Video Sources 3868 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග
Romeo (2024) Sinhala Subtitles

Romeo (2024) Sinhala Subtitles

Apr. 11, 2024Unknown146 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

(Romeo (2024) Sinhala Subtitles) (Romeo (2024) Sinhala Sub) (Romeo Sinhala Subtitles) (Romeo Sinhala Sub)

සුභ දවසක් හැමෝටම!

ඔන්න දවස් 3ක් තිස්සෙ ඉවසීමක් නැතුව බලන් හිටපු ෆිලුම අරගෙන ආව එහෙනම්.. අම්මෝ ලයිනුත් බරක් තිබ්බ නිසා වැඩත් අස්සෙ ඉක්මනට ගේන්න ලොකු කට්ටක් කෑව.. සුපුරුදු විදිහට මට සුපිරි ෆිලිම් බාරදෙන සමිත අයියවත් මතක් කරගෙනම් ෆිලුම දිහාට යංකො අපි..

අඩේ සිරාවටම කාලෙකින් බලපු ලස්සන ෆිලුමක්.. මාරම ස්ටෝරියක්.. බලන් ඉන්න පුලුවන් කතාවක්.. අනිවාරෙන් බලන්න කියල Recommend කරනව..

2024 අප්‍රේල් 11 වෙනිද ලොවපුරා තිරගතවුන මේ ටැමිල් ෆිලුම අයත් වෙන්නෙ Romance/Comedy කියන කැටගරි එකට.. එතකොට මේක අධ්‍යක්ෂණය කරන්නෙ Vinayak Vaithianathan කියන අධ්‍යක්ෂකතුමා විසින්.. කාලෙකින් විජේ ඇන්ටනී ලස්සන වැඩකට අත ගහල.. එයත් ටිකක් වෙනස් ජාතියේ ෆිල්ම් කරන කෙනෙක්නේ.. මට අනුව නම් මේ ෆිලුම එයාට සෙට්, අනික රගපෑමත් මරුවට තිබ්බ.. ඒවගේම මේකෙ යෝගි බාබුට්ත් කොමඩි වගේම, ලස්සන චරිතයක් දීල තිබුණ..ඔයාලම බලන්නකො..

අනික් කාරණේ තමයි මේ ෆිලුම ලංකාවෙත් ගොඩක් දෙනෙක් අතර කතාබහට ලක්වුනා.. ඒකට හේතුව තමයි ගොඩක් අය ආදරේ කරන අපේ ශ්‍රී ලාංකාවේ ගායන ශිල්පී රවී රොයිස්ටර් මේකෙ ගීතයක් ගායනා කරල තියෙනව.. කවුරුත් දන්නව ඇති රවී, දිමිත්‍රි ත් එක්කඑකතු වෙලා කරපු “පස්ස” සෝන්ග් එක.. අන්න ඒකෙ දමිල Version එක විදිහට තමයි මේකෙ තියෙන “Vethala” කියන සෝන්ග් එක නිර්මාණය වෙලා තියෙන්නෙ.. ඒකෙ විශේෂම දේ තමයි මේ Vethala සෝන්ග් එකට Lyrics කරල තියෙන්නෙ නළු විජේ ඇන්ටනී විසින්මයි..ලංකාවෙ නමත් කොහොම කොහොම හරි ඉස්සරහය යනව… ගැම්මක්..

Vijay Antony අරිවු ලෙසින්
Mirnalini Ravi ලීලා ලෙසින්
VTV Ganesh අරිවුගේ මාමා ලෙසින්
Yogi Babu ඔරිජිනල් වික්‍රම් ලෙසින්
Ilavarasu අරිවුගේ පියා ලෙසින්

විස්තරේ පොඩ්ඩක් කිව්වොත්,

අරිවු කියන්නෙ තනිකඩයෙක්.. කොල්ලට මහ වයසකුත් නෑ අවුරුදු 35ක් වගේ අනේ.. හැබැයි අවුල කියන්නෙ මෙයා ගෙදර ගොඩ දාන්න සල්ලි හොයන්න ගිහින්, මෙයාට ආදරේ කියන දේ මිස් වෙලා තියෙන්නෙ.. ගෙදරින් මනමාලියො කොච්චර බැලුවත් මෑන් කැමති නෑ..මෑන්ට ඕන ආදරේ කරන්නලු.. ඉතින් ඔහොම කාලයක් යනකොට අරිවු අහම්බෙන් දකින කෙල්ලෙක්ට ආදරේ කරන්න අරගෙන එයාව කසාද බදිනව.. කෙල්ලගෙ නම ලීලා.. කෙල්ල නම් මේ කසාදෙට පොඩ්ඩක්වත් කැමති වෙන්නෙත් නෑ අරිවුට කැමති වෙන්නෙත් නෑ..ඉතින් ලීලට තියෙන එකම හීනෙ තමයි ප්‍රසිද්ද නිළියක් වෙන එක.. මේකට කෙල්ලගෙ තාත්ත උදැල්ල දානව.. ඒකෙන් බේරෙන්නත් එක්ක තමයි මෙයා මේ අරවු කියන අහිංසකයව බ්දින්නෙ.. එතකොට අරිවු ව මෙයාට ඕන විදිහට නටවන්නත් පුලුවන්නෙ..හැබැයි අරිවු නම් කෙල්ලට පණ ඇරල ආදරෙයි.. මෙයා දැන් මෙයාගෙ නෝනව යාළු කරගන්න උපදෙස් ගන්න යනව උපදේෂක කෙනෙක් ගාවට..එයා කියනව කෙල්ලව යාළු කරගන්න ඕනනම් කෙල්ලගෙ ඉන්ස්ටා එහෙම වීඩියෝ බලන එයාගෙ ෆෑන් කෙනෙක් වගේ කටහඩ වෙනස් කරල කෝල් එකක් අරන් කතාකරන්න කියල,එහෙම කතා කරද්දි අරිවුගෙන් එයාගෙ නම මොකක්ද කියල ඇහුවාම කියනව වික්‍රම් කියල.. ඔන්න මෙතන ඉදන් අරිවු, වික්‍රම් කියන නමින් ලීල එක්ක කතාකරන්න අරන් ලීල එක්ක හොදටම හිතවත් වෙනව.. ලීලට වික්‍රම්ව නැතුව බැරි වෙනව..අරිවු ඒ අතරෙ ලීලව නිළියක් කරන්න ඕන නිසා චිත්‍රපටියක් නිෂ්පාදනය කරන්න හදනව.. ඒක ලව් ස්ටෝරියක්.. මේකෙ ප්‍රධාන නළුව කවුරු වෙයිද.?
ඔය විස්තරේ හොදටම ඇති.. මේකෙ තියෙන ලස්සන දෙබසකින්ම වැඩේ ඉවර කරන්නම් එහෙනම්..

හැම ගෑණු ලමයෙක්ගෙම ජීවිතයට යාළුවෙක් ඕන වෙනව.. කිසිම බයක් නැතුව එයාගෙ ජීවිතේ සිද්ද වෙන හැම සිද්දියක්ම එයා එක්ක බෙදාගන්න..එයාව දිරිමත් කරවන්න. මම වික්‍රම්ව එහෙම යාළුවෙක් විදියටයි දැක්කෙ..

ඔයාලටත් ඉන්නවද මෙහෙම යාළුවෙක්..?

අදට ගිහින් එන්නම්.! හැමෝටම ජය.! ❤️

Original title ரோமியோ
IMDb Rating 7 197 votes
TMDb Rating 6 1 votes

Similar titles

Gehraiyaan (2022) Sinhala Subtitles
Sankranthiki Vasthunam (2025) Sinhala Subtitles
Shershaah (2021) Sinhala Subtitles
A1 Express (2021) Sinhala Subtitles
Trick or Treat Scooby-Doo! (2022) Sinhala Subtitles
Ghostbusters: Afterlife (2021) Sinhala Subtitles
Bullet Train (2022) Sinhala Subtitles
Bagheera (2024) Sinhala Subtitles
Ooru Peru Bhairavakona (2024) Sinhala Subtitles
Sulthan (2021) Sinhala Subtitles
Hanu-Man (2024) Sinhala Subtitles
Sonic the Hedgehog 2 (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published