Video Sources 2194 Views

  • සිංහල උපසිරැසි සමග
Bhoothaddam Bhaskar Narayana (2024) Sinhala Subtitles

Bhoothaddam Bhaskar Narayana (2024) Sinhala Subtitles

NOT KILLINGS, THEY ARE OFFERING SACRIFICE!Mar. 01, 2024
Your rating: 0
10 1 vote

Synopsis

(Bhoothaddam Bhaskar Narayana (2024) Sinhala Subtitles) (Bhoothaddam Bhaskar Narayana (2024) Sinhala Subtitle) (Bhoothaddam Bhaskar Narayana Sinhala Subtitle) (Bhoothaddam Bhaskar Narayana (2024) Sinhala Sub) (Bhoothaddam Bhaskar Narayana Sinhala Sub) (Bhoothaddam Bhaskar Narayana 2024 Sinhala Subtitle) (Bhoothaddam Bhaskar Narayana (2024))

සුබ දවසක් හැමෝටම..

ඔන්න අදත් තවත් අලුත් සිනමා සිත්තමකට උපසිරැසි අරගෙන ආවා..අද මම අරගෙන එන්නේ Bhoothaddam Bhaskar Narayana (2024) කියන තෙළිඟු චිත්‍රපටයට…මේ චිත්‍රපටය 2024 මාර්තු 01 වෙනිදා තමයි සිනමාශාලා වලට නිකුත් වෙන්නේ..ඒ වගේම පෙරේදා දවසේ තමයි OTT වෙත නිකුත් වුණේ..ඉතින් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Purushotham Raaj විසින්…ඒ වගේම Snehal Jangala, Karthik Mudumbi, Shashidhar Kasi යන අය විසින් තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ..ඒ වගේම මේක අයිති වෙන්නේ Drama / Mystery / Thriller කියන කාණ්ඩ වලට..

Bhoothaddam Bhaskar Narayana Movie | Review, Cast, Trailer - Gadgets 360

කාස්ට් එක පැත්තට හැරිලා බැලුවොත් මේකේ ප්‍රධාන චරිතය වෙන බූතද්දම් භාස්කර්ගේ චරිතයට පණ පොවන්නේ අපි කවුරුත් දන්න Shiva Kandukuri විසින්..ඉතින් පහු ගිය කාලෙම ශිවාට ලැබුණේ Romance පැත්තට බර ෆිල්ම්ස්..කොහොම හරි ඔන්න මේ චිත්‍රපටයෙදි Shiva ට වෙනස් චරිතයක් ලැබිලා තියනවා..ඒ වගේම ප්‍රධන නිළිය විදියට අපිට මේ චිත්‍රපටයෙදි හම්බවෙන්නේ Rashi Singh ව..ඊට අමතරව Kalpa Latha, Devi Prasad, Venkatesh Kakumanu, Sivannarayana Naripeddi, Shivakumar Ramachandravarapu වගේ නලු නිළියෝ රැසක් රංඟනයෙන් දායක වෙනවා..

Bhoothaddam Bhaskar Narayana Trailer Launch Stills

Bhoothaddam Bhaskar Narayana Movie Shiva Song Launch

රේටින්ග්ස් ගැන බැලුවොත් IMDb දර්ශකයේ 7.8/10 ක අගයකුත් ගූගල් පරිශීලක මනාප දර්ශකයේ 74% ක අගයකුත් ලබා ගන්න මේ චිත්‍රපටයට හැකියාව ලැබිලා තියනවා..

එහෙනම් දැන් අපි කතාව පැත්තට හැරිලා බලමු..

බූතද්දම් භාස්කර් නාරයනා කියන්නේ නොකරපු වරදකට වැරදිකාරයා වෙලා හිරේ යන්න වුණ අවමානෙට සිය දිවි නසාගත්ත තමන්ගේ අයියට සාධාරණේ ඉෂ්ඨ කරන්න හිතාගෙන රහස් පරීක්ෂකයෙක් වුණ කෙනෙක්..හැබැයි ගෙදරටයි ගමටයිනම් මෙයා විහිලුකාරයෙක්..???? ඉතින් ඔය අතරේ අවුරුදු ගාණක ඉඳන් විකාරාබාද් වනාත්තර සීමාවේ වගේම කර්නාටක වනාන්තර සීමාවෙත් හිස නැති කාන්තා මළ සිරුරු හම්බවෙන්න ගන්නවා..මේකේ විශේෂත්වේ වෙන්නේ මේ හිස නැති මළ සිරුරු එක්ක යක්ෂ රූපයක් තියලා යනවා..ඒත් ඒ මළ සිරුරු වල හිසවත් ඒ මළ සිරුරු කාගෙද කියලා හොයාගන්නවත් මේ අවුරුදු ගාණටම පොලීසියට හැකියාව ලැබිලා නෑ..අපේ භාස්කර්ගේ යාලුවෙක් වෙන ඉන්ද්‍රා කියන SI එක්ක භාස්කරුත් මේ මළ සිරුරු පරීක්ෂා කරන්න යනවා..ඒත් භාස්කර්ටත් කවදාවත් කිසිම හෝඩුවාවක්නම් හොයාගන්න ලැබෙන්නෑ..ඉතින් මේ දාම ඝාතන නඩුව විසඳගන්න තියා කිසිම හෝඩුවාවක් හොයාගන්නවත් කාටවත්⁣ මේ වෙනකන්ම හැකියාව ලැබිලා නෑ..කොහොම හරි මේ අතරේ එක හේතුවක් නිසා භාස්කර්ට කොහොම හරි මේ දාම ඝාතන නඩුව විසඳන්න ඕන වෙනවා..ඒ හේතුව මොකද්ද කියලනම් මම කියන්නෑ..එහෙනම් ඉතින් ඔයාලම බලන්නකෝ,

  • ඇයි භාස්කර් මේ නඩුව විසඳන්න යන්නේ?
  • භාස්කර්ට මේ කඩුව විසඳන්න පුලුවන් වෙයිද?
  • කවුද මේ දාම ඝතකයා?
  • මොකටද මේ දාම ඝාතකයා මේ මිනීමැරුම් කරන්නේ ?
  • කවුද මේ දාම ඝාතන වලට ගොඳුරු වුණේ ?

කියන ප්‍රශ්න වලට උත්තර දැනගන්නම් ඔයාලට මේ චිත්‍රපටය නරඹන්නම වෙනවා..

Bhoothaddam Bhaskar Narayana Songs Download - Free Online Songs @ JioSaavn

එහෙනම් තවත් උපසිරැසියකින් ඉක්මනින්ම හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..ඒ වගේම ඔයාලගේ අදහසත් පහළින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා..එහෙනම් හැමෝටම,

බුදු සරණයි..!!

Bhoothaddam Bhaskar Narayana (2024) Sinhala Subtitles
Original title భూతద్ధం భాస్కర్ నారాయణ

Similar titles

Paanch Minar (2025) Sinhala Subtitles
The 100 (2025) Sinhala Subtitles
Chi La Sow (2018) Sinhala Subtitles
Urvasivo Rakshasivo (2022) Sinhala Subtitles
Wildcat (2025) Sinhala Subtitles
Ice Fall (2025) Sinhala Subtitles
Junior (2025) Sinhala Subtitles
My Dear Bootham
The Sabarmati Report (2024) Sinhala Subtitles
Den of Thieves 2: Pantera (2025) Sinhala Subtitles
Mahaan (2022) Sinhala Subtitles
Good Luck Jerry (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published