
(The Devils Child (2021) Sinhala Subtitles) සුභ දවසක් කිව්ව ඕං කට්ටියටම්. මේ තමා මගේ පලවෙනි උපසිරැසිය. ඉතින් මං අරන් ආවෙ නම් hrror ෆිල්ම් එකකට සබ් එකක්. මේ ෆිලුම ගැන පොඩ්ඩක් කියැහැව්වොත්, චෙරී කියන ගෑණු ලමය රස්සාව විදිහට හෙද වෘතිය තමා කලේ ඒත් එක හේතුවක් නිසා, මෙයාගෙ රස්සාව නැති වෙනව පස්සෙ, රස්සාව විදිහට වයසක ලෙඩෙක් බලාගන්න කැලෑවක් මැද වගේ පාලු බංගලාවකට යනව. ඒ ගෙදර ඉන්නෙ නයෝමි කියන ගෑණු කෙනයි, එයාගෙ තාත්තයි. පේන විදිහට නම් ඒ අය එක විදිහක් වගේ.., ඉතින් මේ . චෙරීට මේ බංගලාවෙ ඉදිදි , එක එක අමුතු සද්ද, අමුතු අමුතු අත්භූත දේවල් වෙන්න පටන් ගන්න කියල දැනෙන්න ගන්නව. මුලදී නම් කියවෙන්නේ, හැලවෙල්ස් කියන පරම්පරාවටම ඉතුරු වෙලා ඉන්නෙ මේ නයෝමි කියන ගෑනු කෙනයි, එයාගෙ තාත්ත ලුයී මහත්තයයි එයාගෙ නංගි වයලට් කියන කෙනයි විතරයි ,
අනික තමා මේ වයලට් ව පවුලෙන් එලවල තියෙනව එක හේතුවක් නිසා. ඒත් මැද හරියෙදි මේ පවුලට චෙරීගෙත් එක සම්බන්දයක් තියෙනව කියල එයාට හිතෙන්න ගන්නෙ, පොඩි කාලෙ එයාගෙ ආච්චි දුන්න වගේම මාලයක් ඒ බංගලාවෙ ඉන්න පොටෝ එකක් දාගෙන ඉන්නව කියල දැක්කට පස්සෙ. එහෙම වෙන්න පුලුවන්. ඒත් මටනම් හිතෙන්නෙ චෙරීගෙ ආච්චි එයාට දීල තියෙන්නේ වෙනස්, විෂේෂ මාලයක් කියලයි. මොකක්ද මේ සම්බන්දෙ ?? මොනවද මේ චෙරීට ඇහෙන , පේන අත්භූත දේවල් ?? මොකක්ද ඉස්සරහට වෙන්නෙ ?? මේව දැනගන්නනම්, ඔයාලට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා. මට මෙතන ජැක් ගෙ බෝංචි වැල වගේ කතාව කියන්න ඉඩක් ගන්න බෑනෙ.. අනික එතකොට මේ ෆිල්ම් එකේ බලන්න දේකුත් ඔයාලට ඉතුරු වෙන්නෙ නෑ නෙව. ඉතින් ඔයාල මේ ප්රශ්න වලට උත්තර මේ ෆිල්ම් එක බලලම හොයාගන්න. ඒනං යකුනේ අපි ගියා…
මම තවත් උපසිරැසියක් අරන් ඉක්මන්ටම එන්නම්. කට්ටියම මේ ෆිලුම බලන් සැපේ ඉන්න. 🙂