
(The Unbearable Weight of Massive Talent (2022) Sinhala Subtitles) (The Unbearable Weight of Massive Talent (2022) Sinhala Sub)
The Unbearable Weight of Massive Talent 2022 යනු ඇමරිකානු Action | Comedy චිත්‍රපටයකි.Tom Gormican විසින් අධ්‍යක්ෂණය සහ රචනය කර ඇති මෙම චිත්‍රපටයට මෙහි ප්‍රධාන නළු Nicolas Cage වගේම Mike Nilon,Kristin Burr,Kevin Turen විසින් නිෂ්පාදනය දායකත්වය සපයා ඇත.චිත්‍රපටය 2022 මාර්තු 12 වන දින සවුත් බයි සවුත්වෙස්ට් හි ලෝක මංගල දර්ශනය පැවැත් වූ අතර 2022 අප්‍රේල් 22 දින එක්සත් ජනපදයේ නිකුත් කරන ලදී.
කතාව පැත්තට හැරුනම…
නිකොලස් කේජ් කියන්නෙ හොලිවුඩ් නළුවෙක්.මෙයාගෙ වෘත්තිය නිසා හිටපු බිරිඳ ඔලිවියා සහ දියණිය ඇඩී සමග තියෙන සම්බන්ධය ටිකෙන් ටික විනාශ වෙලා ගිහින්.ඇඩීගේ උපන්දින සාදයේදී වෙන නින්දා සහගත සිදුවීමක් නිසාත්…ප්‍රධාන චිත්‍රපට භූමිකාවක් අහිමි වීම නිසාත් කේජ් රංගනයෙන් විශ්‍රාම ගන්න හිතනවා.මේ අතරේ මෙයාට බිලියනපතියෙක් වන ජාවි ගුටරෙස්ව මුණගැහෙන්න වගේම ඔහුගේ උපන්දින සාදයේ අමුත්තෙක් වෙන්න ආරාධනයක් ලැබෙනවා…මෙයා මෙහෙ යන අතර මගදි පොඩි සිද්ධියක් වෙනවා.ඒක හරියටම දැනගන්න නම් කතාව බලන්න වෙනවා.හිතාගන්න බැරි…අදහගන්න බැරි දේවල් ගොඩක් සිද්ධවෙනවා…මේ ජාවි කියන්නෙ ලොකු මැර කල්ලියක ලොක්කෙක්..අවි ජාවාරමක ලොක්කෙක්…ඒත් මේක නික් දැනගන්නකොට පරක්කු වැඩී.කතාවෙ විදිහට ජාවි කෙල්ලෙක්ව පැහැරගෙන..හේතුව මොකද්ද කියලා බලනකොට තේරෙයි..ඉතින් මෙයාට මෙහෙයුමක් ලැබෙනවා..ඒ ජාවිගෙ තොරතුරු ගන්න CIA එකට උදව් කරන්න..CIA එකට උදව් කරන්න? ඒ කොහොමද? නික් කොහොමද CIA එකත් එක්ක සම්බන්ධ වෙන්නෙ..?අනික මෙයාට මේ ලැබෙන වැඩේ අනාගන්නෙ නැතුව කරගන්න පුළුවන් වෙයිද…?
මේ ඔක්කොටම උත්තර ෆිල්ම් එක ඇතුලෙ තියෙනවා..ඉතින් කිසිම කම්මැලි කමක් නැතුව…අන්තිම වෙනකල් හිතාගන්න බැරුව…හිනා වෙවී බලන්න පුළුවන් ෆිල්ම් එකක්…අනිවාරෙන්ම බලන්න.