
2005 වසරෙදි මොහු අධ්යක්ෂණය කළ “Jackie Chan” සහ “Nicholas Tse” රංගනයෙන් දායක වුණ “New Police Story” චිත්රපටිය වෙනුවෙන් වාර්ෂික Hong Kong සම්මාන උළෙලේදී හොඳම අධ්යක්ෂකවරයාට හිමි සම්මානයත් මොහු විසින් දිනාගන්න සමත් වෙනවා.
Benny Chan ගෙ අධ්යක්ෂණයෙන් හැඩවුණු මේ චිත්රපටියට සුපිරි චීන නළු “Donnie Yen” සහ “Nicholas Tse” රංගනයෙන් දායක වෙනවා. මෑතකදි තමයි මේ චිත්රපටිය තිරගතවීම් ආරම්භ කරේ. හැබැයි කවුරුත් නොහිතපු විදිහට මේ චිත්රපටිය වැඩිම ආදායමක් ලබාගත්ත Hong Kong චිත්රපටිය බවට වාර්තා අතරට එකතු වුණා. ඒ මීට කලින් “Andy Lau” විසින් අධ්යක්ෂණය කළ “Shock Wave 2” චිත්රපටියේ ආදායම් වාර්තා අභිබවා යමින්. ඉතින් මේ වෙනකොට වැඩිම ආදායමක් ලබාගත්ත Hong Kong චිත්රපටිය වෙන්නෙ “Benny Chan” ගෙ “Raging Fire” චිත්රපටිය. මේ වෙනකොට චිත්රපටිය ආදායම “ඇ.ඩො. මිලියන 213.4” ක් විදිහට තමයි සඳහන් වෙන්නෙ.
“Benny Chan” අපි අතරින් සමු අරගෙන වසරක් සපිරීම නිසාම ඔහුගෙ අවසාන මතකයන් විදිහට ඉතුරු වුණු Raging Fire චිත්රපටියේ නිකුත් කරපු Working still cuts කීපයක් තමයි මේ තියෙන්නෙ.
සුපුරුදු විදිහට අන්තර්ජාලය දිහාට හැරුණොත් මේ චිත්රපටිය “IMDb 7.1” කුත් “කුණු තක්කාලියේ 93%” ක අගයකුත් වගේම 91% ක ගූගල් පරිශීලකයන්ගේ කැමැත්තත් හිමිකරගෙන තියෙනවා. මේ චිත්රපටිය තිරගත කිරීම් ආරම්භ වුණු දවස්වල ඉඳන්ම හොඳ රිවීව් ලැබිලා තියෙනවා.Action/Crime ඝණයට අයිතිවෙන මේ චිත්රපටිය කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන්. පැය 2 කුත් විනාඩි 6 කුත් තමයි මේකෙ ධාවන කාලය. මේකෙ කාස්ට් එකත් එක්ක බැලුවහම ඉතින් Powerful කාස්ට් එකක් එක්ක තනිකරම ඇක්ෂන් පැක් එකක් කියලා කියන්න පුළුවන්. Donnie Yen ගෙ ඇක්ෂන් ගැන ආයෙ අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. ඒ වගේම තමයි Nicholas Tse කියන්නෙ සුපිරිම නළුවෙක්. එයාගෙ ෆිල්ම් බලලා තියන අය ඒක දන්නවා. කලින් කිව්වා වගේම කිසිම කම්මැලිකමක් නැතුව එක දිගට පැය 2 ක් තිස්සෙ මේක බලන්න පුළුවන්.
මේකෙ කතාව දිහාට හැරුණොත්..
ෂැන්ග් කියන්නෙ පොලිස් පරීක්ශකවරයෙක්.ඉතින් මෙයයි මෙයාගේ කන්ඩායමයි මෙහෙයුමකට යන්න ලෑස්ති වෙලා ඉන්නවා.ඒ ප්රබල අපරාධකාරයෙක් අල්ලගන්න.නමුත් ෂැන්ග්ට පොඩි සිද්දියක් වෙලා යන්න වෙන්නෙ නෑ.ඉතින් අතරෙ මෙහෙයුමේදි මෙයාගෙ යාලුවා ඇතුලු පොලිස් නිළධාරීන් රැසක් දරුනු විදියට ඝාතනයට ලක් වෙනවා.ඉතින් මෙයාලගෙ අතීත සිදුවීමක බලපෑමකුත් මේ එක්ක තියෙනව.මෙච්චර තමා ඉතින් දැනට කියන්නෙ.වැඩිය කිව්වම රසය නැති වෙනවනේ.
අවසාන වශයෙන් මේ ලස්සන ලිපිය සකස් කරල දුන්න අපේ ප්රියශාන් මල්ලිට ස්තූති කරන්නත් ඕන.එහෙනම් ඉතින් මේ අසහාය චිත්රපටි අධ්යක්ෂකවරයා අපිට ඉතුරු කරලා ගියපු ඔහුගේ අවසාන චිත්රපටියත් නරඹන්න කියලා ආරාධනා කරනවා !
Good Bye Benny Chan!!!