අතිශයින්ම වැඩිහිටියන්ට වෙන් වූ දර්ශන හා දෙබස් හේතුවෙන් 18ට වැඩි වයස් සීමාව සළකා නරඹන්න!
(The Treacherous (2015) Sinhala Sub) කොරියාවේ මෙන්ම විදෙස් සිනමා විචාරකයින්ගේද අවධානය දිනාගත් චිත්‍රපටයක් වූ The Treacherous චිත්‍රපටය,සම්මාන කිහිපයකටම නිර්දේශ වූ අතර විවිධ සම්මාන වලින් පිදුම් ලැබූද චිත්‍රපටයකි.සත්‍ය ඉතිහාස කතාවක් ප්‍රධාන කරගෙන නිර්මාණය වූ මෙම චිත්‍රපටය කොරියානු ජෝසන් රාජ්‍ය සමයේ වූ 10 වෙනි රජතුමා යොන්සන්ගුන් රජු හා ඔහු අසලම සිටි අමාත්‍ය වරුන් පිළිබද ගෙනහැර දක්වයි.
චිත්‍රපටයෙන් බිදක්
චිත්‍රපටය නරබන්න කලින් සත්‍ය ඉතිහාස කතාවේ සාරංෂයක් කියවලා ඉමුද?
️Not on purpose of spoiling️
Yeonsangun/යොන්සන් රජු හා ජෝසන් රාජධානිය.
පෞද්ගලික තොරතුරු.
ලී යොන්ග් උපත ලබන්නේ පිය රජුගේ උප බිසවක් වූ යූන් ආර්යාවගේ පුතු ලෙසයි.අග බිසව ලෙස අභිෂේක ලැබූ රැජිණ, යූන් ආර්යාවගේ ඊර්ශ්‍යාවට ලක් වුණි.එනිසා ඇති වූ යම් සිදුවීම් කිහිපයක් නිසා යූන් ආර්යාව බලයෙන් පහ කෙරුණු අතර ලී යොන්ග් හෙවත් යොන්සන් කුමරුගේ මිත්තනිය හා තවත් ප්‍රභූවරු කිහිප දෙනෙක් හා උප බිසෝවරු දෙදෙනෙක් එක්ව අවසානයේ රජුට හේතු හා සිදු වූ ද්‍රෝහී බව ඒත්තු ගන්වා යූන් ආර්යාව වස දී මරණයට පත් කළහ.
රජුට සිටි දරුවන්ගෙන් වැඩිමල් පුතු වූ යොන්ග් ජෝසනයේ 10 වන රජු බවට පත් විය, ඒ යොන්සන් නාමයෙනි.මවගේ මරණයෙන් පසු කුමරු හට යම් යම් වෙනස්කම් රජු විසින් සිදු කළ බව සදහන් වේ. අග රැජින හට දාව උපන් ලී යොක් හෙවත් ජින්සන්ග් කුමරු හට මා පිය සෙනෙහස වැඩි වශයෙන් ලැබුණු අතර, යොන්සන් හට යම් වෙනස්කම් ඉවසීමට සිදු වුණි.කෙසේ හෝ පිය රජුගේ අවෑමෙන් පසු කිරුලට හිමි කම් කීමට යොන්සන් කුමරු හට හැකි වුණි. වයස අවුරුදු 18ක් වන විට ඔහු ජෝසන් රාජධානියේ 10 වෙනි රජු ලෙස පත් වුණි.
රජු ලෙස පත් වූ මුල් අවදියේ ඔහු හොදින් පාලන කටයුතු ගෙන ගිය අතර, දුප්පතුන් හටද බොහෝ සේ උපකාර කරමින් බුද්දිමත් පාලකයෙක් ලෙස සිටි නමුත් ඔහු කෘර පාලකයෙක් ලෙස ඉතිහාසයේ ලිය වෙන අන්දමට නුසුදුසු තීරණ හා ක්‍රියා සමුහයක් සිදු කර ඇති බව සදහන් වේ. ප්‍රථමයෙන්ම ඔහුගේ කෘර බව ඔහු විසින් ඔහුගේ ගුරුවරයෙක් වූ ජෝ සා සෝ මරා දැමීමේ සිද්දියෙන් ආරම්භ විය.එමෙන්ම ඔහු ක්‍රමක්‍රමයෙන් ඔහුගේ මවට සිදු වූ දෙය පිළිබදව සොයා දැනගන්නටද සමත් විය.ඉන් පසු ඔහුට මිය ගිය මවගේ තනතුර නැවත ලබා දීමේ අභිප්‍රායක් ආරම්භ වුණි. (මිය ගිය ආර්යාව, රාජද්‍රෝහී වූ හෙයින් උප බිසව තනතුරෙන් ඉවත් කර තිබුණි)
යොන්සන් රජු චිත්‍ර ශිල්පියෙක්ගේ දෑසින් යොන්සන් රජුගේ යැයි පිළිගන්නා සිතුවමක්
මවගේ වියෝවේ පලිය ගැනීම
1504 වසරේදී ඉම් සා හොන්ග් නම් අමාත්‍ය වරයා විසින් යොන්සන් රජු හට තම මවගේ මරණයට ප්‍රමුඛත්වය ගත් පෙර රජුගේ කාරක සභාවේ කිහිප දෙනෙක් පිළිබද හෙළි කළ අතර එයට සම්බන්ද ඔහුගේ මිත්තනිය හා පිය රජුගේ උප බිසෝවරුන් පිළිබදවද පැවසුවේය.ඔහු මිය ගිය බිසව වස පානයෙන් පසු වමනය කළ ලේ සහිත සළුවක කොටසක්ද රජුට පෙන්වා ඔහුව කෝප ගැන්වූ බව සදහන් වේ.මව් සෙනෙහේ අහිමි වූ යොන්සන් පසුව 1504 මාර්තු 20 වන දින ලැබූ තොරතුරු වලට අනුව තම පියාගේ අනුගාමිකයන් දෙදෙනෙකු කෘර ලෙස මරා දැමුවේය.එමෙන්ම ප්‍රධාන මව් බිසව හෙවත් ඔහුගේ මිත්තනිය වූ ඉන්සු රැජිණවද අඩ දබරයකදී තල්ලු කිරීමකින් ඔහු අතින් මරණයට පත් විය.ඔහු එවකට මිය ගිය සිටි මවගේ මරණයේ අපරාද කරුවෙකුගේ සොහොන හාරා මළ සිරුරෙන් හිස ඉවත් කළ බවද පැවසේ.එමෙන්ම මෙලෙස තවත් අනුගාමිකයන් රාශියක් මරා දැමුවේය.ඒ අතර පිය රජුගේ තවත් උප බිසෝවරුන් දෙදෙනෙක්ද විය.
මවගේ වියෝවට පළි ගැනීම
ශිල්ප හැදැරු භුමිය අවභාවිතය
මොහු සිදු කළ තවත් අපරාදයක් ලෙස ඔහු අද්‍යාපනය හැදැරු සොන්ග්යුන්ග්වෑන් රාජකීය උසස් පාසැලත් වොන් ගක් සා පන්සලත් ඔහුගේ පෞද්ගලික සතුට වෙනුවෙන් අශ්වයන් සහ අර්ධද්විපයේ පුරා සිටින තරුණියන් ගෙන්වා ගන්නා ස්ථානයක් බවට පත් කළ බව සදහන් වේ.එමෙන්ම ඔහු පෞද්ගලික කිසෙන්ග් නිවාස ඔහුගේ මාලිගය තුළ ස්ථාපනය කළේය.
නිවාස 20, 000ක් පමණ ඉවත් කර දඩයම් බිම් සැකසීමද ඔහු සිදු කළේය.රජුගේ ක්‍රියා පිළිබද හංගුල් අක්ෂර වලින් ලියා ඇලවූ පත්‍රිකා දැක කෝප වූ රජු හංගුල් සහ හන්ජා අක්ෂර භාවිතය තහනම් කළ බවද පැවසේ.
“මුඛය යනු විනාශයන් ගෙන එන දොරටුවකි.දිව යනු හිසක් වුවත් කපා දැමිය හැකි අසිපතකි.සිරුර සමාදාන වීමටනම් මුඛය වැසී තිබිය යුතු අතර දිව ගැබුරේ රදවා සිටිය යුතුය”
ඉහත වදන් පෙළ දිනක් යොන්සන් කුමරු තම ඇමති මණ්ඩලයට පළදින්නට නියම කළ සංකේතයකි.
රජුන් තිදෙනෙක් යටතේ සේවය කළ කිම් චෝ සුන්, යොන්සන් රජුගේ මතයන් වෙනස් කරන ලෙස අවවාද කළ හෙයින් ඔහු මිය යන තෙක් ඊ තල විද මරා දැමූ බවද ඔහුගේ පරම්පරා 7ක් වන තෙක් මරා විනාශ කළ පුවතක්ද ඉතිහාසයේ සදහන් වේ.එමෙන්ම යොන්සන් රජු කෙතරම් වියරු වැටුනාදැයි පැවසුවහොත් ඔහුගේ බදුනට මදු විත වත්කරන විට එය බිම ඉහිරුණු වරදට ඔහු යටතේ සිටි අමාත්‍ය වරයෙක් හට මරණයෙන් දඩුවම් කළ බවද කියවේ.
නොක් සු පලහිලව්ව
තවත් කතා බහට ලක් වුණු සිදු වීමක් වූයේ ජන්ග් නොක් සු නැමැති කිසෙන්ග් කතක් (නාට්‍යන්ගනාවක්)හා ආලයෙන් බැදී රජු විසින් ඇයව උප බිසව තනතුරේ තබා ගැනීමයි.අග රැජිණට වඩා නොක් සු රජු අසලම අවසානය තෙක් රැදී සිටි බවද සදහන් වේ.
කෙසේ හෝ අවසානයේ තම අර්ධ සහෝදරයා වූ ජින්සන්ග් කුමරු හෙවත් ලී යොක් විසින් ඇති කළ කැරැල්ලෙන් පරාජයට පත් වූ යොන්සන් රජු තනතුරෙන් ඉවත් කර කුමරෙක් ලෙසින් සිය දරුවන් හා බිරිද සමග පිටුවහල් කෙරුනි.ඒ 1506 දී යොන්සන් රජුගේ 12 වෙනි රජ සමයේදීයි. රජු හට වැරදි මත ඉදිරිපත් කළ ජන්ග් නොක් සු හට මරණ දණ්ඩනය අත් විය.යොන්සන් කුමරු ගන්ග්හ්වාදෝ වලට පිටුවහල් කළ පසු එම වසරේදීම මිය ගියේය.ඒ වයස අවුරුදු 29ක් වැනි අඩු වයසකදීයි.එමෙන්ම සති කිහිපයකට පසු නැවත බල අරගල වලට හේතු විය හැකි යොන්සන් කුමරුගේ කුඩා පුතුන් සතර දෙනා හට බලයට පත් ජන්ග්ජොන් රජු එනම් යොන්සන්ගේ මලනුවන් විසින් දිවි නසා ගැනීමට බල කර ඔවුන්වද මෙලොවින් තුරන් කර දැමූ බව සදහන් වේ.
මේ සියල්ලටම අමතරව, කොරියානු ඉතිහාසය තුළ සිටි කඩවසම්ම රජවරුන් අතර යොන්සන් රජු ස්ථානයක් හිමි කරගෙන ඇත.ඔහුගේ කෘරත්වයට හේතුව ලෙස මානසික රෝග හා ඔහු මනෝව්‍යාධිකයෙක් වූ බවද සදහන් කර ඇත.
️️️️️️️️️️️️️️️️️
මගේ අදහස…
යොන්සන් යනුද මිනිසෙකි, එතරම් තරුණ වයසකදී එතරම් කෘර හා ආදරයේ අර්ථයක් වටහා නොගෙන ගණිකාවන් හා බලහත්කාරයෙන් යොදාගත් තරුණියන් හා දුරාචාරයේ යෙදීමට තරම් නොමිනිසෙකු හා මානසික ව්‍යාකූලත්වයකින් පෙලෙමින් සාහසික ඝාතන කිරීමට හේතුව වන්නට ඇත්තේ ඔහුට මවගේ පටන් කාන්තාවකගේ නිසි ආදරය සෙනෙහස ලැබීමට නොහැකි වීමෙන් විය හැකියි
Yeonsan රජු පිළිබද සදහන් වන වෙනත් සිනමා නිර්මාණ හා ටෙලි කතා මාලාවන්
The king and I (2007) – Drama of SBS
The king and the clown (2005) – Movie – නිරූපනය Jeong Jin Yeong
Queen for seven days (2017) – Drama of KBS – නිරූපනය Lee Dong Gun.
Dae Jang Geum – Drama – මතකද චන්ගුමී එකේ මුලම හිටිය තරුණ රජතුමා? ඒ හිටියෙත් යොන්සන්ගුන් රජතුමාමයි.
ඉතින් චිත්‍රපටයේ ඉහත කතාවේ සදහන් නොවුණු ඉම් සා හොන්ග් ගේ පුතු ඉම් සූන්ග් ජේ හට ප්‍රධානත්වයක් දීලා තියෙනවා දකින්න පුළුවන්…ඒ වගේම මෙය සත්‍ය ඉතිහාස කතාවම ඒ අයුරින් අඩංගු කළාමයි කියන්න අපහසුයි..මනක්කල්පිත සිදුවීම් හා අවසානයන් මේකට යොදාගෙන තියෙනවා කියන එකයි මගේ පැහැදිලි අදහස..
ඒ අතරින් මේ සුරූපීනියන් බඳවා ගැනීම නම් සත්‍යක්.එමෙන්ම චරිත අතුරින් ඩන් හී ලෙස චරිතයක් තිබුණාද යන්න නම් අපැහැදිලි කරුණක්.
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)