
(Sound Of Metal (2019) Sinhala Subtitles) 93 වෙනි ඇකඩමි සම්මාන උළෙල තුලදී ඔස්කාර් සම්මාන 6කට නිර්දේශ උන ඉන් 2 ජයග්රහණය කරන්න සමත් උන වගේම IMDb 7.8 අගයකුත් Rotten Tomatoes අගය 97% විදිහටත් සළකුණු උන හොද ෆිල්ම් එකක්. කතාව ගලායන්නේ Heavy Metal සංගීත ශෛලියේ නිරතවෙමින් ඉන්න කපල් එකක් වටා.ඔවුන් තැනින් තැනට සංචාරය කරමින් සංදර්ශන පවත්වමින් යන අතරතුරේ දවසක් බෑන්ඩ් එකේ ඩ්රම් වාදකයා විදිහට ඉන්න රූබන්ගේ කන් ඇහීම නැති වෙලා යනවා…
මියුසික් බෑන්ඩ් එකක් කරන කෙනෙක්ට තමන්ගේ ඇසීම කොච්චර වටිනවද කියලා ඔිනේම කෙනෙක් දන්නවා.ඉතිං මේ රූබන්ට එයාගේ කන් ඇහීම නැතිවීමත් එක්ක ඔවුන්ගේ ජීවිත කොයි අතට හැරෙයිද?? මේකට විසදුමක් හම්බෙයිද?? කියලා ෆිල්ම් එක බලලා දැනගන්න පුළුවන්. ගහමරාගන්න සීන් නැති උනාට ලස්සන ෆිල්ම් එකක් මේක. $5.4 million Budget එකක් යොදවලා හදපු මේ ෆිල්ම් එක $335.834 ක Box office වාර්තාවත් තියන්න සමත් වෙලා තියෙනවා..