Video Sources 803 Views

  • Watch trailer
Mikhael (2019) Sinhala Subtitles

Mikhael (2019) Sinhala Subtitles

Guardian AngelJan. 18, 2019India150 Min.Not Rated
Your rating: 0
8 1 vote

Synopsis

“පශ්චාත්තාප වෙලා (පසුතැවිලා) පවට සමාව දෙන්න.. මං දෙවියෙක් නෙවෙයි..”

“පාපය ගෙවෙන්නේ.. මරණයෙන්..”

“මං.. මිකායිල්..!”

ජෝර්ජ් පීටර් කියන්නේ කේරලයේ රන් ජාවාරමේ ඉන්න කෙනෙක්. එයයි එයාගේ රියදුරුයි දෙන්නම අභිරහස් විදිහට මිය යනවා. ACP කෙනෙක් වෙච්ච මුහම්මද් ඊසා හා CI ඉසාක් ජෝන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වද්දී ඒ මිනීමරුවාගේ යැයි සැලකෙන සැත්කම් පිහියක් හොයාගෙන ඒ පිහිය ගත්තේ කොහෙන්ද කියලා පරීක්ෂණ පවත්වනවා. ඒ මොහොතේදී මයිකල් කියන කෙනෙක් ගැන තොරතුරු හොයන්න ගන්නවා..

මේ මයිකල් කියන්නේ කවුද?
ඇයි එයාව හොයන්නේ?
කවුද මේ මාර්කෝ කියන්නේ?
මොනවයින් මොනවා වෙයිද?

මේවට උත්තර දැනගන්න ඕනේ නම් ෆිල්ම් එක බලන්නම වෙනවා..

සබ ගන්න ඕනේ කට්ටිය කතාව කියවලා ඩවුන්ලෝඩ් කරන්නකෝ. වැඩිපුර දැනගන්න ඕනේ කට්ටියට වැඩි විස්තරයක් දෙන්නම් මේ විදිහට.

හනිෆ් අදෙනි කිව්වම කවුරුත් නොදන්නා කෙනෙක් නැති තරමි. මේ දවස්වල තිරගත වෙන මාර්කෝචිත්‍රපටයේ අධ්‍යක්ෂකතුමා වෙන්නේ එයාම තමා. ඉතින් කට්ටිය මේ “මාර්කෝ” කියන නම ඇහුනු ගමන්ම Marco ෆිල්ම් එකේ චරිතයනේ මතක් වෙන්නේ.. ඒත් ඔයාලා හැමෝම විශ්වාස කරනවද මේ නමින්ම චරිතයක් ඉන්න තවත් චිත්‍රපටයක් තියෙනවා කියලා? එහෙනම් අද සිනෙරු සයිට් එකට ගේන්න හදන්නේ අන්න ඒ චිත්‍රපටය. මේක කාලෙකට කලින් TV එකෙත් ගියපු එකක්. (චැනල් එක මතක නෑ..)

මේ ෆිල්ම් එකේ නම Mikhael: Guradian Angel.. 2019 ජනවාරි 18, ඒ කියන්නේ මීට අවුරුදු 6කට කලින් නිකුත් කරපු මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සහ කතාව හනිෆ් අදෙනිගෙන්. සංගීතය ගොපි සුන්දර්ගෙන්. නිෂ්පාදනය ඇන්ටෝ ජෝසෆ්ගෙන්. නිෂ්පාදන ආයතනය වෙන්නේ Anto joseph Film company එක. තිර කාලය විනාඩි 150ක්. (පැය 2 විනාඩි 27)

රංගනයෙන් නිවින් පෝලි, උන්නී මුකුන්දන්, සිද්ධිකි, සුරාජ් වෙන්ජාරමුඩු වගේ අය වගේම:

මංජිමා මෝහන් නවනි දේවානන්ද් (දිලිෂ් පෝතාන්ගේ රයිෆල් ක්ලබ්) වී. ජයප්‍රකාශ් සුදේව් නායර් අශෝකන් ශාන්ති ක්‍රිෂ්ණා කේපීඒසී ලලිතා J. D. චක්‍රවර්ති බයිජු විෂ්ණු ප්‍රේම්කුමාර් කලාභවන් ෂාජෝන් බාබු ඇන්ටනි කිෂෝර් සිජෝයි වර්ගිස් V. K. ප්‍රකාශ් බාලාජි ශර්මා අමල් ෂා ගෝවින්ද් ක්‍රිෂ්ණා නීතා ප්‍රොමි රෙබා මොනිකා ජෝන් යන අයත් රංගනයෙන් දායක වෙනවා.

විශේෂයෙන් මේ චිත්‍රපටයේ ඉන්න උන්නී මුකුන්දන් (මාර්කෝ පීටර්) හා සිද්ධිකි (ජෝර්ජ් පීටර්) කියන නළුවෝ දෙන්නම මාර්කෝ කියන චිත්‍රපටයේ ඉදියත් මයිකල් හා මාර්කෝ චිත්‍රපටි දෙක අතර කිසිම අයුරකින් කෙලින් සම්බන්ධයක් නෑ. ඒක මෙන්න මේකෙන් පැහැදිලි වෙනවා.

“The film is a standalone spinoff of the 2019 film Mikhael, though both films are not directly connected with each other, but only has some of the characters from Mikhael in a different setting.” – Wikipedia, Mikhael (2019)

රේටින් ගත්තොත් IMDB අගය 5/10කුත්, ගූගල් පරිශීලක අගය 71% කුත් තියෙනවා.

අනෙකුත් විස්තර: Cinematography: Vishnu Panicker Editor: Mahesh Narayanan Production Design: Santhosh Raman Costume Design: Stephy Zaviour Makeup Department: Ronex Xavier Production Management: Sanchoo J. / Muhammed Suhail Second Unit Director or Assistant Director: V.P. Sajimon Visual Effects: Jijo Cleetus / Lvan Prakasan OTT Release: Amazon Prime video

ෆෝන් එකෙන් කොටපු තුන්වෙනි සබ තමයි මේක. විශේෂයෙන් ලොකුම කට්ටක් කාපු උපසිරැසිය වෙන්නේ මේක. අනෙක්වාට සාපේක්ෂව මේක පැරණි චිත්‍රපටයක් නිසාම සමහරක් වචන වල උපසිරසි පරිවර්තනයේදී සුළු සුළු අඩුපාඩු සිද්දවෙලා ඇති. එහෙම දෙයක් වුනොත් සමාව දෙන්න ඉතින්. (පුළුවන් නම් කමෙන්ට් එකක් දාන්න) නමුත් මගේ මලයාලම් අසා ලිවීමේ හැකියාව ප්‍රයෝජනයට ගෙන කෙසේ හෝ ඔයාලට මේක ගෙනාවා.

විශේෂයෙන් කෙනෙක්ට ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ වෙලාවේදී. ඒ වෙන කවුරුත් නෙවෙයි, අපේ සිනෙරු අඩවියේම උපසිරසි කරන කවිෂ්ක සංකල්ප සහෝදරයාට. මේ චිත්‍රපටයේ වීඩියෝ පිටපත් හොයලා හොයලා අවසානයේදී එයාට මේ ෆිල්ම් එකේ පිටපතක් හොයලා දෙන්න කියලා කිව්වම එයත් මේ ෆිල්ම් එකේ හොද පිටපතක් හොයලා දුන්නා.

අනිත් එක මේක පරණයි කියලා අතාරින්නත් එපා.. බලන්න.. කුපිරියක්.. රේටින්ග් අඩු වුනත් ඇක්ෂන් ෆිල්ම් බලන්න කැමති අයට හොද ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්.

පුළුවන් නම් උපසිරැසි කරන අපේ සහෝදර සහෝදරියන්ට දිරිමත් කිරීමක් විදිහට කමෙන්ට් එකක් හරි දාන්න.. මොකද ඔයාලගේ දිරිමත් කිරීම හින්දම තමයි එයාලා ඔයාලට උපසිරැසි අරගෙන එන්නේ.

එහෙනම් මං ගිහිල්ලා එන්නම්. තව එකක් අරං එනකල් පරිස්සමින් ඉන්ඩ හොදේ..

ප.ලි: මගේ කරදරේ ඉවසගෙන ඉන්න සමිත අයියට ගොඩක් පින් ඉතින් 😁 අනිත් එක ෆිල්ම් වලට ලස්සන ලස්සන කවර හදන උචිනි අක්කටත් ගොඩක් පින් 😁

 
ප.ලි: මගේ කරදරේ ඉවසගෙන ඉන්න සමිත අයියට ගොඩක් පින් ඉතින් 😁 අනිත් එක ෆිල්ම් වලට ලස්සන ලස්සන කවර හදන උචිනි අක්කටත් ගොඩක් පින් 😁
 
 
Mikhael (2019) Sinhala Subtitles
Mikhael (2019) Sinhala Subtitles
Original title മിഖായേൽ
IMDb Rating 5 1,842 votes
TMDb Rating 4.2 13 votes

Director

Haneef Adeni
Director

Cast

Nivin Pauly isDr. Michael John
Dr. Michael John
Navani Devanand isJennifer
Jennifer "Jenny" John
Siddique isGeorge Peter
George Peter
J. D. Chakravarthi isMuhammad Easa
Muhammad Easa
Ashokan isAntony
Antony
Unni Mukundan isMarco Jr.
Marco Jr.
Amal Shah isJerard
Jerard "Jerry" Peter

Similar titles

The Diplomat (2025) Sinhala Subtitles
Puss in Boots: The Last Wish (2022) Sinhala Subtitles
My Dear Bootham
Teddy (2021) Sinhala Subtitles
Dirty Money (2024) Sinhala Subtitles
Grave Torture (2024) Sinhala Subtitles
Grandma (2022) Sinhala Subtitles
Kalki 2898 AD (2024) Sinhala Subtitles
Stan Lee’s Mighty 7 (2014) Sinhala Subtitles
Mortal Kombat (2021) Sinhala Subtitle
Vikram (2022) Sinhala Subtitles
Thanal (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published