Video Sources 275 Views

  • Watch trailer
Trollhunters: Rise of the Titans (2021) Sinhala Subtitles

Trollhunters: Rise of the Titans (2021) Sinhala Subtitles

They will rise.Jul. 21, 2021USA106 Min.TV-Y7
Your rating: 0
7 1 vote

Synopsis

(Trollhunters: Rise of the Titans (2021) Sinhala Sub)

ඔන්න යාලුවනේ සුපිරිම Adventure කතා මාලාවකට සම්බන්ධ චිත්‍රපටයක් ඇවිත් තියෙනවා..Tales of Arcadia වික්‍රමයන්ගෙ අවසානය Guillermo del Toro මහතා Trollhunters Rise Of The Titans චිත්‍රපටයන් නිලවශයෙන්ම අවසාන කරල තියෙනවා.

මේ චිත්‍රපටිය බලන්න කලින් ඔයාලා දැනගන්න ඕන කාරනාවක් තියෙනවා..ඒ තමයි මෙන්න මේ මන් කියන Tv series තුන මීට කලින් බලලා නැත්නම් දැම්ම මේක බලන්න එපා..මොකද ඔයාලට මේ චිත්‍රපටිය පුරාවට තියෙන විශ්මයන් වගේම ගැටලුකාරී තැන්වලට පිලිතුරු හිතාගන්න බැරිවෙන නිසා..හොදම ආශ්වාදයක් ලබාගන්න නම් ඔයාල මුලින් මෙන්න මේ Animated Tv show තුන බලන්න ඕන..

මුලින්ම 2016 ආපු කතා සමයන් තුනකින් සමන්විත වෙන Trollhunters: Tales of Arcadia කතා මාලාව බලන්න වෙනවා.. ඒ අතරට කතා මාලාවන් දෙකකින් සමන්විත 3Below: Tales of Arcadia නම් series එකත් නැරබිය යුතුමයි…අවසානයට 2019 විකාශය උනු Wizards කතා මාලාව ඔබ විසින් නැරබිය යුතුමයි…මේ තුන් කොන් කතා මාලාවල අවසානය , ඒ අනගිභවනීය කතන්දරයේ දුක් මුසු අවසානයයි මේ චිත්‍රපටියෙන් සනිටුහන් කරනු ලබන්නෙ…

ඉතින් ඒ series කෙටියෙන් විස්තර කරොත් , ජිම් නම් පාසල් තරුනයකුට trollhunter amulet නම් මායාකාරී අයිතමයක් ලැබෙනවා..පුදුමයට කාරනාව නම් මේ පලදනාව මීට පෙර මිනිසකුට ලැබී නැති එකයි.නමුත් මේ පාර සියල්ලම වෙනස් කරමින් මෙහි බලය මිනිස් කොලුවෙකු වෙත ඇදෙනවා..මිනිසුන්ගෙ අනුදැනුමකින් තොරව පොලව යට trolls නම් ජීවින් විශේෂයක් ජීවත් වෙනවා..මේ පලදනාව මර්ලින් නම් හැමෝම දන්න මායාකරුවා විසින් ඔවුන්ව නපුරෙන් ආරක්ෂා කිරීමට නිර්මානය කරනු ලැබුවා..ඉතින් මේ පලදනාව ජිම්ට හමු උනාට පස්සෙ හැම දෙයක්ම ඉතා ඉක්මනින් වෙනස් වෙනවා…අලුත් නපුරක් ඇති වෙනවා..අලුත් බලයන් නිදහස් වෙනවා..ඒ වගේමයි මේ මායාකාරී යුද්ධයට පිටසක්වලිනුත් එකතු වෙනවා..ඉතින් තේරෙනව නේද මේ tales of arcadia කතා මාලාවන්ගෙ තියෙන විශේෂත්වය…බලපු අය දන්නව ඒකෙ අගේ වගේම නොබලපු ඔයාල හැමෝටම මම කියන්නෙ මේක තමයි ඔයාලට ඒ විශිෂ්ට නිර්මානය රස විදින්න පටන් ගන්න තිබෙන හොදම අවස්තාව…

ඉතින් පුරා වසර ගනනාවක් පුරා animation රසිකයන්ව ඇද බැද තබා ගැනීමට සමත්උන ආකේඩියාවේ වීරයන්ගෙ තවත් වික්‍රමයක් ගොඩක්ම අපූරුවට ඔයාලට මේ කතාවෙන් බලාගන්න පුලුවන්..

NETFLIX හරහා විකාශය වෙමින් පැය 1 කුත් විනාඩි 45 ක් පුරා දිවෙන මේ චිත්‍රපටය මේ වනවිට IMDB දර්ශකය 7.4 ක් දක්වා කැරකැවීමට සමත්වෙලා තිබෙනවා..

ඉතින් මේකෙ කතාව පැත්තට හැරුනොත් ⁣ට්‍රෝල්හන්ටර්ගෙ පලදනාවේ විනාශයත් සමග නැගී සිටින බලගතු මායාකරුවන් ( Wizard කතා මාලාව නරබන්න ) තිදෙනෙක් ලෝකය එහි විනාශය අද්දරට රැගෙන යමින් පෘථිවියෙන් ජීවය තුරන් කිරීමට මේ පාර උත්සහ කරනවා..අකිරීඩියන් වල පිටසක්වල මිතුරන් ( 3below කතා මාලාව නරබන්න ) සහ ආකේඩියාවෙ අපේ වීරයන් මේ නපුර හා සටන් කරන්න ලෝකට ඉදිරියට පැමිනෙනවා..මේ අතර තුර අලුත් Trollhunter amulet එකක් නිර්මානය කරමින් නැවතත් ට්‍රෝල් හන්ටර් වරයකු වීමට ජීම් උත්සහ කරන අතර තමන්ගෙ උපරිමය යොදමින් මේ නපුර පරාද කිරිමට නොබියව සියල්ලන් පෙල ගැසෙනවා…

ඉතින් යාලුවනේ , ආකේඩියාවෙ අලුත්ම වික්‍රමය ගොඩාක් විශ්මිතයි කියල මම සහතික වෙනවා..මේ කතාව පුරාවට අහිමි වීම් මෙන්ම අපිට දුකක් ගෙන ඒමට සමත්වෙන සිදුවීම් බොහෝමයි..සැබෑ trollhunters ප්‍රෙක්ෂකයන්ට මේ උනේ මොකක්ද ඊලගට මොකක් වේවිද කියන ප්‍රශ්නාර්තය ඉතුරු කරමින් mind twisted ending එකක් ලබා දෙන්න Guillermo del Toro මහතා කටයුතු කරල තියෙනවා…. හොදයි යාලුවනේ එහෙනම් ඔයාල හැමෝම මේ චිත්‍රපටිය රස විදීවි කියල මම හිතනවා..ආයිමත් අලුත් උපසිරැසියකින් නැවතත් හමුවෙමු..ජය වේවා !!!

Trollhunters: Rise of the Titans (2021) Sinhala Subtitles
Trollhunters: Rise of the Titans (2021) Sinhala Subtitles
Trollhunters: Rise of the Titans (2021) Sinhala Subtitles
Trollhunters: Rise of the Titans (2021) Sinhala Subtitles
Trollhunters: Rise of the Titans (2021) Sinhala Subtitles
Original title Trollhunters: Rise of the Titans
IMDb Rating 6.6 5,398 votes
TMDb Rating 7.7 272 votes

Director

Cast

Emile Hirsch isJim (voice)
Jim (voice)
Lexi Medrano isClaire (voice)
Claire (voice)
Charlie Saxton isToby (voice)
Toby (voice)
Kelsey Grammer isBlinky (voice)
Blinky (voice)
Alfred Molina isArchie (voice)
Archie (voice)
Steven Yeun isSteve (voice)
Steve (voice)
Nick Frost isStuart (voice)
Stuart (voice)
Colin O'Donoghue isDouxie (voice)
Douxie (voice)
Diego Luna isKrel (voice)
Krel (voice)
Tatiana Maslany isAja (voice)
Aja (voice)

Similar titles

Maanaadu (2021) Sinhala Subtitles
Zack Snyder’s Justice League (2021) Sinhala Subtitles
The Woman King (2022) Sinhala Subtitles
Viruman (2022) Sinhala Subtitles
Paappan (2022) Sinhala Subtitles
Tom Clancy’s Without Remorse (2021) Sinhala Subtitles
My Name Is Vendetta (2022) Sinhala Subtitles
Raya and the Last Dragon (2021) Sinhala Subtitles
Godzilla vs Kong (2021) Sinhala Subtitles
400 Bullets (2021) Sinhala Subtitles
Laabam (2021) Sinhala Subtitles
Vivo (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published