Video Sources 2825 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග
Bagheera (2024) Sinhala Subtitles

Bagheera (2024) Sinhala Subtitles

Oct. 31, 2024India158 Min.Not Rated
Your rating: 0
9 1 vote

Synopsis

ආයුබෝවන් හැමෝටම!

ඔන්න ඉතින් අදත් අලුතෙන්ම රිලීස් වෙච්ච ෆිලුමකට සබක් අරගෙන සයිටට ගොඩ වුණා.. කාලෙකින් කන්නඩ එකක්‌ කරන්න සෙට් උනා වෙනසකටත් එක්ක 🤭

2024 ඔක්තෝම්බර් 31 වෙනි දින ලොවපුරා තිරගත වීම ආරම්භ කරපු මේ ෆිලුම අයත් වෙන්නෙ Action / Thriller & Super Hero කියන කැටගරියට.. මේකේ තියෙන විශේෂත්වය තමයි, මේක නිෂ්පාදනය කරන්නේ හැමෝම ගොඩක් ආදරේ කරන KGF චිත්‍රපටිය නිෂ්පාදනය කරපු Hombale Films ආයතනය විසින්.ඒවගේම මේක රචනය කරන්නේ KGF චිත්‍රපටය රචනා කරපු ප්‍රශාන්ත් නීල් විසින්.. ඒවගේම විලන් විදියට රංගනයෙන් දායක වෙන්නෙ KGF Chapter 1 එකේ ගරුඩා (විලන්)විදියට රංගනයෙන් දායක වුන Ramachandra Raju විසින්..ප්‍රධාන චරිතය කරන්නෙ කන්නඩ සිනමාවේ රසිකයෝ ගොඩක් ආදරේ කරන Sriimurali විසින්.. ඔහු 2021 ආපු Madhagaja එකෙන් අවුරුදු 3කට පස්සේ තමයි චිත්‍රපටියකට සම්බන්ධ වෙන්නෙ..

මං හිතනවා ඉහත කාරණා සියල්ල ඇති මේක බලන කෙනෙක්ට බලන්න..

අධ්‍යක්ෂණය – Dr. Suri
රචනය – Prashanth Neel
භාෂාව – කන්නඩ
ධාවන කාලය – මිනිත්තු 158

රංගනය

Sriimurali – වේදාන්ත් ලෙසින්
Rukmini Vasanth – ඩොක්ටර් ස්නේහා ලෙසින්
Prakash Raj – ගුරූ ලෙසින්
Sudha Rani – වේදාන්ත්ගෙ මව ලෙසින්
Achyuth Kumar – වේදාන්ත්ගෙ පියා ලෙසින්
Ramachandra Raju – රානා ලෙසින්

අනිවාර්යෙන්ම කියන්න ඕන මේක හොලිවුඩ් බොලිවුඩ් වල තියෙනවා වගේ සුපිරි වීර කතාවක් නම් නෙවෙයි.. මොකද මේකේ බගීරාට කිසිම සුපිරි බලයක් නෑ.. අපි ඉන්දියානු සිනමාවේ Krish එහෙම වගේ ඕන තරම් සුපිරි වීර කතා දැකල තියෙනවා නේ.. මේක බලද්දී නම් ඒවා මොකුත් මතක් වෙන්නෑ.. මට නම් කෙලින්ම මතක් උනේ 2009 ආපු අපේ වික්‍රම්ගෙ Kanthaswamy ෆිල්ම් එක.. ඒක ලගින් යනවා පොඩ්ඩක් ❤️

කතාව පොඩ්ඩක් කියන්නම්..

අපේ ප්‍රධාන චරිතේ වේදාන්ත් කියන්නෙ පොඩි කාලේ ඉදන්ම සුපිරි වීරයෙක් වෙන්න ආසාවෙන් ඉන්න කෙනෙක්.. හැබැයි පොඩි කාලේදී මෙයාගේ අම්මා මෙයාට තේරුම් කරල දෙනවා ඇත්ත ජිවිතේ එහෙම අය නෑ කියලා.. ඔයාගේ තාත්තා ගොඩක් නිර්භීත පොලිස් නිලධාරියෙක්, එයාල වගේ අය තමයි ඇත්තටම සුපිරි වීරයෝ කියන්නෙ කියලා පහදලා දෙනවා.. ඉතින් වේදාන්ත් මේක තේරුම් අරන් පොලිස් නිලධාරියෙක් වෙනවා.. වේදාන්ත් වැඩ බාර අරන් රාජකාරි කරගෙන යද්දී මෙයාට ඒ පළාතේ ඉන්න නීතිවිරෝධී වැඩ කරන අයව අත්අඩංගුවට ගන්න වෙනවා.. ඔන්න එතකොට තමයි ඒවාට ඉහලින් බලපෑම් එන්න ගන්නේ.. අපේ වේදාන්ත්ට කිසිම නීතිවිරෝධී දෙයක් නවත්තන්න වෙන්නෑ මේ නිසා.. ඉතින් වේදාන්ත් කරන්නේ ලේන්සුවක් මුහුණේ බැදන් ගිහින් එයාට රාජකාරි මට්ටමින්, නැති කරන්න බැරි සේරම අයව මුළු මනින්ම විනාශ කරල දාන එක.. ඔය වැඩේ ඔහොම කරගෙන යනකොට තමයි බගීරාට ඒ පළාතේ ඉන්න ලොකුම මැරයා එක්ක හැප්පෙන්න වෙන්නෙ..

ඇයි හැමෝම මෙයාට බගීරා කියන්නෙ?
කව්ද මේ ඔය කියන තරම් භයානක මැරයා?

සේරටම උත්තර දැනගන්න ඔයාලට මේ සුපිරිය බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා..

අදට ගිහින් එන්නම්.. ජය ❤️

Bagheera (2024) Sinhala Subtitles
Bagheera (2024) Sinhala Subtitles
Original title ಬಘೀರ
IMDb Rating 7.9 6,215 votes

Similar titles

Good Luck Jerry (2022) Sinhala Subtitles
I Spit on Your Grave (2010) Sinhala Subtitles
Subservience (2024) Sinhala Subtitles
Paanch Minar (2025) Sinhala Subtitles
Romeo (2024) Sinhala Subtitles
Indra
Undisputed III: Redemption (2010) Sinhala Subtitles
Bandook (2025) Sinhala Subtitles
Bhagavanth Kesari (2023) Sinhala Subtitles
Sweet Girl (2021) Sinhala Subtitles
The Rats a Witcher Tale (2024) Sinhala Subtitles
The Great Flood (2025) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published