(Enforcement (2021) Sinhala Sub) පොලිසිය සහ මහජනතාව අතර තියෙන ඝට්ටනය මොන රටෙත් තියෙන දෙයක්. ඒක අපේ රටෙත් ඒ විදිහටම තියෙනවා. රට වෙනුවෙන් නීතිය සුරකින්න පොලිසියට ඇතුලත් වුණත් සමහර අයගේ නොමනා වැඩ නිසා මහජනතාව සහ පොලිසිය අතර තිබෙන විශ්වාසය පලුදු වෙන විදිහේ සිදුවීම් නිරතුරුවම සිදු වෙනවා. හිටපු හැටියේ සැකකාරයෙක් කියලා පොලිසියට කුදලගෙන යන්න මනුස්සයා එළියට එන්නෙ බොඩි බෑග් එකක් ඇතුලෙයි. ඇතුලෙදි සිද්ධ වෙන්නෙ මොන විදිහේ දෙයක්ද? මේක පොලිසිය තමන්ගේ බලය අයතා ලෙස භාවිතා කිරීමක්ද? මේක වැරදීමකින් සිදුවුණු අනතුරක්ද? ඒ වගේ ප්රශ්නවලට කවදාවත් අපිට හරියටම උත්තරයක් ලැබෙන්නෙ නැහැ. පොලිසියෙන් පවසන්නෙ එක දෙයක්. පහර ලැබුණු පුද්ගලයගේ පැත්තෙන් කියවෙන්නෙ වෙනම දෙයක්. මේ විදිහේ කතා මේ රටෙනුත් ඕනැ තරම් අහන්න ලැබිලා ඇති.