
(Saani Kaayidham (2022) Sinhala Subtitles) (Saani Kaayidham (2022) Sinhala Subtitle) (Saani Kaayidham Sinhala Subtitle) (Saani Kaayidham Sinhala Sub) (Saani Kaayidham 2022 Sinhala Subtitle)
කොහොමද කට්ටියට ඔන්න ඉතින් ආයෙත් අලුතෙන් ආපු දෙමළ ෆිල්ම් එකක් අරගෙන තමයි අපි ඇවිත් ඉන්නේ.. ඉතිං මේ චිත්රපටයට උපසිරැසි අරගෙන ආවෙ ගොඩක් කාලේකට පස්සේ..මොකද මේ දවස් වල ඉගෙනීම් වැඩකටයුතු වල එහෙම යෙදිලා ඉන්න නිසා..ඉතිං මේ චිත්රපටයට උනත් මම උපසිරැසි අරං ආවේ තනියම නෙමෙයි ශේන් කෙවින් සහොදරයාගේ අත් උදව්වද ඇතුව…
ඉතිං මේ චිත්රපටයට උපසිරැසි නිර්මාණය කිරිමෙදි යම් අස්වැසිල්ලක් වෙමින් මූලික අඩිතාලම දැමීම හේතුවෙන් අපේ Scrat N (නාරා) සහොදරයට ස්තුති වන්ත වෙනවා..
ඉතිං අපි මේ ෆිල්ම් එකේ ලිපිය පැත්තට දැන් යමු…
මේ ෆිල්ම් එකේ නම Saani Kaayidham (2022) ඔව් ඉතිං නම ඇහුව්වම ටිකක් වගේ අමුත්තක් දැනෙනවා තමා.. මම නමේ තේරුම මෙහෙම පැහැදිලි කරන්නම්.
Saani ( අපිරිසිදු ) Kaayidham ( කඩදාසිය ) “අපිරිසිදු කඩදාසිය” වගේ තේරුමක් තමා එන්නේ..ඉතිං මේ නමේ තේරුම ෆිල්ම් එකේ අන්තර්ගතයත් එක්ක බැලුවාම “නීතිය හරි හැටි ක්රියාත්මක නොවෙන ජාරාත්මක සාමජයක්” මෙයින් පෙන්වා දෙන්න පුළුවන්..
ඉතිං අපි මේ ෆිල්ම් එකේ අධ්යක්ෂණයේ ඉඳලා පටන් ගමු නේද.. මේ ෆිල්ම් එකේ අධ්යක්ෂණය ” අරුන් මතීස්වරන් “ එයාගේ මුල්ම සිනමා අධ්යක්ෂණය මේ අවුරුද්දේ ආපු ” ROCKY ” කියන දෙමළ ෆිල්ම් එක.. ඒකෙන් පස්සේ එයා කරපු දෙවනි ෆිල්ම් එක තමයි මේක..
දැන් පොඩි වෙලද දැන්විමක් 🙂
ඔයාලට රොකි (2022) ෆිල්ම් එක බලන්න ඕනි නම් Screat N (නරා) සහෝදරයගේ උපසිරැසි ගොනුව මෙම cineru.lk වෙබ් පිටුවෙන්ම ලබා ගන්න පුළුවන්…
හරි ඔන්න දැන් ඇඩ් එක ඉවරායි…😁
එතකොට මේ Saani Kaayidham (2022 ) ෆිල්ම් එකේ ප්රධාන රංගනය සුරූපී නිලි “කීර්ති සුරේෂ්” සහ සුපිරි චිත්රපට අධ්යක්ෂක කෙනෙක් වන “සෙල්වරාඝවන්” විසින් රංගනය කරනවා…සෙල්වරාඝවන් ගැන ඔයාලට අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ ඉතිං…
කීර්ති සුරේෂ්
සෙල්වරාඝවන්
මේ ෆිල්ම් එක 2022 මැයි මාසේ 06 වෙනිදා තමයි “Amozon Prime Video” හරහා OTT ෆිල්ම් එකක් විදිහට එලියට ආවේ.. මේ ෆිල්ම් එකේ සංගීතය “සෑම් CS” , නිෂ්පාදනය “සිද්ධාර්ත් රවිපති”
කතාව පැත්තට යමු නේද….
ම්ම්.. කතාව ගැන මේ විදිහට පොඩි ලගු කිරීමක් විදිහට කියන්නම්… මේ චිත්රපටය ආරම්භයේ ඉඳලා අවසානය වෙනකල්ම එක කාන්තාවකගේ ඒ කියන්නේ (පොන්නිගේ) පලිගැනීමක් තමයි තියෙන්නේ.. ඒ පලිගැනීමට හේතුව චිත්රපටයේ තියෙනවා.. වෙලාවකට ඒ පලිගැනීම සාධාරණද කියලත් හිතෙනවා.. නීතිය හරියට ක්රියාත්මක නොවෙන වෙලාවක අපිට නීතිය අතට ගන්න වෙනවා.. ඒත් ඒක සාධාරණ නැහැ.. ඒත් අනේ මන්දා වෙන මොනවා කරන්නද කියලත්.. ඉතින් මේ ගැන තමයි මේ ෆිල්ම් එක.. ඔයාලම මේ ෆිල්ම් එක බලන්න.. කාලෙකට පස්සේ ආපු ලස්සන දෙමළ ෆිල්ම් එකක් මේක..
තව මේ ෆිල්ම් එකේ කුලබේද ගැනත් තියෙනවා.. ඉන්දියාවේ වගේම හුඟක් රටවල් වල කුලබේද කියන එක තියෙනවා එක එක විදිහට..
අනික මම මේ අවුරුද්ද තුල නරඹන ලද හොදම දමිළ සිනමාපටය මෙය කියලා ඔබලට බය නැතුව මේ සලරුව මා විසින් නිර්දේශ කරනවා..
එහෙනම් අදට සමුගන්නම්.. ආයේ අලුත් ෆිල්ම් අරගෙන ඔයාලව හමුවෙන්න එන්නම්..