(Sarkaru Vaari Paata (2022) Sinhala Subtitles) (Sarkaru Vaari Paata (2022) Sinhala Subtitle) (Sarkaru Vaari Paata Sinhala Subtitle) (Sarkaru Vaari Paata 2022 Sinhala Sub)
ආයුබෝවන් යාලුවො හැමෝටම ! ඔන්න සෑහෙන කාලෙකට පස්සෙ උපසිරැසියක් අරගෙන ආවා.මතක විදියට ජනවාරි වලින් පස්සෙද කොහෙද මේ.ඉතින් අලුත්ම තෙලිඟු ෆිල්ම් එකකට තමා මේ උපසිරැසිය කලේ.
හරි එහෙනම් චිත්‍රපටය ගැන පොඩ්ඩක් කියන්නම්.තෙලිඟු සිනමාවේ සුපර් ස්ටාර් මහේෂ් බාබු රංගනයෙන් එක් වන බොක්ස් ඔෆිස් ආදායම් තැබූ එයාගෙ අලුත්ම ෆිල්ම් එක තමා මේක.ඉන්දියානු රුපියල් කෝටි 60 ක වියදමකින් නිම වුනු මේ චිත්‍රපටය ඉන්දියානු රුපියල් කෝටි 205 කට අධික බොක්ස් ඔෆිස් ආදායමක් ලබාගන්න සමත් උනා.චිත්‍රපටය නිකුත් වුනේ පහුගිය මැයි 12 වෙනිදා.2020 වර්ශයට පසුව කොරෝනා වසංගතයෙන් පස්සෙ කාලෙකින් තමා එතකොට මේ මහේශ්ගෙ ෆිල්ම් එකක් රසිකයන්ට බලන්න හම්බුනේ.Parasuram විසින් අධ්‍යක්ෂණය කල මේ චිත්‍රපටය Mythri Movie Maker බැනරය යටතේ තමයි නිෂ්පාදන උනේ.ඒ වගේම Thaman ගෙ විශිෂ්ඨ සංගීතයෙනුත් මෙය හැඩ ගැන්විලා තියෙනවා.මහේෂ් එක්ක රංගනයෙන් එක් වෙන්නෙ ජනප්‍රිය නිලි කීර්ති සුරේෂ්.
ඉතින් මේ දෙන්න පලවෙනි වතාවට තමයි මෙහෙම ෆිල්ම් එකකින් එකතු වෙන්නේ.මහේෂ්ගෙ ෆිල්ම් එකක රගපානව කියන්නෙ ඉතින් හැම නිලියෙක්ම වගේ ආස කරන දෙයක්නේ.
හරි කතාව පොඩ්ඩක් මතක් කලොත්.
මහී කියන්නෙ ඇමරිකාවෙ ඉන්න මූල්‍ය ආයතනයක් කරගෙන යන කෙනෙක්.මෙයා කරන්නෙ මිනිස්සුන්ට සල්ලි ණයට දෙන එක.හැබැයි ඉතින් පොල්ල තියනවනම් බොරු මොකද ගහල හරි පොලියත් එක්ක ණය මුදල මෙයා ආපහු අරගන්න හින්දා.ඒ වෙනුවෙන් එයා ඕන රිස්ක් එකක් ගන්නවා.ඉතින් ඔහොම යද්දි තමා මෙයාට කලාවතී හම්බෙන්නෙ.හැබැයි ඉතින් ඒ හෙනම ප්ලෑන් එකක ප්‍රතිපලයක් විදියට.
ඉතින් ඊට පස්සෙ මොකද වෙන්නෙ කියල ඔයාලම බලන්න.තව සෑහෙන්න දේවල් ඉස්සරහට වෙනව.ඉතින් හැඟීම්බර දේවල් වගේම වර්තමානෙ ලංකාව මුහුන දීල ඉන්න ආර්තික ගැටලු වලට දේශපාලුවො වග කියන්න ඕන විදියකුත් මේකෙත් යනවා.බලය පාවිච්චි කරල තමන් වෙනුවෙන් කරන දේවල් නිසා අහිංසක මිනිස්සු තමා ඒවයෙන් විඳවන්නෙ.ඒකත් මැනවින් මේකේ පෙන්නයි.
එහෙනම් කට්ටිය ෆිල්ම් එක අරගෙන බලන්න.ඉඩක් ලැබුනොත් ආයි සබ් එකක් අරගෙන එන්නම්.හැමෝම පරිස්සමෙන් ඉන්න.
ඔබට ජය !