Video Sources 746 Views

  • Watch trailer
The Damned (2024) Sinhala Subtitles

The Damned (2024) Sinhala Subtitles

Jan. 03, 2025United Kingdom89 Min.R
Your rating: 0
8 1 vote

Synopsis

(The Damned (2024) Sinhala Subtitles) (The Damned (2024) Sinhala Sub)

මම අද අරගෙන ආවෙ The damned එහෙම නැත්තම් “විනාශය” කියන ෆිල්ම් එකට සිංහල උපසිරුසි පිටපතක්.මේ ෆිල්ම් එක Horror/Mystery කියන කැටගරි එකට තමා වැටෙන්න.1h 29mක් පුරා දිවෙන මේ ෆිල්ම් එකනම් අන්ධ විශ්වාස එහෙම නැත්තම් මිත්‍යා විශ්වාස ගැන විශ්වාසය තියෙන..ඒ මතම වැඩ කරන අය බලන්නම වටින ආදර්ශමත් කතාවක්.

මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නෙ Thordur Palsson කියන අධ්‍යක්ෂකවරයා.IMDB දර්ශකයේ 8.1ක අගයක්,Rotten Tomatoes දර්ශකයේ 90%ක අගයක් සහ Letterboxd 2.9/5 ක අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා.

ෆිල්ම් එකේ කතාව ගැන කිව්වෙත් ශීත කාලයේ උතුරෙ මාළු අල්ලල ජීවත් වෙන කණ්ඩායමක කතාවක් තියෙන්නෙ.අපේ ප්‍රධාන චරිතය තමයි “මිස් ඊවා” කියන්නෙ.මිස් ඊව තමයි මාළු අල්ලන ටීම් එකේ නායකයා.කතාව පටන් ගන්නෙ මාළු ගබඩා කරල තියන්න පුළුවන් රාක්ක ටිකක් පෙන්නලා.රාක්ක හැම එකක්ම හිස්, බැලු බැලු අත හිම විතරයි.දවසක් මේ අය මාළු අල්ලන්න මුහුදු යන්න හදද්දි දකිනවා ඈත මුහුද්‍ර ගල් වල හැප්පිලා ගිලෙන නැවක්.මෙයාලගෙ කන්ඩායමෙන් සමහරක් එයාලව බේරගන්න කතා කරද්දි ගොඩක් අය කතා කරන්නෙ බේරගන්න බෑ කියලා,බේරගත්තත් ඒ අයට කන්න දෙන්න කියා අපිටවත් කන්න කෑම නෑ කියලා.මිස් ඊවත් එයාලව බේරගන්න ඉදිරිපත් වෙන්නෙ නෑ.එයාලට කරන ගෞරවයක් විදිහට එදා මුහුදු නොයා ඉන්න තීරණය කරනවා.

පහුවදා ඊවා මුහුදු වෙරලෙ ඇවිදින්න යද්දි එයාට හම්බ වෙනවා මස් පිරුණු ලොකු බැරල් එකක්.ඒක හම්බ උන නිසා එයාල තීරණය කරනවා නැව ගිළුණු තැනට ගිහින් බලන්න.එතනදි එයාලට හම්බවෙනවා නැවෙන් බේරුන ගල් උඩට වෙලා ඉන්න මිනිස්සු.එත් එයාලව බේරගන්නෙ නෑ මොකද මෙයාල යන්නෙ පොඩි බෝට්ටුවක ඒ අය බේරගන්න තරම් ඉඩ මදි.නැවේ මිනිස්සු මුහුදට පැනලා බෝට්ටුවට එන්න හදනවා.ඒත් බොට්ටුවත් ගිලුනොත් එයාලත් අනාත වෙන නිසා බෝට්ටුවට එන්න දෙන්නෙ නෑ හබල් වලින් ගහල එලවනවා.ඒ අතරෙ එක කෙනෙක් ඊවගෙ අත අල්ලගන්නවා ඊවා කෑ ගහනවා.කණ්ඩායමේ කෙනෙක් ඊවව බේරගන්න අර කෙනාගෙ ඔලුවට පොරොවකින් ගහනවා,එතනදි ඊවගෙ කණ්ඩායමේ අණ දෙන්නා මුහුදට වැටිල මැරෙනවා.කොහොම හරි එතනින් මෙයාල ආපහු එනවා.

පහුවදා දකිනවා අර මැරුණු මිනිස්සු මුහුදට ගොඩ ගහල තියෙනවා.”මේ සීන් එකනම් ඉක්මනට ශොක් වෙන අය පරිස්සමින් බලන්න”,ඊවගෙ කන්ඩායමේ ඉන්නවා හෙල්ග කියල ගෑණු කෙනෙක් මිත්‍යා විශ්වාස ගැන විශ්වාස කරන.හෙල්ගා කියනවා මුහුදෙදි මැරුණම මිනිස්සු යක්කු වෙලා එනව කියලා.ඒ යකාට කියන්නෙ “ඩ්‍රගුර්” කියලා.මේ යකා ඇත්තටම එනවා..මෙතනින් එහාට මම කියන්නෙ නෑ..

මේකත් කියන්න ඕන…මම හිතපු නැති විදිහටයි මේ කතාව ඉවර උනේ…මෙයාලට මේ යකාගෙන් බේරෙන්න පුළුවන් වෙයිද….ඩ්‍රගුර් එයාගෙ පලිය ගනියිද…ඒක දැගනන්න ෆිල්ම් එක බලන්න කියල ආරාධනා කරනවා

 

The Damned (2024) Sinhala Subtitles
The Damned (2024) Sinhala Subtitles
The Damned (2024) Sinhala Subtitles
The Damned (2024) Sinhala Subtitles
The Damned (2024) Sinhala Subtitles
The Damned (2024) Sinhala Subtitles
The Damned (2024) Sinhala Subtitles
The Damned (2024) Sinhala Subtitles
The Damned (2024) Sinhala Subtitles
The Damned (2024) Sinhala Subtitles
Original title The Damned
IMDb Rating 5.7 3,530 votes
TMDb Rating 5.938 56 votes

Similar titles

Black Phone 2 (2025) Sinhala Subtitles
Unknown Origins (2020) Sinhala Subtitles
Desingu Raja 2 (2025) Sinhala Subtitles
Karnan (2021) Sinhala Subtitles
Kuri (2022) Sinhala Subtitles
Madhuram Jeevamruthabindu (2025) Sinhala Subtitles
The Alto Knights (2025) Sinhala Subtitles
Wicked (2024) Sinhala Subtitles
Romeo (2024) Sinhala Subtitles
Marty Supreme (2025) Sinhala Subtitles
Emancipation (2022) Sinhala Subtitles
Parking (2023) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published