
(Thittam Irandu (2021) Sinhala Subtitles)
“දෙවන සැලසුම “
සුභ දවසක් වේවා හැමෝටම ඔන්න ඉතින් සෑහෙන කාලයකට පස්සේ තමා සබ් එකකට අත ගැහුවේ , හේතුව වැඩ එක්ක ටිකක් කාර්යබහුල උනා ටිකක් නෙමේ ගොඩක් , කොහොම උනත් ඉතින් ඔන්න අද අපි අරගෙන ආවෙ මීට දවසකට ඉහතදී ott මාධ්‍ය හරහා අන්තර්ජාලයට නිකුත් වූ Thittam Irandu (2021) දමිල චිත්‍රපටයට සිංහල උපසිරැසි අරගෙනයි.
2021 ජුලි මස 30 වෙනිදා අන්තර්ජාලයට මුදා හැරෙන මෙම දමිල චිත්‍රපටය Drama / thriller ශාරනයට අයත් වෙන අතර මෙහි ප්‍රධාන නලුවෙක් නෙමේ ප්‍රධාන නිලියක් තමා මුල් තැන ගන්නේ . ඒ දමිල සිනමාව තුල තමන්ගේ දක්ෂකම් උදහා පාමින් කෙටි කලකින් මහජනයාගේ හිත දිනාගත්තු නිලියක් වන Aishwarya Rajesh විසිනි.
Vignesh Karthick මහතා විසින් අධ්‍යක්ෂනය කර ඇති මෙම චිත්‍රපටය Mini Studios & Sixer Entertainment යන නිෂ්පාදන ආයතන හරහා නිපදවා ඇත , පැය 1 කුත් විනාඩි 57 ක් පුරාවට ඉතාමත් කුතුහලයෙන් නැරඹිය හැකි දමිල චිත්‍රපටයක් විදිහට මෙම චිත්‍රපටය #රෙකමන්ඩ් කරන්න පුලුවන්…
කතාව ගැන ටිකක් බැලුවොත් මෙහෙමයි….
තමන්ට ලැබෙන පොලිස් පරීක්ෂක තනතුරෙහි වැඩ භාරගැනීමට චෙන්නායි කරා පිටත් වෙන අදීරා ට මුන ගැහෙනවා අර්ජුන් නමින් කොල්ලෙක් , ඉතින් කෙටි කලක් තුල නොසිතූ ලෙස ඇගේ හිත හොරාගන්නා අර්ජුන් සමඟ ඉන්න අතරේ, හදිසියේම ඇයට ආරංචි වෙනවා කුඩා කල සිටම ඇගේ හොඳම මිතුරිය වූ ” සූර්යා” ගේ අතුරුදහන්වීම , මෙය ආරංචි වෙන ඇය වහාම දුවන්නේ ඇගේ මිතුරියගේ නිවසටයි ඒ වගේම එය තමා ඇගේ කුලුඳුල් නඩුවද වෙන්නේ, ඉතින් මෙලෙස ඇගේ මිතුරිය සොයමින් ඉන්නා අතරදී ඇයට දැනගැනීමට ලැබෙන්නේ නොසිතූ පුවතක් , ඒ පුවතත් සමඟම නොසිතූ අතකට හැරෙන මෙම කතාවේ කුතුහාලාත්මක ආරම්භයද එයයි.
මෙවැනි ප්‍රශ්න රාශියක් දැන් ඔයාලගේ හිතේ මතු වෙලා ඇති ඉති මේවාට උත්තර හොයන්න නම් ඔයාලට චිත්‍රපටිය බලන්නම වෙනවා… එහෙනම් තවත් දවසක මුනගැහෙමු..
හැමෝටම බුදු සරණයි.