Video Sources 531 Views

  • සිංහල උපසිරැසි සමග නරබන්න (ඇඩ්ස් දෙකක් පරණක් ලෝඩ් වේ)
Paradha: In the name of love (2025) Sinhala Subtitles

Paradha: In the name of love (2025) Sinhala Subtitles

In the name of LoveAug. 22, 2025India142 Min.NR
Your rating: 0
9 1 vote

Synopsis

(Paradha: In the name of love (2025) Sinhala Subtitles) (Paradha: In the name of love (2025) Sinhala Sub) (Paradha: In the name of love (2025) Sinhala Subtitle)

සුබ්බු නොහොත් සුබ්බුලක්ෂ්මි කියන්නේ පදාති ගම්මානේ ජීවත්වෙලා ඉන්න පරාධා කියන වේල් රෙදි ජාතිය විකුණන කෙල්ලෙක්. මේ පරාධා කියන එක පදාති ගම්මානේ ජ්වාලම්බිකා නොහොත් ජ්වාලම්මා කියන දේව මෑණියන්ගේ නියමයකට අනුව අදින්න කියපු රෙදි කඩක්. මේ රෙදි කඩ ඇන්දේ නැත්නම් ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා.

අවාසනාවකට සුබ්බුට සිද්ද වෙන්නේ ඔය අකරතැබ්බයමයි. නමුත් ඒ ප්‍රශ්නය අහම්බෙන් සිද්ද වුනු සිද්දියක් නිසාද කොහෙද ජ්වාලම්මා මෑණියන් අපේ සුබ්බුව බේරගන්නවා.. ඉතින් මේක කරපු කෙනාව හොයාගෙන හිමාලයට සුබ්බුත්, සුබ්බුගේ නෑ කෙනෙක් වෙච්ච රත්නා නැන්දත් පිටත්වෙනවා. හැබැයි සුබ්බු හීනෙකින්වත් නොහිතපු දෙයක් මෙතන සිද්ද වෙනවා.

මොකක්ද මේ සිද්දිය?
සුබ්බුට මුහුණ දෙන්න වුනු ලොකු ප්‍රශ්නය මොකක්ද?
එයා ඒ ප්‍රශ්නයෙන් දිනයිද?

ෆිල්ම් එක බලන්නකෝ.. එතකොට තේරෙයි.

සබ ඕනේ අය පහලට ගිහිල්ලම ඩවුන්ලෝඩ් කරගන්න.. වැඩි විස්තර ඕනේ අයට පොඩි හැල්ලක් මේ විදිහට ලියන්නම්.

අද ගේන්නේ ටිකක් වෙනස් තෙලිගු චිත්‍රපටයක්. සමහරවිට මේකට ඔයාලා කැමති වෙයි. සමහරක් විට ඔයාලා අකමැති වේවි. මොකද තනිකරම මේක කාන්තාවන් පාදක කරගෙන නිර්මාණය වුනු චිත්‍රපටයක්. මේකේ විනෝදය වගේම පොඩි දුකකුත් එන සිද්දි ගොඩක් තියෙන හින්දා ඒ වගේ ඒවා බලන අයට මේක ගොඩක්ම ගැලපෙයි.

මේ ෆිල්ම් එක තමයි Paradha. 2025 අගෝස්තු 22 වෙනිදා නිකුත් කරපු මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය ප්‍රවීන් කන්ද්රේගුලාගෙන්. (ලගදි නිකුත් කරපු ‘Subham’ කියන හොරර් ෆිල්ම් එකත් කලේ එයාමයි. මේකේ උපසිරැසිය අපේ සයිට් එකෙන් ගන්න පුළුවන්.) රචනය අධ්‍යක්ෂකතුමා එක්ක පූජිතා ශ්‍රිකාන්ති සමගින් ප්‍රහාස් බෝප්පුදීගෙන්. නිෂ්පාදනය ශ්‍රීනිවාසලු P.V එක්ක විජේ දොන්කදා සමගින් ශ්‍රීධර් මක්කුවාගෙන්. සංගීතය ගෝපි සුන්දර් ගෙන්. මේක අයිති වෙන්නේ Travel/Drama ගණයට.

රංගනයෙන් අනුපමා පරමේශ්වරන්, මලයාලම් සිනමාවේ ඉන්න දක්ෂ නිලියක් වෙන දර්ශනා රාජේන්ද්‍රන්, සංගීතා ක්‍රිෂ්, රාග් මයුර්, හර්ෂ වර්ධන්, පලාසා ජනර්ධන්, අනායා මෝහන්, කෙත්රි සුධාකර් රෙඩ්ඩි වගේ අයත්, විශේෂ රංගනයෙන් දමිල නළු ගෞතම් වාසුදේව් මෙනන් සහ එස් එස් රාජ මෞලිගේ පියා වෙන රාජේන්ද්‍ර ප්‍රසාද් යන අයත් මේ චිත්‍රපටයට දායක වෙනවා.

අනුපමා පරමේශ්වරන්ගේ මීලග චිත්‍රපට අතරින් කිශ්කින්ධපුරි චිත්‍රපටය ඉතා සාර්ථකව තිරගත වෙනවා. The Pet Detective, Bhogi, Bison, El Clasico යන ඒවා ඇයගේ මීලග චිත්‍රපටි ලැයිස්තුව වෙනවා.

මේ චිත්‍රපටයෙන් මලයාලම් සිනමාවේ දකින්න ලැබෙන මුහුණකුත් තෙලිගු සිනමාවට එකතු වෙනවා. ඒ තමයි දර්ශනා රාජේන්ද්‍රන්. එයාව නැවතත් තෙලිගු සිනමාවේ දකින්න ලබන්නේ අවුරුදු 10කට පස්සේ. ඒ ඇයගේ පලමු තෙලිගු චිත්‍රපටය වුනු ‘Moodu Mukkallo Cheppalante’ කියන චිත්‍රපටයෙන් පසුව වීම විශේෂත්වයක්. (මෙය දෙමළ සහ තෙලිගු දෙකේම ඇයගේ ආගමනය සහිටුහන් කරන චිත්‍රපටයකි.)

මේකට ලබාදීලා තියෙන IMDB අගය 6.2/10ක්. ඒ වගේම ගූගල් පරිශීලක අගය 57%ක්. ඒ වගේම මේකේ තිර කාලය පැය 2යි විනාඩි 23යි.

OTT ගැන කතා කලොත්.. මේක නිකුත් වෙන්නේ සැප්තැම්බර් 12 වෙනිදා Amazon Prime Video හරහා.

ඉස්සරහට තව ෆිල්ම් අරන් එනකල් අදට මං ගොහින් එන්නම්කෝ. තවත් සබකින් ආයේ හමුවෙනකම් ඔයාලට සුබ දවසක් !

Paradha: In the name of love (2025) Sinhala Subtitles
Paradha: In the name of love (2025) Sinhala Subtitles
Paradha: In the name of love (2025) Sinhala Subtitles
Paradha: In the name of love (2025) Sinhala Subtitles
Paradha: In the name of love (2025) Sinhala Subtitles
Paradha: In the name of love (2025) Sinhala Subtitles
Paradha: In the name of love (2025) Sinhala Subtitles
Paradha: In the name of love (2025) Sinhala Subtitles
Paradha: In the name of love (2025) Sinhala Subtitles
Original title పరధ
IMDb Rating 6 518 votes
TMDb Rating 7 1 votes

Director

Cast

Similar titles

Thandel (2025) Sinhala Subtitles
Pyali (2022) Sinhala Subtitles
Sirai (2025) Sinhala Subtitles
The Birthday Boy (2024) Sinhala Subtitles
The Christmas Ring (2025) Sinhala Subtitles
Ponniyin Selvan: Part I (2022) Sinhala Subtitles
Sesham Mike-il Fathima (2023) Sinhala Subtitles
Hridayam (2022) Sinhala Subtitles
Pichaikkaran 2 (2023) Sinhala Subtitles
Shamshera (2022) Sinhala Subtitles
Kiss (2025) Sinhala Subtitles
Varisu (2023) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published