
(Ramarjuna (2021) Sinhala Subtitles)
අයුක්තියට එරෙහිව සටන් කරන එක වරදක් නෙමෙයි .
ඒත් එහෙම සටන් කරලා අපේ මිනිස්සු නැති කර ගන්න ඕනි නෑ .
ඔයාගේ කෝපය වැරැද්දක් කියලා මම කියන්නේ නෑ .
අපේ මිනිස්සු කරපු පාපය මොකක්ද?
එක මිනිහෙක් ඇවිල්ලා අපේ ඉඩම ඉල්ලනවා.
තවත් මිනිහෙක් ඇවිල්ලා අපෙන් ජන්දෙට මනාප ඉල්ලනවා .
ඒ වගේම උබ වගේ උන් අපේ ජීවිත නැති කරන්න අපි ගාවට එනවා .
උබේ කෑදරකම හින්දා.
උබ මරල දැම්මේ අහිංසක මිනිසුන්ව.
උබ නැති කරලා දැම්මේ අපේ මිනිස්සුන්ගේ විශ්වාසය..
උබ මරල දැම්මේ මිනිස්සුනගේ මනුෂ්‍යත්වය.
Dhowlath (2020) Tamil සිනමා පටයේ උපසිරසියෙන් පසු ඉතා ඉක්මණින්ම ආයෙත් අපේ සයිට් එකේ ඇඩ්මින් වරයෙක් වන අංජුල උමේෂ් මලයගේ බලවත් ඉල්ලීම පරිදි සහ සුදර්ශණ, මිනෝද් යන අය කමෙන්ට් කිරීමෙන් මේ සිනමාපටයට උපසිරසි ලබාදෙන ලෙස ඉල්ලා තිබුණා.ඔන්න ඉතින් ඔයාලා හැමෝම වෙනුවෙන් ආයෙත් SHADOW (2021) කන්නඩ සිනමාපටටයට උපසිරසි ලබාදීමෙන් පසු නැවතත් කන්නඩ ෆිලුමකට උපසිරසි අරන් ආවා.
2021 ජනවාරි මස 29 වන දින ප්‍රදර්ශණය ආරම්භ කරන ලද මෙම සිනමාපටය Aneesh Tejeshwa ගේ අධ්‍යක්ෂණයක් වගේම චිත්‍රපටයේ ප්‍රධාන නළු, නිෂ්පාදනය යන ආදිය මොහුම සිදුකර ඇති අතර ,. Action,Romance යන කාණ්ඩය යටතේ වර්ගීකරණය කර තිබෙනවා. එහෙනම් මේකට උපසිරසි ගන්වන්න අවස්ථාව ලබාදුන්න සිනෙරු ඇඩ්මින් මණ්ඩලයට මාගේ ස්තූතිය පුද කරනවා.
මේ චිත්‍රපටයේ ප්‍රධාන ගැටළු හතරක් මත පදනම්ව නිර්මාණය කර ඇත.රක්ෂණයක ඇති වැදගත්කම, වෛද්‍ය වංචාව, ස්වාමිපුරුෂයා හා භාර්යාව අතර සම්බන්ධතාව, පියා හා දියණියගේ සම්බන්ධතාවය, රක්ෂණ ආවරණය සහ ඒ වටා ඇති වෛද්‍ය හා දේශපාලන අපකීර්තියන් සමග ප්‍රකට ලෙස කටයුතු කරන මෙය නගරය ආසන්නයේ පිහිටි දුප්පත් ගම්මානයක් පාදක කරගෙන තිබේ. රංගනයෙන්, අධ්‍යක්ෂණයෙන් මෛන්ම නිෂ්පාදනයෙන්ද අනීෂ් ඔහුගේ බලාපොරොත්තු වූ දේ මෙම චිත්‍රපටය හරහා ප්‍රේක්ෂකයන්ට ලබාදේ.මෙය අධ්‍යක්ෂකවරයකු වශයෙන් ඔහුගේ කුළුදුල් නිර්මාණයයි.අනීෂ් තේජේෂ්වර්, නිශ්විකා නයිදු, රංඝයාන රඝු රංගනයෙන් දායක වේ.රාම් මුඩුක්කු නිවාසයක ජීවත් වන අතර, ඔහු රක්ෂණ නියෝජිතයෙකු ලෙස සේවය කරයි. පැල්පත්වාසින්ගේ යහපැවැත්ම ගැන ඔහු ඉතා සැලකිලිමත් වන හෙයින් ඔහු එහි වීරයා ලෙස ගමේ අය සලකයි.ඔහු මෙහි වෙසෙන දුප්පත් මිනිසුන් වෙනුවෙන් සෞඛ්‍ය කඳවුරක් පවත්වන අතර, ප්‍රශ්ණ වලට මුහුණ දීමට සිදුවීමේ දී රාම් ප්රචණ්ඩකාරිව හැසිරේ. රක්ෂණ නියෝජතයකු ලෙස සේවය කරමින් සිටින රාම් හට නීති ශිෂයාවක් වන සුරතල් පෙම්වතියක් වූ කුෂි ව හමුවේ. කුෂිට පියා අහිමි වී මව් සෙනෙහස යටතේ සිටින දැරියකි.
මේ අතර පීටර්නම් අයෙකු රාම් වාසය කරන පැල්පත් නිවාස වල ජීවත් වෙයි. ඔහුද බිරිද හා දියණිය හැර ගිය තනිකඩයෙකි. පැල්පත් වාසි මිනිස්සුන්ට කල් යත්ම විවිධ දුක් කරදරයන්ට මුහුණ දීමට සිදුවේ. මේ ප්‍රදේශයේ දේශපාල පක්ෂ මන්ත්‍රීවරයකු වන රාජා සර් ගමේ යගේ හිත දිනාගත් අයෙකි. ඒ වගේම හරි ප්‍රසාද් කියන වෛද්‍යවරයාද මේ ගමේ අයගේ වෛද්‍ය කටයුතු සදහා උදව් කරති. ගෝපාල් නැමති ඇමතිවරයා රාම් සර්ගේ උදව් ඇතිව මේ ප්‍රෙද්ශයේ ජනතාවගේ ජන්දය ලබා ගැනීමේ අරමුණින් ඔවුන් හමුවීමට පැමිණේ. එහිදී ඔහු පවසන්නේ මේ ජනතාවට රක්ෂණ කරන්න අවස්ථාව ඉක්මනින් කරල දෙනවා කියලයි.
බද්රිනාරායන කියන කෑදර මිනිහා ඔහුගේ මැරයන් එක්ක ඇවිත් නිතර මේ ගමේ අයට එයින් ඉවත් වෙන්න කියන්නේ ඔහුට මේ ප්‍රදේශය අල්ලාගන ව්යාපාරන් සදහා යෙදවීමට අවශ්‍ය බැවිනි. ඒත් මේ හැම දේකටම විරුද්ධව නැගි සිටින්නේ මේ රක්ෂණ නියෝජිතයා රාම්වයි. දිනක් මේ ගම මහත් ඛෙදවාචකයකට මුහුණ දෙයි. එක වරම ගමේ මිනිසුන් 20 දෙනෙකු රාත්‍රියේ පැමිණෙන නාදුනන ඝාතයන් විසින් මරාදමා යයි. ඉතින් රාම්ගේ වැඩ පටන් ගන්නේ මෙතන ඉදන් තමයි.
මොනව වෙයිද කියලා බලන්නනම් මේක බලන්නම වෙනවා.එහෙනම් ආයත් උපසිරසියකින් ඉක්මනින් හමුවෙනකම් සියළු දෙනාට තෙරුවන් සරණයි.
චිත්‍රපටය පිළිබද විස්තර බිදක්.
කාණ්ඩය : Acion, Romance
අධ්‍යක්ෂණය : Aneesh Tejeshwa
රංගන ශිල්පීන් : Aneesh Tejeshwa, Nishvika Naidu,
ධාවන කාලය : 2h 14 min
තිරගත කල දිනය : 29 Junuary 2021 (India)
IMDB අගය : 6.4/10