
(Sara’S (2021) Sinhala Subtitles) Sara’s මලයාලම් චිත්‍රපටියට උපසිරැසියක් අරගෙනයි මේ ආවේ. මේක Drama/Romance ඝණයට අයත් වෙනවා. IMDb අගය 6.9ක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටියට හැමෝම අඳුරන Anna Ben රංගනයෙන් දායක වෙනවා. තව Sunny Wayne ත් ප්‍රධාන රංගනයකින් දායක වෙනවා.
කථාව දිහාට හැරුණම සාරා කියන්නෙ චිත්‍රපටියක් අධ්‍යක්ෂණය කරන්න බලන් ඉන්න කෙනෙක්. මෙයාගෙම කියලා කථාවක් එහෙම ලියාගෙන චිත්‍රපටියක් කරන්න තමයි වුවමනාව තියෙන්නෙ. ඉතිං ඔහොම තිර පිටපතට අවශ්‍ය කරුණු වගයක් විස්තරාත්මකව දැනගන්න කෙනෙක් ළගට යනවා. එහෙදි තමයි සාරාට ජීවන්ව මුණගැහෙන්නෙ. මේ දෙන්නා අතරේ ආදරයක් ඇති වෙනවා.
සාරා කියන්නේ, ළමයි හදන්න ස්කොලේ කාලෙ ඉදන්ම අකමැත්තෙන් හිටපු කෙනෙක්. ඒ නිසාම එයාට පෙම්වතුන් ගොඩ දෙනෙක්වම අහිමි වෙනවා. ඉතිං ජීවන් කියන්නෙත් ළමයින්ව එපා වුන කෙනෙක්. මේ දෙන්නා මේ හේතුව මත තමයි සෙට් වෙන්නෙත්. මේ දෙන්නගෙ කසාදෙත් වෙලා “ළමයි” කියන කාරණාව සමග ප්‍රශ්නත් එක්කම ගමන් කරද්දි තමයි යම් සිඳුවීමක් වෙන්නේ. ඒ සිදුවීම මත පදනම්ව කතාව ඉදිරියට ගලන් යනවා..
“Better not be a parent than be a bad parent”
ලස්සන සිංදුවත් එක්කම සංයෝජනය වුන චිත්‍රපටියක් තමයි. ගොඩක් අය ඉල්ලපු නිසා තමයි නොකරන්න හිටපු මේ චිත්‍රපටියට උපසිරැසියක් හදිසියේම අරන් ආවේ. එහෙනම් බලන්නකො.