Video Sources 4180 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග
Oppenheimer (2023) Sinhala Subtitles

Oppenheimer (2023) Sinhala Subtitles

The world forever changes.Jul. 19, 2023United Kingdom181 Min.R
Your rating: 0
8 1 vote

Synopsis

(Oppenheimer (2023) Sinhala Subtitles) (Oppenheimer (2023) Sinhala Subtitle) (Oppenheimer (2023) Sinhala Sub) (Oppenheimer Sinhala Subtitle) (Oppenheimer Sinhala Sub) (Oppenheimer 2023 Sinhala Subtitle)

කොහොමද කට්ටිය ඔන්න අද මං කට්ටිය බලාගෙන හිටිය ෆිල්ම් එකකට තමා සබ් එක අරන් ආවේ… ආපු සැනින්ම උපසිරසිය ගෙනාවා කල්තියා කැම් කොපියට සබ් එක කරගෙන ලෑස්තිවෙලා හිටපු නිසා.

Oppenheimer (2023) - Filmaffinity
හොලිවුඩයේ විශිෂ්ඨ චිත්‍රපට අධ්‍යක්ෂකයෙක් වෙන ක්‍රිස්ටෝපර් නෝලන්ගේ ඕපන්හයිමර් චිත්‍රපටය කියන්නේ මේ දිනවල සමාජයේ විශේෂ කතාබහක් ඇතිවෙලා තියෙන, ඔයාලා හැමෝම රිලීස් වෙනකල් නොඉවසිල්ලෙන් බලාගෙන හිටපු ෆිල්ම් එකක්..මේ වෙනකොට IMDB 8.5 අගයකුත් TOMATOMETER 93% අගයකුත් ලබාගෙන තියෙනවා.

ෆිල්ම් එක ගැන කතා කරන්න කලින් ඕපන්හයිමර්ගේ චරිතය ගැන පොඩි ව්ස්තරයක් දැනගත්තොත් හොඳයි කියලා මට හිතුනා. මේ ඒ ගැන,

Review: Go see 'Oppenheimer' | Las Cruces Bulletin
භෞතික විද්‍යාඥ ජේ. රොබර්ට් ඔපන්හයිමර් කියන්නේ දෙවන ලෝක යුද්ධ කාලේදී පරමාණු බෝම්බයක් නිර්මාණය කරන්න ඇමෙරිකාව විසින් දියත් කරපු මෑන්හැටන් ව්‍යාපෘතියේ අධ්‍යක්ෂකවරයෙක්…1904.04.22 ඇමරිකාවේ නිව්යෝර්ක් වලදී යුදෙව් සංක්‍රමණික පවුලක තමයි රොබර්ට් ඕපන්හයිමර් උපත ලබන්නේ. ඉගෙනීමට දක්ෂ වුණ ඕපන්හයිමර් හාවර්ඩ් වලින් උපාධිය හදාරලා ඊටපස්සේ ජර්මනියේ ගොට්ටිං විශ්ව විද්යාලයෙන් PhD උපාධිය ලබාගත්තා. ඉන්පසු කැලිෆෝනියාවේ විශ්ව විද්යාලයේ භෞතික විද්‍යාව ගුරුවරයෙක් ලෙස කටයුතු කළා.

දෙවනි ලෝක සංග්‍රාමය ආරම්භයේදී ජර්මන් නාසී හමුදා පරමාණු බෝම්බ නිෂ්පාදනයට මූලික තැනක් දීලා වැඩ කටයුතු කළා. මේකට ප්‍රතිචාරයක් විදිහට ඇමරිකාව මැන්හැටන් ව්‍යාපෘතිය ආරම්භ කළා. මේ අනුව 1942 ජූනි මාසයේදී  ඕපන්හයිමර් මෑන්හැටන් ව්‍යාපෘතියේ අධ්‍යක්ෂකවරයෙක් විදිහට නම් කරමින් පරමාණු බෝම්බයක් නිර්මාණය කිරීමට විද්‍යාඥයින් කණ්ඩායමක් පත් කළා.

The Light of Trinity, the World's First Nuclear Bomb | The New Yorker

Manhattan Project Bomb Name
අවුරුදු තුනක පරීක්ෂණ වල ප්‍රතිඵලයක් විදිහට පළමු පරමාණුක උපකරණය 1945 ජූලි 16 වන දා ලොස් ඇලමොස් වල රසායනාගාරයේදී ඔවුන් නිෂ්පාදනය කළා. ඒ පරමාණුක සංකල්පය ඔප්පු කරමින් විශාල පරිමාණයේ බෝම්බයක් ඔවුන් නිර්මාණය කළා වගේම මාසයකට විතර පස්සේ, ඒ කියන්නේ දෙවන ලෝක යුද්ධ අවසානයේදී ජපානයේ හිරෝෂිමා හා නාගසාකි වලට ඒ නිර්මාණය කරපු පරමාණු බෝම්බ හෙලීමට ලක් කරනවා. එහි බලපෑම ජපානයට තදින්ම දැනුන අතර ජපන් වැසියන් 200,000කට අධික සංඛ්‍යාවක් ඝාතනයට ලක්වුණා.

බෝම්බ පිපිරවීම් වලින් සිද්ධවුණ මහා විනාශයන් දැක දැකත්, ඇමෙරිකාව හා ජර්මනිය අතර තිබුණ තරඟකාරීත්වය නිසාම ඒ ව්‍යාපෘතියේ වැඩ කරන අනෙක් විද්‍යාඥයින් හුඟ දෙනෙක් මේ බෝම්බවලින් ඇතිවන මිනිස් ඝාතණය ගැන නොසලකා හැරියත් ඕපන්හයිමර් ට බලන් ඉන්න බැරිවුණා. ඒ නිසා තවදුරටත් බෝම්බය වැඩිදියුණු කිරීමට ඔපන්හයිමර් දැඩිව විරුද්ධ වුණා.මේ නිසා ඇමරිකාවේ පරමාණුක බලශක්ති කොමිසම විසින් ඔහුගේ කොමියුනිස්ට් පක්ෂයට ඇති සම්බන්ධකම් ප්‍රශ්ණ කරමින් 1954දී ඔපන්හයිමර්ගේ ආරක්ෂක අවසරය අවලංගු කළා.

1963 දී පරමාණුක බලශක්ති කොමිසම විසින් පිරිනමන එන්ට්‍රිකෝ ෆර්මී සම්මානයෙන් පිදුම් ලැබූ ඕපන්හයිමර් 1967දී පිළිකාවක් හේතුවෙන් මරණයට පත්වෙනවා.

The Stars in 'Oppenheimer' and Their Real-Life Characters

(චිත්‍රපටය තුළ Oppenheimer චරිතයට පණ පෙවූ Cillian Murphy සහ සැබෑ චරිතය)

ඕක තමයි ඉතින් ඕපන්හයිමර්ගේ කතාව. මේ විශිෂ්ට චරිතය පාදක කරගෙන තමයි මේ චිත්‍රපටිය නිර්මාණය වුණේ.ලස්සන දර්ශන, මිහිරි සංගීතය චිත්‍රපටිය බලන ඔයාව අමුතුම ලෝකයකට අරගෙන යනවා. ෆිල්ම් එක සමහර අයට බෝරින් කියලා හිතෙන්න පුළුවන් මොකද ෆිල්ම් එකේ මුල් භාගය කතාවෙන්ම තමයි ගලාගෙන යන්නේ. ඒත් එහෙමයි කියලා අතාරිනවා නම් ඒක ලොකු මෝඩකමක්.

මීට වැඩිය දේවල් කියන්න මගේ අදහසක් නෑ. ඉතින් චිත්‍රපටිය බලලා රසවිඳින්න කියලා ඔයාලට කියනවා..ඒ වගේම මේ චිත්‍රපටියට උපසිරසි කරන එක හරිම අමාරු වැඩක්.. කතා කරන භාෂා විලාසය හා ගැඹුරු කරුණු නිසා උපසිරසියේ යම් යම් අඩුපාඩු තියෙන්න පුලුවන්. ඒත් උපරිම සාධාරණයක් මං කළා කියලා මං හිතනවා.

මතක ඇතුව සබ් එකයි ෆිල්ම් එකයි පහළින් ඩවුන්ලෝඩ් කරන්න යනකොට කමෙන්ට් එකකුත් දාගෙනම යන්න කියලා මතක් කරනවා.

අලුත් උපසිරැසියකින් හමුවෙමු. ඔයාලට ජය !!

~උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ~

Oppenheimer (2023) Sinhala Subtitles
Oppenheimer (2023) Sinhala Subtitles
Oppenheimer (2023) Sinhala Subtitles
Oppenheimer (2023) Sinhala Subtitles
Oppenheimer (2023) Sinhala Subtitles
Oppenheimer (2023) Sinhala Subtitles
Oppenheimer (2023) Sinhala Subtitles
Oppenheimer (2023) Sinhala Subtitles
Oppenheimer (2023) Sinhala Subtitles
Oppenheimer (2023) Sinhala Subtitles
Original title Oppenheimer
IMDb Rating 8.5 474,582 votes
TMDb Rating 8.2 4,050 votes

Director

Cast

Cillian Murphy isJ. Robert Oppenheimer
J. Robert Oppenheimer
Emily Blunt isKitty Oppenheimer
Kitty Oppenheimer
Matt Damon isLeslie Groves
Leslie Groves
Robert Downey Jr. isLewis Strauss
Lewis Strauss
Florence Pugh isJean Tatlock
Jean Tatlock
Josh Hartnett isErnest Lawrence
Ernest Lawrence
Casey Affleck isBoris Pash
Boris Pash
Rami Malek isDavid Hill
David Hill
Kenneth Branagh isNiels Bohr
Niels Bohr
Benny Safdie isEdward Teller
Edward Teller

Similar titles

Vaashi (2022) Sinhala Subtitles
Thiruchitrambalam (2022) Sinhala Subtitles
Rat Disaster (2021) Sinhala Subtitles
Bheemla Nayak (2022) Sinhala Subtitles
14 Phere (2021) Sinhala Subtitles
The Guilty (2021) Sinhala Subtitles
The School for Good and Evil (2022) Sinhala Subtitles
Paappan (2022) Sinhala Subtitles
Devil: The British Secret Agent (2023) Sinhala Subtitles
Haathi Mere Saathi (2021) Sinhala Subtitles
Varisu (2023) Sinhala Subtitles
Good Luck Jerry (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published