(Phantom Detective (2016) Sinhala Subtitles) මේ දවස්වල Taxi Driver කතාමාලාව නිසා කතාබහට ලක්වෙන චරිතයක් තමයි Lee Jae Hoon කියන්නෙ.ඔහුත් සමඟ Go Ara මෙහි ප්රධාන චරිත රඟ දක්වනවා. මෙම චිත්රපටය නිකුත් වුනේ නම් 2016 වර්ෂයේ දී.
හොන්ග් ගිල් දොන්ග් කියන්නෙ රහස්පරීක්ෂකයෙක්. එයා එයාගෙ අම්මව මරපු පළිය ගන්න කිම් බියොන්ග් දොන්ග් කියලා කෙනෙක් හොයාගෙන යනවා. ඒ ගියත් එයාට ඔහුව හමුවන්නේ නෑ. ඒ වෙනුවට ඔහුට අපූරු මිතුරියො දෙදෙනෙක් මුණහැහෙනවා. කිම් බියොන්ග් දොක්ට මොකද වුනේ? ඇයි එයා හොන්ග් ගිල්ගෙ අම්මව මැරුවේ ? කවුද මේ මිතුරියො දෙන්නා ? මේ හැමදේකට උත්තර චිත්රපටය නරඹලාම දැනගන්න.
” ඔයාලා වගේ යක්ෂයො නැති කරලා දාන එක තමා මගේ රාජකාරිය “
තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු.
– ජය !