම් ගොඩක් සීරියස් නේ.. මේක ඉතින් පොඩ්ඩක් කොමඩි බර කරල හැදුනු ෆිලුමක්..

රාගව් කියන්නෙ හොදට ඉගෙනගෙන හොද රස්සාවක් කරගෙන පාඩුවේ ඉන්න කොල්ලෙක්.. රාගව්ගේ අම්මා මෙයාට පොඩි කාලේ හැමතිස්සෙම කිව්වේ “ඔයා හොදට ඉගෙනගන්න හොද රස්සාවක් කරන්න ඊටපස්සේ ඔයාට හොද ලස්සන කෙල්ලෙක් කසාද බදින්න පුළුවන් කියලා” දවසක් රාගව්ලගේ ගෙවල් ළග ඉගෙනගත්තු කොල්ලෙක් ලස්සන කෙල්ලෙක්ව කසාද බදිනවා.. පොඩි එකා ඉතින් මේකත් හොදට බලාගෙන ඉන්නේ.. ඉතින් ඒ බැදපු කපල් එක දවසක් හනිමූන් එකට පැරිස් යනව කියලා අපේ පොඩි රාගව්ට කියනවා.. එතන ඉදන් රාගව්ගේ හීනේ වෙන්නේ හොදට ඉගෙනගන, හොද රස්සාවක් කරල, කසාදේකුත් බැදලා හනිමූන් එකට පැරිස් යන එක.. රාගව් ඉගෙනගනත් ගන්නවා, හොද රස්සාවකුත් හොයාගන්නවා.. හැබැයි මේ කසාද වැඩේ නම් හරියට වෙන්නෑ.. දවසක් ගෙදරින් හොයපු කෙල්ලෙක් කසාද බදින්න ගිහින් රාගව් හොද ලනුවක් කනවා.. ඒ තමයි මනමාලි වෙන කොල්ලෙක් එක්ක පැනල යන එක 😂 රාගව් මේ සේරටම පට්ට අවුල් අරගෙන ෂොට් එකක් දාල ඉන්න වෙලාවක අහම්බෙන් හම්බෙන ත්‍රිවිල් රියදුරෙක්ගේ කීමකට මෙයා ජීවිතේ නැති කරගන්න යනව.. ඔන්න එතකොට තමයි ආනන්දී කියන ලස්සන ගෑනු ළමයා අපේ රාගව් කොල්ලව බේරගන්නනේ.. රාගව් ආනන්දිව හම්බෙලා හරියටම පැය පහකින් එයාව කසාද බදිනව.. ඔන්න ඔතන ඉදන් තමයි පොරගේ ජිවිතේ කණපිට ගහන්නේ 😂❤️

එතනින් එහාට මොනාද වෙන්නේ කියලා ඔයාම බලන්නකෝ Darling 😉❤️

ගිහින් එන්නම් ❤️ හැමෝටම ජය ❤️

Darling (2024) Sinhala Subtitles
Original title డార్లింగ్
IMDb Rating 8.6 570 votes

Similar titles

Bomb (2025) Sinhala Subtitles
A Loud House Christmas (2021) Sinhala Subtitles
Power Play (2021) Sinhala Subtitles
Dracula: A Love Tale (2025) Sinhala Subtitles
Good News (2025) Sinhala Subtitles
The Bad Guys (2022) Sinhala Subtitles
Wicked: For Good (2025) Sinhala Subtitles
Vivaha Bhojanambu (2021) Sinhala Subtitles
Stree 2 (2024) Sinhala Subtitles
Son of Sardaar 2 (2025) Sinhala Subtitles
Christmas On Every Page (2025) Sinhala Subtitles
12A Railway Colony (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published