(Spellbound (2011) Sinhala Subtitles) (Spellbound (2011) Sinhala Sub)
• Horror/Romance
• ★★★★★★★ | 6.9/10
කොරියානු සිනමාවෙ පෞද්ගලිකව මම කැමතිම නිළිය “Son Ye-jin” ඉන්න නිසාමයි මේක බලන්න හිතුණෙ. ඇත්තටම බැලුවට පාඩුවක් උනේ නෑ. ලස්සන රොමෑන්ස් චිත්‍රපටියක්. “Horror/Romance” ඝණයට තමයි මේ චිත්‍රපටිය අයිති වෙන්නෙ. ඒ උනත් මේක “Comedy” පැත්තටත් හුඟක්ම බර චිත්‍රපටියක්. ඒ කියන්නෙ “Horror/Romance/Comedy” තුන් පැත්තම ගාණට බැලන්ස් කරලා නිර්මාණය කරපු චිත්‍රපටියක්. වෙනස්ම අත්දැකීමක් ගන්න පුළුවන් චිත්‍රපටියක් කිව්වොත් හරි.
“ජෝ-ගෝ ” කියන්නෙ මැජික් සංදර්ශන පෙන්නලා ජීවිතේ ගැටගහගන්න සාමාන්‍ය කෙනෙක්. ජෝ-ගෝ කාලයක් මේ විදිහට මැජික් සංදර්ශන පෙන්නන අතරෙදි තමයි එයාට “යූ-රී” ව මුණගැහෙන්නෙ. මේ යූ-රී කියන්නෙ එයාගෙ පාසල් කාලෙදි සිදුවුණු යම්කිසි සිදුවීමක් නිසා පවුලෙ අයගෙන් වගේම යාළුවොන්ගෙන් වෙන්වෙලා ජීවත්වෙන කෙනෙක්. ඒ සිදුවීමට මුල් වෙන්නෙ පාසල් විනෝද චාරිකාවක් යන අතරෙදි විනෝද චාරිකාව යන බස් එක අනතුරකට ලක්වෙලා යූ-රී’ ගෙ යාළුවා මැරෙනවා ඒ මරණයට වගකිවයුත්තා වෙන්නෙ යූ-රී ඒ ඇයි කියලා ඔයාලම දැනගන්න. ඉතින් ඒ සිදුවීමෙන් පස්සෙ යූ-රී’ ගෙ මියගිය යාළුවා යූ-රී’ ගෙන් පළිගන්න එයාගෙ පස්සෙන් ඇවිත් පවුලෙ අයටයි එයාගෙ ළඟ ඉන්න හැමෝටමයි කරදර කරනවා.
ඉතින් මේ සිදුවීමෙන් පස්සෙ යූ-රී’ ගෙ පස්සෙන් එන්නෙ එයාලා යාළුවාගෙ අවතාරය විතරක් නෙවෙයි. තව හුඟක් අවතාර නැත්තන් හොල්මන් එයාගෙ පස්සෙන් එනවා. ඒ නිසාම මෙයාට කිසි කෙනෙකුට ආදරේ කරන්නවත් කිසි කෙනෙකුගෙන් ආදරේ ලබන්නවත් බෑ. ඒ හේතුව නිසා තමයි මෙයා හැමෝගෙන්ම වෙන්වෙලා තනියම ඉන්න තීරණය කරලා තියෙන්නෙ. හැබැයි ටික දවසක් යනකොට හැමදේම වෙනස් වෙලා ජෝ-ගෝ එක්ක මෙයා ටිකක් හිතවත් වෙනවා. පස්සෙ මේ දෙන්නා ආදරේ කරන්න පටන්ගන්නවා. හැබැයි යූ-රී’ ගෙ යාළුවා ඒක වෙන්න දෙන්නෙ නෑ, මොකද කිව්වොත් යූ-රී’ ගෙ යාළුවාට ඕන කරන්නෙ යූ-රී’ ව සජීවී අවතාරයක් වගේ කරලා මැරෙනකල්ම තනියම තියන්න.
ඔතන ඉඳන් ඉස්සරහට තමයි හොඳම හරිය තියෙන්නෙ.
* මේ දෙන්නට ආදරෙන් සහ සතුටින් ඉන්න ලැබෙයිද?
* ඒ වගේම මේ දෙන්නට ඉස්සරහට මොන මොන කරදරවලට මූණ දෙන්න වෙයිද?
මේවට උත්තර හොයාගන්න ෆිල්ම් එක බලලම ඉන්න.
සුපුරුදු විදිහට අන්තර්ජාලය පැත්තට හැරුණොත් IMDb 6.9 අගයකුත්, 90% ගූගල් පරිශීලකයන්ගේ කැමැත්තත් මේ චිත්‍රපටියට හිමිවෙලා තියෙනවා. කැමති කෙනෙක් ඉන්නවා නම් අරගෙන බලන්න කියලා තමයි කියන්න තියෙන්නෙ. පුළුවන් ඉක්මනින් තවත් උපසිරැසියකින් මුණගැහෙමු.
ආයු-බෝ-වේවා!