Video Sources 1837 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග
Petta Rap (2024) Sinhala Subtitles

Petta Rap (2024) Sinhala Subtitles

Sep. 27, 2024India133 Min.Not Rated
Your rating: 0
6.3 3 votes

Synopsis

(Petta Rap (2024) Sinhala Subtitles) (Petta Rap (2024) Sinhala Sub) (Petta Rap Sinhala Subtitles) (Petta Rap Sinhala Sub)

සුභ දවසක් ඔයාලා හැමෝටම ❤️

ඔන්න තවත් මේ ලගදි ott නිකුත් වුන අලුත්ම tamil ෆිලුමකට සබ් ගෙනාව ❤️ වැඩේ බාර දුන්නු සමිත අයියා වගේම වැඩේ ලස්සන කරල දුන්නු උචීවත් ආදරෙන් මතක් කරනවා ❤️ 2024 සැප්තැම්බර් 27 තිරගත වීම ආරම්භ කරපු මේ චිත්‍රපටය අයත් වෙන්නෙ Musical Action Comedy කියන කැටගරි එකට..

ප්‍රධාන චරිතය සදහා රංගනයෙන් දායක වෙන්නෙ කවුරුත් ආදරේ කරන ප්‍රභූ දේවා.. ෆිල්ම් එකේ ඩාන්ස් පැත්ත ගැන නම් කතා කරන්න දෙයක් නෑ සේරම සින්දු ස්කිප් නොකර බලන්න පුළුවන් මට්ටමේ තිබුනා.. හැබැයි ප්‍රභූ දේවට නම් මේක එච්චර හොද කාලයක් නෙවෙයි ද මන්ද.. වැඩේ කියන්නෙ මෑන්ට සෙට් වෙන්නෙම පුංචි පහේ ස්ටෝරි.. මේ අවුරුද්දේ එයත් රංගනයෙන් දායක වුන The Goat ෆිල්ම් එක නම් තලපති නිසා හරි ගොඩ ගියා වෙලාවට 🥲❤️ ටිකක් අමුතු ස්ටොරියක් තමයි තියෙන්නේ මේකෙත්.. මට නම් හිත ගියෙ ප්‍රධාන නිළියට විතරයි 😚❤️

අධ්‍යක්ෂණය – S. J. Sinu
රචනය – Dinil P. K
රංගනය
Prabhu Deva
Vedhika
Bagavathi Perumal
Ramesh Thilak
Vivek Prasanna

භාෂාව – දමිළ
ධාවන කාලය – පැය 2 මිනිත්තු 3 යි..

කතාව පැත්තට ගියොත්,

ගොඩක් ෆිල්ම් වල අපිට පෙන්නන්නේ වීරයට පොඩි කාලේ ඉදන් ලොකු හීනයක් තියෙනවා.. කොහොම හරි කට්ට කාල එයා ඒක හැබෑ කරගන්නවනේ..
හැබැයි එහෙම තමන්ගේ හීන හැබෑ කරගන්නේ 20% ක්‌ නැත්තම් 30% විතරයි.. ඉතුරු 80% හෝ 70% වම එයාලට එන විවිධ විවිධ ප්‍රශ්න එක්ක හීන අතැරලා ජිවිතේ ගැට ගහගන්න කැපකිරීම් කරනවා.. අපේ කතාවේ වීරයා බාලා ටත් වෙන්නෙ එහෙම දෙයක්.. මෙයාගේ පොඩි කාලේ ඉදන්ම හීනේ තමයි ප්‍රසිද්ද නළුවෙක් වෙන එක.. මෙයා ඒ වෙනුවෙන් සෑහෙන්න මහන්සි වෙනවා.. කොල්ලට ටැලන්ට් එකත් තියෙනවා.. ඒත් අද කාලේ ටැලන්ට් වලට තැන තියෙන්නේ කොහෙද නේද? ඉතින් මෙහෙම අධ්‍යක්ෂකවරු ළග මෙයා පින්සෙන්ඩු වෙලා වෙලා, අන්තිමට මෙයාට හැමදේම එපා වෙලා ජිවිතේ නැති කරගන්න තීරණය කරනවා.. හැබැයි මැරෙන්න කලින් දවස් දෙකක් රජෙක් වගේ ජීවත් වෙන්න ඕන කියලා ගෙදර තියෙන සල්ලිත් අරන් මෙයා යාලුවෝ එක්ක සවාරියක්‌ යනවා… එහෙදි තමයි මෙයාට පාසල් කාලේ ආදරේ කරපු කෙල්ලෙක්ව මුණ ගැහෙන්නේ..

බාලා ජිවිතේ නැති කරගනිද?
හීන අතැරලා දායිද?

ඒ සේරම දැනගන්න මේ ෆිලුම බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා ❤️

අදට ගිහින් එන්නම්.. හැමෝටම ජය ❤️

Petta Rap (2024) Sinhala Subtitles
Original title பெட்டா ராப்
IMDb Rating 6.5 119 votes

Similar titles

Radhe (2021) Sinhala Subtitles
Jiivi 2 (2022) Sinhala Subtitles
Spider-Man: Across the Spider-Verse (2023) Sinhala Subtitles
Bhagavanth Kesari (2023) Sinhala Subtitles
Ram Setu (2022) Sinhala Subtitles
Doctor (2021) Sinhala Subtitles
The Ghost (2022) Sinhala Subtitles
Hero (2022) Sinhala Subtitles
Gangs of Godavari (2024) Sinhala Subtitles
Eternals (2021) Sinhala Subtitles
Skanda (2023) Sinhala Subtitles
Code Name : Tiranga (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published