Video Sources 639 Views

  • සිංහල උපසිරැසි සමග නරබන්න (ඇඩ්ස් දෙකක් පරණක් ලෝඩ් වේ)
Coolie (2025) Sinhala Subtitles

Coolie (2025) Sinhala Subtitles

Aug. 13, 2025India170 Min.NR
Your rating: 0
7 1 vote

Synopsis

(Coolie (2025) Sinhala Subtitles) (Coolie (2025) Sinhala Sub) (Coolie (2025) Sinhala Subtitle) (Coolie Sinhala Subtitles) (Coolie (2025) Sinhala Sub) (Coolie (2025) Sinhala Subtitle)

දැන් කට්ටිය පටන්ගෙන කූලි චිත්‍රපටය ට්‍රෝල් කරන්න. ඒකේ ට්‍රෝල් කරන්න දෙයක් නෑ. කම්පයාර් කරන්න යන එක තමයි අපේ ලොකුම අවුල.

කූලි ලෝකෙෂ්ගේ ෆිල්ම් එකක් කියල හිතල බලනවට වඩා රජිනිගේ ෆිල්ම් එකක් කියල බැලුවනම් හොදයි. ලෝකේෂ් ගැන හිතපුගමන් ඔලු වැඩකරන්නේ LCU එක ගැන. මේ කූලි LCU එකට සමගාමිව අරගෙන නෑ. අඩුගානේ ඒ ස්ටයිල් එකවත් නෑ. මේ ලෝකේෂ් රජිනි එක්ක කරන වෙනස් චිත්‍රපටයක්. අධ්‍යක්ෂණයේ හෝ කතාවේ කිසිම ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නය වෙන්නේ අපි චිත්‍රපටය බලනකොට රජිනිගේ හෝ ලෝකේෂ් ගේ එක එක ෆිල්ම්ස් ඔලුවලටදාගෙන බලන එකයි. ඒකයි අපි කියන්නේ මදි , අරක වගේ නේ මේක වගේ නෑ කියල.

හරි බලමු අපි කූලි කොහෝමද කියල ? චිත්‍රපටයේ වැඩිබර දීල තියෙන්නේ කතාවට වගේ දැනුනේ. මේක වර්ගකරල තිබ්බේ ඇක්ෂන් ත්‍රිලර් කියල. නමුත් ඩ්‍රාමා එකක් විදියටත් වර්ගකරන්න පුළුවන්.

මේ ඩ්‍රාමා එකට බරයි කියල කිව්වම මට මතක්වුනේ ඕඩියෝ අවුට් එකේදී රජිනිකිව්වා ලෝකේෂ් කතාව කියන්න ආවම ඉස්සෙල්ලම කිව්වලු මම කමල් ෆෑන් කියල. එතකොට රජිනි තේරුම් ගත්තලු ඇයි ලෝකේෂ් මෙහෙම කියන්නේ කියල. ඒ ස්ටයිල් එක වගේම කතාව, ඇක්ට් එක මේකේ මුල්තැනක් ලැබෙනවා කියන එකයි. රජිනිත් හොද සාධාරණයක් කරල තියෙනවා. ස්ටයිල් ඇක්ටිං මාස් මික්ස් රජිනි.

අධ්‍යක්ෂණය ලෝකේෂ්, මේක ලෝකේෂ් LCU එකන් සම්පූර්ණයෙන් එලියට ඇවිත් කරපු වෙනස්ම ෆිල්ම් එකක්. ඒකයි කිව්වේ ලෝකේෂ්ගේ LCU චිත්‍රපට ඔලුවේ තියාගෙන බලන්න එපා කියල. මට අනුව ලෝකේෂ්ගේ තවත් සාර්ථක අධ්‍යක්ෂණයක්. එයා පෙන්නුවා එයාගේ කැපෑසිටිය. එයාට ඕනේම වර්ගයක චිත්‍රපටයක් කරන්න පුළුවන් කියන එක.

නළු නිළියන් හැසිරවීම, මේකේ ඉන්දිය සිනමාවේ ප්‍රධාන සිනමා ධාරාවන්හි නළුවන් දකින්න ලැබෙනවා. ඒ අයගේ තිර කාලය හා ලැබුන චරිත…. ? සෞබින් ( මලයාලම් තරුව) කැපීපෙනෙන චරිතයක් වුණා. වෙලාවකට හිතුනා මේක සෞබින්ගේ චිත්‍රපටයක්ද කියන එක. නාගර්ජුනා ප්‍රධාන විලන් වුනත් සෞබින් තමයි කැපීපෙනෙන විලන් වුණේ. ඒ වගේම පූජා සින්දුවකට විතරයි, ඒකත් කැපිල පේන්න බැරිවුණා ඒ සෞබින් නිසා 😁😁😁.

උපේන්ද්‍රා හා අමිර්කාන් , උපේන්ද්‍රා සටන් ජවනිකාවටම අරන් තියෙන්නේ. රංගන පරාසයක් ලැබෙන්නේ නැ. පොඩි ගැම්මක් තිබ්බ.

අමිර්කාන් …. 🥲 අමිර් එයා කතාවගැනවත් චරිතයගැනවත් අහන්නේ නැතුව රජිනිගේ ෆිල්ම් එකක් කිව්වගමන් හා කිව්වා කියල ඕඩියෝ රිලිස් එකේදී කිව්වා. ඒකනම් ඇත්ත වෙන්න ඕනේ. ඒකට අමිර්ව අවශ්‍යම නෑ. නමුත් …….🥁 මේකේ දෙවෙනි කොටසකට යනවනම් ඒකේ අමිර්ට ලොකු චරිතයක් ලැබෙයි. හැබැයි එක දෙයක් ඒ විනාඩිගනන අමිර්ගේ ඒ පෙනුම සුපිරිම…. 🔥❤️

මේ චිත්‍රපටයේ අවසන් භාගයේ කැපී පෙනුන චරිතය තමයි රක්ෂිතා රාම්. ( කල්‍යාණි – දයාලන්ගේ බිරිද ). ඒ ගැම්ම මම දැකල තිබ්බේ රම්‍යා ක්‍රිෂ්ණන් හා වරලක්ෂ්මි සරත්කුමාර්ගෙන්.

කතා කරන්න ඕනේ අනෙක් එක්කෙනා අනිරුද් …. 🥁 අනිරුද්ගේ කූලි BGM එකනම් මරු…. අනිරුද්ගේ ඝෝෂාකාරී BGM එකෙන් අයින්වෙලා හොද කූල් ගැම්මක් දැනෙන BGM එකක් මේකට කරල තියෙනවා. රජිනිට ගැලපෙන BGM එකක්. විශේෂයෙන් පවර් හවුස්, අරංගම් අදිරට්ටුමේ, චිකිටු සුපිරිම. මොනිකා ගීතය අවශ්‍යමද කියන ප්‍රශ්නය ආවත් ඒක සෞබින්ගේ නැටුම නිසාම ඒ ප්‍රශ්නය මැකිල යනවා. ඉතින් අනිරුද්ගේ සංගීතය චිත්‍රපටය හා ගලාගෙන ගියා මිසක් චිත්‍රපටය අභිභවා ගියේ නෑ.

කැමරාකරණය ග්‍රිස් හා සංස්කරණය පොලිමොයින් රාජ්… ජොබ් එක නියමෙට කරල තියෙනවා. කඩාවැටීම් දකින්න ලැබෙන්නේ නෑ.

මේකේ බජට් එක කෝටි 250 – 400ක් වෙනවලු. ඒකෙන් ලෝකේෂ්ගේ පඩිය කෝටි 50යි. රජිනිගේ පඩිය කෝටි 150යි. බජට් එකෙන් බාගයක් මේ දෙන්නට යනවා 😁💥.

චිත්‍රපටය බලන්න පුළුවන් හොද ගලායාමක් ඇති රජිනිගේ ෆිල්ම් එකක්. එක එක්කෙනාට දැනෙන විදිය වෙනස්. හොඳම දේ තමයි තමන්ම බලල තීරණය කරන එක.

Coolie (2025) Sinhala Subtitles
Coolie (2025) Sinhala Subtitles
Coolie (2025) Sinhala Subtitles
Coolie (2025) Sinhala Subtitles
Coolie (2025) Sinhala Subtitles
Coolie (2025) Sinhala Subtitles
Coolie (2025) Sinhala Subtitles
Coolie (2025) Sinhala Subtitles
Coolie (2025) Sinhala Subtitles
Coolie (2025) Sinhala Subtitles
Original title கூலி
IMDb Rating 6 22,061 votes
TMDb Rating 6.192 66 votes

Director

Cast

Similar titles

I Spit on Your Grave 2 (2013) Sinhala Subtitles
Snake Eyes (2021) Sinhala Subtitles
Mirai (2025) Sinhala Subtitles
Mad Money (2008) Sinhala Subtitles
Mirugaa (2021) Sinhala Subtitles
Necromancer (2020) Sinhala Subtitles
Snakehead (2021) Sinhala Subtitles
Mahavatar Narsimha (2024) Sinhala Subtitles
DSP (2022) Sinhala Subtitles
My Name Is Vendetta (2022) Sinhala Subtitles
Bagheera (2023) Sinhala Subtitles
Jujutsu Kaisen: Hidden Inventory/Premature Death – The Movie (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published