Pogaru (2021) Sinhala Subtitles

Pogaru (2021) Sinhala Subtitles

Feb. 19, 2021India160 Min.Not Rated
Your rating: 0
6 1 vote

Synopsis

(Pogaru 2021 Sinhala Sub) ආයුබෝවන් යාලුවො හැමෝටම.ඔන්න අද අපි දෙන්න එක්ක එකතුවෙලා තවත් අපූරු කන්නඩ චිත්‍රපටයක් සිංහල උපසිරැසි ගන්වල අරගෙන ආවා.ඉතින් නිතර අපේ සයිට් එකත් එක්ක රැඳෙන අය දන්නවනෙ වැඩිය එලි පෙහෙලියට නොඑන කන්නඩ සිනමාවෙනුත් සුපිරිම ෆිල්ම් ඉන්දීය සිනමාවට එකතු වෙනව වගේම අපි ඒවට උපසිරැසි දෙනව කියල.

හරි එහෙනම් චිත්‍රපටය පැත්තට හැරෙමු.අනිත් ගොඩක් චිත්‍රපටි වගේ මේකත් කොරෝන නිසා 2021 පෙබරවාරි 19 තමයි තිරගත කිරීම ආරම්භ කලේ.Nanda Kishor ගේ අධ්‍යක්ශණයෙන් සහ රචනයෙන් , B.K Gangadhar ගේ නිශ්පාදනයෙන් තමයි මේ චිත්‍රපටිය නිමවෙන්නෙ. චිත්‍රපටය ප්‍රධාන භාෂා තුනකින් නිකුත් කෙරුනා.කන්නඩ ප්‍රධානව තෙලිඟු භාෂාවෙනුත් ..පසුව දමිළ භාෂාවෙන් හඬකවල.
චිත්‍රපටිය සඳහා ඉන්දියානු රුපියල් කෝටි 25 ක මුදලක් වියදම් දරා තිබෙන අතර ඒ සඳහා හොඳ පිලිතුරක් ලබා දෙමින් බොක්ස් ඔෆිස් හි පමණක් ඉන්දියානු රුපියල් කෝටි 51 ක ආදායමක් හිමි කරගනිමින් බ්ලොක්බස්ටර් වුන චිත්‍රපටියක් තමයි මේක.

ප්‍රධාන නලුවා විදියට රංගනයෙන් එක් වෙන්නෙ Dhruva Sarja විසින් වන අතර තෙලිඟු සිනමාව හරහා ඉහළ ප්‍රේක්ෂක ආදරයක් ලබාගත් Rashmika Mandanna විසින්.ඉතින් ලංකාවෙත් රශ්මිකා වෙනුවෙන් රසික කැලක්ම එකතුවෙලා ඉන්න නිසා එයා වෙනුවෙන්ම මේ ෆිල්ම් එක බලන්න ඉන්න අයත් ගොඩක් ඉන්නව.ඉතින් මෙතන වැඩි අවදානයක් හිමිකරගන්නෙ ඇය.

කතාව ගැන පොඩ්ඩක් මතක් කලොත් ශිවා කියන්නෙ මැරයෙක්.මෙයා පොඩි කාලෙ ඉදන්ම ආශ්‍රමයක හැදුන කෙනෙක් නිසා ආදරය , සෙනෙහස නොලැබුන කමින් තමා මේ විදියට හැදිල තියෙන්නෙ.නමුත් මෙයාගෙ අම්ම වෙන කෙනෙක්ව කසාඳ බැඳල ඉන්නෙ.ඉතින් ශිවාගෙ අරමුන තමා අම්මව ආයි තමන් ලගට ගන්න එක.ඉතින් එයාට පේන්නෙ අනිත් ඔක්කොම හතුරො වගේ.ගමේ අයටත් මෙයා හින්දා හැමදාමත් ඇති වෙන්නේ කරදර.ඔහොම යනකොට තමයි මෙයාට ගීතා කියන ගුරුවරිය හම්බවෙන්නෙ.

ඉතින් බලමුකො ඉස්සරහට මොකද වෙන්නෙ කියලා.එහෙනම් තවත් අපූරු චිත්‍රපටියක් ඔයාලගෙ රසවින්දනයට උපසිරැසි සමඟින් එකතු කරනව.අපි ගිහින් එන්නම් තවත් උපසිරැසියක් එක්ක ආයෙම හම්බවෙමු.

ඔබට ජය !

Pogaru (2021) Sinhala Subtitles
Pogaru (2021) Sinhala Subtitles
Pogaru (2021) Sinhala Subtitles
Pogaru (2021) Sinhala Subtitles
Pogaru (2021) Sinhala Subtitles
Pogaru (2021) Sinhala Subtitles
Pogaru (2021) Sinhala Subtitles
Pogaru (2021) Sinhala Subtitles
Original title ಪೊಗರು
IMDb Rating 3.6 9,704 votes
TMDb Rating 3 1 votes

Director

Cast

Dhruva Sarja isP. Ramakrishna Shiva
P. Ramakrishna Shiva
Dhananjay isDhananjaya
Dhananjaya
P. Ravi Shankar isShiva's step-father
Shiva's step-father
Pavitra Lokesh isShiva's mother
Shiva's mother
Mayuri Kyatari isShiva's step-sister
Shiva's step-sister
Girija Lokesh isShiva's grandmother
Shiva's grandmother
Chikkanna isShiva's friend
Shiva's friend

Similar titles

The Family Plan 2 (2025) Sinhala Subtitles
Maharaja (2024) Sinhala Subtitles
Necromancer (2020) Sinhala Subtitles
Arisaka (2021) Sinhala Subtitles
Cheekatilo (2026) Sinhala Subtitles
Sonic the Hedgehog 2 (2022) Sinhala Subtitles
Murder At The Embassy (2025) Sinhala Subtitles
Vikrant Rona (2022) Sinhala Subtitles
Telsu kada (2025) Sinhala Subtitles
Detective Chinatown 3 (2020) Sinhala Subtitles
Beyond Skyline (2017) Sinhala Subtitles
Lightyear (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published