Video Sources 4728 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග
Crakk (2024) Sinhala Subtitles

Crakk (2024) Sinhala Subtitles

Win to liveFeb. 23, 2024India154 Min.Not Rated
Your rating: 0
9 1 vote

Synopsis

(Crakk (2024) Sinhala Subtitles) (Crakk (2024) Sinhala Subtitle) (Crakk  Sinhala Subtitle) (Crakk Sinhala Sub)

එහෙනම් ආයුබෝවන් ඔක්කොටම..

කොරියන් ඒවටනෙ මම වැඩියෙන්ම උපසිරැසි නිර්මාණය කරන්නෙ.. ඔන්න එහෙනම් මං ගානෙ 25 පාන්දර ආව සුපිරිම සුපිරි හින්දි සළරුවක්..  විශේෂම දේ තමයි මේක මගේ 600* වෙනි උපසිරැසි නිර්මාණය.. විනෝදාංශයක් විදිහට පටන් ගත්තත් සතියකට එක සබ් එකක් හරි ඔයාලට අරගෙන එන්න මට පුලුවන්කම ලැබුනා.

ෆිල්ම් එකට හා හා පුරා කියලා ඉදුවර මලයා සබ් කරන්න අත තියලා තිබ්බත් දෙපාරක් නොහිතා එයා මට මේකට සබ් එක කරන් යන්න දුන්නා.. ඒ වගේම සින්දු ටිකට සබ් කරලා පටන් ගැන්ම ඉදන් අවසානය වෙනකන්ම දුන්න Support එකට Motivate එකට ගොඩක් ස්තූතියි..

පාන්දර හතරෙ ඉදන් 600ට දෙන්න ෆිල්ම් හොයලා ලිපිය ලියලා දීලා මට උදව් කරපු ශාන් සසංග මලයටත් ගොඩක් ස්තූතියි.

මේ තරම් දුරක් කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නැතුව ආසාවෙන් මේ වැඩේ කරගෙන යන්න මට අඩිතාලම දාලා දෙන පීටර් අයියට, සමිතට වගේම අංජුල මල්ලිටත් සචිත් මල්ලිටත් ගොඩක් ස්තූතියි..

එතකොට ඔයාලා හැමෝම අද මාව අදුනන්නෙ මදුශාන් මල්ලි හින්දා එයාටත් ස්තූතියි කියන ගමන් යමු ෆිල්ම් එක පැත්තට..

Crakk කියන්නෙ මේ අවුරුද්දෙ නිකුත් වුන ගොඩක් අය OTT එනකම් බලන් ඉදපු ෆිලුමක් තමයි.. මේක අයත් වෙන්නෙ,  Sport / Action කියන කැටගරි එකට.. හින්දි භාෂාවෙන් තිරගත වුන මේ චිත්‍රපටය මිනිත්තු 154 පුරාවට දිව යනව.. මේක අධ්‍යක්ෂණය කරන්නෙ  Aditya Datt කියන අධ්‍යක්ෂකවරය විසින්.. ගොඩක් අය මේක බලන්නෙ මේකෙ ප්‍රධාන චරිතය කරන සුපිරි නළු Vidyut Jammwal නිසානේ.. එයාගෙ රංගනයට ගොඩක් අය ආසයිනෙ. කාලෙකට පස්සෙ විද්‍යුත්ගෙ බලන්න පුලුවන් මට්ටමේ හොද ෆිල්ම් එකක් ආවා කියලනම් අවිවාදයෙන්ම කියන්න පුලුවන්.

Cast

Vidyut Jammwal as Siddharth “Siddhu” Dixit

Arjun Rampal as Dev

Nora Fatehi as Alia

Amy Jackson as Patricia Novak

Film එකේ අන්තර්ගතය ගැන කිව්වොත්..

නිහාල් කියන්නෙ සිද්ගෙ අයියා.. තරඟයකට සෙල්ලම් කරන්න ගිහින් එයා මැරෙනවා. එතකොට සිද් කියන්නෙ පොඩ්ඩක් හිතුවක්කාර කොල්කෙල්.. කවුරු මොනවා කිව්වත් පොර කරන්න පොරට ඕන දේ. මෙහෙම ඉන්නකොට අයියා ගිය තරගෙටම සිද්දුත් ඇප්ලයි කරනවා. කොහොමහරි එයාට මෙයිදාන් එකට යන්න පුලුවන් වෙනවා. අන්න එතනට ගියාම තමා එයාට දේව්ව හම්බවෙන්නෙ.

කවුද මේ දේව්?

සිද්දුගෙ අයියා මැරුණෙ කොහොමද?

දේව් පෝලන්තයෙ කරගෙන යන රහස් ජාවාරම මොකක්ද?

සිද් එහෙට යන්නෙ එයාගෙ අයියගෙ මරණයෙ පලිය ගන්නද?

සිද්ට තරඟෙන් දිනලා සල්ලි ඔක්කොම ගන්න පුලුවන් වෙයිද?

මේ ප්‍රශ්නවලට උත්තරත් ඔයාලට ෆිල්ම් එක බැලුවොත් හම්බවෙයි. එහෙනම් එක හුස්මට බලන්න පුලුවන් මේ සලරුව ඔයාලත් රසවිඳින්නකෝ.

උපසිරැසි 600ක ගමනෙදි මාත් එක්ක හිටිය.. කමෙන්ට් එකක් දාලා හයියක් වෙන.. හැම සහෝදරියක්ටම සහෝදරයෙක්ටම ගොඩක් ස්තූතියි..

ඔයාලගෙ ඒ ආදරය ඉස්සරහටත් ලැබේවි කියලා මං හිතනවා.. හැමෝටම ආදරෙයි.

ජය..

අලුත් උපසිරැසියකින් ආයෙමත් ඉක්මනට හම්බවෙමු.

.

 

Crakk (2024) Sinhala Subtitles
Original title जीतेगा: तो जिएगा!
IMDb Rating 6.6 4,905 votes

Similar titles

Beyond Skyline (2017) Sinhala Subtitles
Gehraiyaan (2022) Sinhala Subtitles
Mardaani 3 (2025) Sinhala Subtitles
Chakra (2021) Sinhala Subtitles
Ronny – The ruler (2024) Sinhala Subtitles
Stree 2 (2024) Sinhala Subtitles
Stillwater (2021) Sinhala Subtitles
Diés Iraé (2025) Sinhala Subtitles
Mahavatar Narsimha (2024) Sinhala Subtitles
Paanch Minar (2025) Sinhala Subtitles
Fateh (2025) Sinhala Subtitles
Sarpatta Parambarai (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published