
(Vrithra (2019) Sinhala Subtitles) (Vrithra 2019 Sinhala Subtitle)
ඉතින් හැමෝටම සුබ දවසක්. මේක තමයි මම සිනෙරු සයිට් එකේ දාන පලවෙනි සබ් එක.මුලින්ම කියන්න ඕනේ මම මේ ෆිල්ම් එකට සබ් එක ගහන්න හිතුවේ මේ ෆිල්ම් එකේ රශ්මිකා රගපානවා කියලා හිතාගෙන😂 ඒත් සබ් එක ගහගෙන ගියා ගියා හම්බුනේම නෑනේ.පස්සේ ෆිල්ම් එක ගැන තව විස්තර හොයන් යද්දි තමයි දැනගත්තේ රශ්මිකා රගපාන්න ඉදාලා එයා රගපාන්න තියෙන ෆිල්මුත් එක්ක බිසී වෙලා කියලා මේකේ රගපාන එකෙන් අයින් වෙලා, නැත්තන් මේකේ රගපාන ඉන්ද්‍රා පොලිස් විමර්ශන නිලදාරිනියගේ චරිතයට රශ්මිකා රගපාන්න ඉදලා තියෙන්නේ.කරන් ආපු සබ් එක දිගටම කරන් ආවා.
අපි දැන් ෆිල්ම් එක පැත්තට හැරුනොත් මේ ෆිල්ම් එකේ නම Vrithra 2019 මේ ෆිල්ම් එක ක්‍රයිම්, තිලර් ගනයන් වලට තමා අයත් වෙන්නේ.මේකේ ඉන්ද්‍රා කියන පොලිස් විමර්ශන නිලදාරිනියට විසදන්න මොකක් හරි කේස් එකක් දෙන්න කියලා හැමදාම ඉන්ස්පෙක්ටර්ට වද දෙනවා. ඉතින් ඉන්ස්පෙක්ටර්ම දවසක් මෙයාට සියදිවිහානි කරගත්තු කේස් එකක් බාර දෙනවා විසදන්න කියලා. විසදන්න කිව්වට විසදන්නම නෙවෙයි බොඩි එක අදුරගෙන බාර දෙන්න කියලා තමයි යවන්නේ. එච්චරටම මෙයාව ගනන් ගන්නේ නැතුව ඉන්නේ. ඉන්ද්‍රා මේ කේස් එක කිරන් කියන පොලිස් නිලදාරියත් එක්ක එකතු වෙලා විසදනවා. මේ කට්ටිය මේ මේ සියදිවිහානිකරගැනීමේ කේස් එකට සැක කරන්නේ රෑට මුරකරන මුරකාරයයි. මේක ගැන හොයන් යද්දි *අධාර් කාඩ් ( *අධාර් කාඩ් – ඉන්දියානු අද්විතීය හදුනාගැනීමේ අධිකාරිය විසින් නිකුත් කර ඇති ඉලක්කම් 12කින් යුත් පුද්ගල හැදුනුම්පතකි. මෙය ඉන්දියාවේ ඕනෑම තැනක අනන්‍යතාව සහ ලිපිනය පිලිබද සාක්ශියක් විදියට සැලකේ ) ගොඩකුත් හම්බෙනවා. ඉන්ද්‍රායි කිරනුයි මේ කේස් එක ගැන දිගටම හොයන් යද්දි මේ දෙන්නට මේ කේස් එකේ අමුතුම පැත්තක් ගැන හොයාගන්න පුලුවන් වෙනවා…
අනිත් ටික ෆිල්ම් එක බලලාම දැනගන්න.
එහෙනම් හැමෝටම සුබ දවසක් !