
(Tughlaq Durbar (2021) Sinhala Subtitles)
සුභ දවසක් වේවා හැමෝටම..!!
ඔන්න ඉතින් සෑහෙන කාලෙකට පස්සේ අද මම ආවා සුපුරුදු විදිහට දමිල චිත්‍රපටයකටම සිංහල උපසිරැසි අරගෙන , ඉතින් වැඩි විස්තර නැතුව අපි බලමු චිත්‍රපටිය ගැන තොරතුරු ටිකක්….
2021 සැප්තැම්බර් මස 10 වෙනිදා හවස 6.30 මෙම චිත්‍රපටය SUN TV ඔස්සේ රූපවාහිනී තුල විකාශනය වනවා එම විකාශයෙන් අනතුරුව චිත්‍රපටයේ පිටපත් අන්තර්ජාලයට නිකුත් උනත් නිකුත් වන්නේ HD TV RIP ඉතින් මෙම පිටපතට කිසිම ඉංග්‍රීසි උපසිරැසියක් නිකුත් උනේ නෑ වගේම එම පිටපත රූපවාහිනියේ විකාශනය වූ පිටපතයි , ඉතින් ඊට පැය කීපයකට පසුව පහුවදා එනම් 11 වෙනිදා මධ්‍යමරාත්‍රී 12.00 ට මෙහි HD RIP පිටපත් NETFLIX මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරුනා..
චිත්‍රපටයේ ප්‍රධාන නලුවා ලෙස දමිල සිනමාව තුල ” මහජන තරුව “ යනුවෙන් අන්වර්තනාමයක් දිනා ගත් විජේ සේදුපති රංගනයෙන් දායක වන අතර ප්‍රධාන නිලිය ලෙස රාෂි කන්නා රංගනයෙන් එකතු වෙනවා.ඊට අමතරව Manjima Mohan විසින් සේදුපතිගේ නැගෙනියගේ චරිතයද රඟ දක්වනවා , තව ද Karunakaran , Parthiban , Bagavathi Perumal ඇතුලු එදිනෙද දමිල සිනමාව තුල ඔබ දකින රංගන ශිල්පී ශිල්පිණියන් රැසක් මෙහි රංගනයෙන් දායක වනවා. Comedy , Drama ,Thriller යන කැටගරි වලට අයත් මෙහි ධාවන කාලය පැය 2 කුත් විනාඩි 25 කුත් වේ. තවද IMDb මීටරය තුල 6.7/10 ක අගයක්ද ගූගල් පරිශීලක මනාප 90% ක්ද මෙම දමිල චිත්‍රපටය සඳහා ලැබිලා තියෙනවා…
කතාව ගැන ටිකක් බලමු….
” සිංගම් කියන්නේ අපේ කතාවේ වීරයා ඉතින් මේ සිංගම් පොඩි කාලේ ඉපදෙන්නෙත් මැතිවරන රැස්වීමක් තුලයි එතන කතාකරන ඇමතිවරයා දිහා බලන් තම සිංගම් හැදෙන්නේ වැඩෙන්නෙ, ඉතින් මේ සිංගම්ට එක නංගි ක්නෙක් ඉපදෙනවා මේ නැගෙනිය ඉපදෙනවාත් සමඟම ඔහුගේ මව මිය යනවා , ඊට ටික කාලෙකට පසු තම බිරිඳගේ මිය යෑම දරාගන්න බැරුව මත් පැන් වලට හුරු වී ඔහුගේ පියත් මිය යනවා , එතැන් සිට තම නැගෙනියගේ වගකීම සිංගම්ගේ අතේ උනත් ඔහු යම් හේතුවක් නිසා ඔහුගේ නැගෙනියට වෛර කරනවා , ඒකට හේතුව කතාව බලලම දැනගන්න , ඉතින් කෙසේ නමුත් මේ සිංගම්ට තියෙන්නේ දේශපාලන පිස්සුවක් අර මම කිව්ව දේශපාඥයා දිහා බලන් හැදෙන වැඩෙන සිංගම් කොහොමින් කොහොම හරි ඔහුගේ ලඟටම යනවා , ඉතින් සිංගම්ව එහෙම ලංකරගන්න ඇමතිවරයා දන්නේ නෑ මේ සිංගම් දවසක හැමෝටම වැඩේ දෙනවා කියන එක ඒක සිංගම් දන්නෙත් නෑ නමුත් යම් අවස්තාවකදි ඔහුගෙන් මතුවන අනිත් පුද්ගලයා ඒක දන්නවා..”
ඉතින් එහෙනම් කතාවේ ඉතුරු ටික මේක බලලම දැනගන්න කියන ගමන් මම සමුගන්නවා…
හැමෝටම බුදු සරනයි.