Video Sources 2326 Views

  • Watch trailer
  • සිංහල උපසිරැසි සමග
Pathaan (2023) Sinhala Subtitles

Pathaan (2023) Sinhala Subtitles

Buckle your seat belts, a storm is comingJan. 25, 2023India146 Min.Not Rated
Your rating: 0
8.4 5 votes

Synopsis

(Pathaan (2023) Sinhala Subtitles) (Pathaan (2023) Sinhala Subtitle) (Pathaan (2023) Sinhala Sub) (Pathaan Sinhala Subtitle) (Pathaan Sinhala Sub) (Pathaan Sinhala Subtitle Download)

සොල්දාදුවෙක් අහන්නෙ නෑ….
මාතෘභූමිය එයා වෙනුවෙන් මොනවද කරේ කියලා..
අහන්නෙ…
එයාට මාතෘභූමිය වෙනුවෙන් මොනවද කරන්න පුලුවන් කියලා….

ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්තනා කරනවා.. අද අපි එකතුවෙලා උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ 2023 අවුරුද්දෙ රිලිස් වෙනකන් ගොඩක් අය නොයිවසිල්ලෙන් ඉදපු ෆිල්ම් එකක්.. ඉතින් මේක තමයි අපි හැමෝම දන්න බොලිවුඩයේ රජු කිග්න් ඛාන් රංගනයෙන් දායක උන Pathaan  (පඨාන්) ෆිල්ම් එක.මේක YASH RAJ FILMS ලගෙ SPY UNIVERSE එකට අයිති ෆිල්ම් වලින් එකක්..ඉතින් මේ SPY UNIVERSE එකට අයිති අනිත් ෆිල්ම් ගැන කියනවනම්.

1) EK THA TIGER
2) TIGER ZINDA HAI
3) WAR
4) PATHAAN

මේ ටික තමයි මේ SPY UNIVERSE එකට අයිති ෆිල්ම් තියෙන්නෙ දැනට..ඉස්සරහට තව රිලිස් වෙයි කියලා බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන්.එතකොට අපිට මේ SPY UNIVERSE එකේ ෆිල්ම් හරහා ඉන්දියාවේ RAW ඒජන්ට්ලා තුන් දෙනෙක්ව හඳුන්වා දීලා තියෙනවා.ඒ TIGER , KABIR සහ PATHAAN කියන තුන් දෙනා.ඉතින් මේ තුන් දෙනාම ඉදිරි ෆිල්ම් එකකදි එකම තිරයකට ගේන්න හැකියාව ලැබුනොත් එදාට බොලිවුඩයේ පෙරලිකාර වෙනසක් සිදුවේවි.දැනට පවතින ආරංචි අනුවනම් එය එසේම සිදුවේවි කියල තමා කියන්නෙ..ඉතින් මේ ෆිල්ම් එකක්  හරි බලලා නැත්නම් Pathaan  බලන්න කලින් අනිවාරෙන් බලලා ඉන්න කියලා ආරාධනා කරනවා.

ෆිල්ම් එක ගැන තවදුරටත් කතා කරනවනම් මේක පහුගිය ජනවාරි 25 හින්දි භාෂාව ප්‍රමුඛව දමිල සහ තෙලිගු භාෂාවලින්ද ලොවපුරා තිරගත කිරීම ආරම්භ කලා. ඉන්දියානු රුපියල් කෝටි 240 ක ලොකු වියදමක් දරලා තමයි නිෂ්පාදනය කරලා තියෙන්නෙ.නමුත් ගාන ප්‍රශ්නයක් නෙමෙයි ෆිල්ම් එක ඊටා වඩා වැඩ පෙන්නලා තියෙන්නෙ..ඒ ගැනත් කතා කරමු පහලින්.ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නෙ ඔයාලා හැමෝම වගෙ දන්න BANG BANG , WAR වගෙ සුපිරිම Action | Thriller ෆිල්ම් අධ්‍යක්ෂණය කරපු Siddharth Anand විසින්.ඒ වගේම Shah Rukh Khan ප්‍රධානව Deepika Padukone , John Abraham , Dimple Kapadia , Ashutosh Rana යන ජේෂ්ඨ නලු නිලියන් රැසක්ම මෙහි රංගන දායකත්වය ලබා දෙනවා.

ඉතින් ශාරුක් ගැන කියනවනම් ඉතින් ලොකු පොඩි වයසක ඕන කෙනෙක් නම කිව්ව සැනින් දන්න කෙනෙක්නේ.එයාගෙ රංගන හැකියාව ගැන ඉතින් මම අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.Deewana (1992) ෆිල්ම් එකෙන් පටන්ගනිපු ඔහුගෙ රංගන ජීවිතේට  මේ වෙද්දි වසර 30ක්  සපිරිලා තියෙනවා.. ඉතින් ඒ කාලය තුල ෆිල්ම් පනහකට අධික ප්‍රමාණයකට ඔහු රංගනයෙන් දායක වෙලා තියෙනවා.. අති සුපිරි සිනමා නිර්මාණ රැසකට රංගනයෙන් දායක උන මොහුට 2015 න් පස්සෙනම් උදා උනේ එච්චර හොද කාලයක් නෙවෙයි..මොකද කියනවනම් Dilwale (2015) ෆිල්ම් එකෙන් පස්සෙ ආපු ෆිල්ම් හැමඑකකටම වගෙ හොද ප්‍රතිචාරනම් ලැබුණෙ නෑ.. දිල්වාලෙ එකටත් මික්ස් රිවීව්ස් තමා ලැබුනෙ.ඉතින් පඨාන් ෆිල්ම් එක එන්න කලින් රිලිස් උනේ Zero ෆිල්ම් එක..ඒකෙන් ශාරුක් බිංදුවටම වැටුනා කිව්වොත් නිවැරදියි.. මොකද ඒ චිත්‍රපටියෙ තිබුණ දුර්වලකම් නිසා.. KGF  Chapter 1 එක්ක තරගෙට  රිලිස් උනත් ඒකෙ ආදායම අහලකටවත් යන්න ශාරුක්ගෙ සීරො ෆිල්ම් එකට බැරි උනා..ඉතින් මේකෙන් පස්සෙ ගොඩක් අය කියන්න ගත්තා ශාරුක්ගේ කාලය දැන් ඉවරයි..වයසත් එක්ක එයා දැන් නවතින්න ඕන වගේ දේවල්..ඉතින් මේ දේවල් එක්ක ඔහුට සිද්දඋනා ටික කලක විරාමයක් අරගෙන එන්න.. ඉතින් මේ විදියට අවුරුදු 4ක් පමණ ගෙවිලා ගියා..

ඉතින් කියමනක් තියෙනවනෙ තුවාල උන සිංහයෙක්ගෙ හුස්ම උගෙ ගර්ජනාවටත් වඩා බොහොම භයානකයි කියලා..මෙහෙම සද්දයක් නැතුව අවුරුදු 4ක් ඉදපු ශාරුක්ගෙ මේ නිහැඩියාව බොහෝ දෙනෙක් තේරුම් ගත්තෙ එයාගෙ දුර්වල කමක් විදියට..මේ ඔක්කොම බාධක මැද්දෙ බයිකෝට් ගෑන්ග් එකෙන් වෙන බාධාත් අතරතුරේම ශාරුක් සිද්දාර්ත් ආනන්ද් කියන ඩිරෙක්ටර් එක්ක තමයි වැඩේට බහින්නෙ.ඉතින් අති සුපිරි කම්බැක් එකක් දුන්න ඔහුට වයස 57 ක් විතර වෙනවා.. ඒත් හිතන්නවත් බැරි තරම්.. ඔහුගෙ ශරීරයත් දැඩි වෙහෙසක් දරලා සුපිරි ක්‍රියාදාම චරිතයකට හරියන්න හදාගෙන තියෙනවා.

Pathaan  කියන්නෙ මේ අවුරුද්දේ රිලීස් උන බොක්ස් ඔෆිස් ආදායම් කුඩු පට්ටම් කරන්න සමත් වුනු ෆිල්ම් එකක් කියල රසික ඔයාලත් දැනටම දන්නවා ඇතිනේ.ඒ මේ වන විටත් ඉන්දියානු රුපියල් කෝටි 1048 අභිබවා ගිය ආදායමක් උපයමින්.ඉතින් ඒ අතරින් විෂේශම වාර්තා කිහිපයක් ගත්තොත් මෙහෙමයි.

• හින්දි චිත්‍රපටයක් පලමු දින ලබාගත් වැඩිම ආදායමට හිමිකම් කියන්න Pathaan සමත් වුනා.ඒ ඉන්දියානු රුපියල් කෝටි 106ක් ලබා ගනිමින්.

• 2023  වර්ෂයේ මෙතෙක් තිරගත වුනු චිත්‍රපටි අතරින් වැඩිම ආදායමක් ලබාගත් ඉන්දියානු චිත්‍රපටිය බවට පත් වුනෙත් Phataan.

• හින්දි භාෂාවේ වැඩිම ආදායමක් ලැබූ චිත්‍රපටය බවත් පත් වුනේ Bahubali 2 චිත්‍රපටයේ වාර්තා බිඳහෙලමින්.(Bahubali ₹510 cr / Pathaan ₹522 cr)

• දෙවන වැඩිම අදායමට හිමිකම් කියන හින්දි චිත්‍රපටය (පලමු තැන Dangal)

• ශාරුක් ඛාන්ගේ රංගන ජීවිතයේ ඉහලම ආදායමක් ඉපැයූ චිත්‍රපටිය වන්නේත් Pathaan.ඒ මීට පෙර ₹423 ක බොක්ස් ඔෆිස් ආදායමක් ලැබූ Chennai Express (2013) චිත්‍රපටය පසු කරමින්.

• පලමු දින හතර තුල ඉන්දියානු රුපියල් කෝටි 400 පසුකර යමින් එම සීමාව අඩුම කාලයකදි පසුකල හින්දි චිත්‍රපටය බවට පත් වූයෙත් Pathaan චිත්‍රපටයයි.

Pathaan චිත්‍රපටයේ මීලඟට වඩාත් අවදානයක් යොමු වන්නේ ශාරුක් & දීපිකා සංයෝගය වෙතටයි.මොවුන් දෙදෙනා මීට පෙර චිත්‍රපටි තුනකින් හමු වී ඇති අතර Pathaan හතර වැන්නයි.මීට පෙර මේ යුගලය එක් වූ Om Shanti Om (2007) , Chennai Express (2013) , Happy New Year (2014) යන චිත්‍රපටි තුනම බොක්ස් ඔෆිස් අති සාර්ථක වූ අතර දැන් ඔවුන් දෙදෙනා එක් වන Pathaan සියල්ලටම වඩා සාර්ථකත්වයට පත් වුනා.මේ අනුව බොලිවුඩයේ සිටින Powerful Combo එකක් විදියට මේ දෙදෙනා හැඳින්වීමේ වරදක් නැහැ.

චිත්‍රපටයේ මෙතෙක් විකාශනය මතක් කලොත් චිත්‍රපටය නිල වශයෙන් රූගත කිරීම් ආරම්භ කරන්නෙ 2020 නොවැම්බර් 17 මුම්බායි වලදී.පසුව 2021 ජනවාරි මාසයේදි ඩුබායි වල රූගත කිරීම් ආරම්භ කරනවා.නමුත් අවාසනාවන්ත ලෙස අප්‍රේල් මාසයේදී නිෂ්පාදක කන්ඩායමේ කිහිප දෙනෙක්ට කොවිඩ් වැලඳීම සහ මහාරාෂ්ට ප්‍රාන්තය ලොක්ඩවුන් කිරීමත් නිසා රූගත කිරීම් කල් දමන්නට සිදු වෙනවා.ජුනි 25 යලි රූගත කිරීම් ආරම්භ කරන චිත්‍රපටය ඉන්දියාව ඇතුලුව ඇෆ්ගනිස්තානය , ස්පාඤ්ඤය , එක්සත් අරාබි එමීර් , තුර්කිය , රුසියාව , ඩුබායි සහ ඉතාලිය යන රටවල් රාශියක රූගත කිරීම් සිදු කරනවා.ඉතින් මේ සියලු වෙහෙසයන්ගේ අරමුන වන්නේ රසිකයන්ට හොදම දේ හොදම විදියට දෙන එක.

කිසිදු පූර්ව ප්‍රචාරන වැඩ සටහනක් හෝ නොපවත්වා අවම ප්‍රචාරනයක් යටතේ රිලීස් උනත් Pathaan රිදී තිරයට ආ මොහොතේ පටන් යහපත් ප්‍රතිචාර දසතින්ම ගලා එන්නට වුනා.මේ වන විට 125 000 කට අධික මනාපයක් සමඟින් IMDB දර්ශකය තුල 6.4 අගයක් , Google Users Like 81% කුත් හිමි කරගන්නට ද සමත් වී තිබෙනවා.

ඉතින් චිත්‍රපටයේ කතාව ගැනනම් මොකුත් කියන්න යන්නෙ නෑ මොකද ගොඩ දෙනෙක් තවමත් චිත්‍රපටය නරඹලා නැති නිසා.නමුත් ඉතින් දැනටමත් Spoil වෙලා තියෙන නිසා කියන්නම් අපිට ෆිල්ම් එකේ Salman Khan ගෙ Cameo එකකුත් බලාගන්න පුලුවන්.ඉතින් ශාරුක් සහ සල්මන් දෙන්න එකම තිරයක දකින්න ලැබෙන්නෙ 1995 තිරගත වූ Karan Arjun චිත්‍රපටයට පසුවයි.

ඉතින් මේ එකක් විතරයි.මේ වසරේම ශාරුක්ගේ තවත් බලාපොරොත්තු තැබිය හැකි චිත්‍රපටි දෙකක්ම නිකුත් වන බව දැනුම් දීලා තියෙනවා. ඒ Atlee අධ්‍යක්ෂණය කරන Jawan චිත්‍රපටිය සහ Rajkumar Hirani විසින් අධ්‍යක්ෂණය කරන Dunki  චිත්‍රපටිය.

ඉතින් ගොඩක් දේවල් කිව්වනෙ ෆිල්ම් එක ගැන.ඔයාලා හැමෝටම ආරාධනා කරනවා උපසිරැසි අරගෙන චිත්‍රපටිය නරඹන්න කියලා.එහෙනම් වෙනත් උපසිරැසියකින් ඉක්මනටම හමුවෙන බලාපොරොත්තුවෙන් අපි සමුගන්නවා.ඔයාලගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරන්න කියලත් ආදරයෙන් ඉල්ලනවා.

ඔබට ජය !

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්  මදුශාන් ප්‍රියංකර සොහොයුරාට සහ ඉඳුවර නිසල් සොහොයුරාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔවුන්ගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

Pathaan (2023) Sinhala Subtitles
Pathaan (2023) Sinhala Subtitles
Pathaan (2023) Sinhala Subtitles
Pathaan (2023) Sinhala Subtitles
Pathaan (2023) Sinhala Subtitles
Pathaan (2023) Sinhala Subtitles
Pathaan (2023) Sinhala Subtitles
Pathaan (2023) Sinhala Subtitles
Pathaan (2023) Sinhala Subtitles
Pathaan (2023) Sinhala Subtitles
Original title पठान
IMDb Rating 6.2 129,335 votes
TMDb Rating 7.009 57 votes

Director

Cast

Similar titles

Alienoid (2022) Sinhala Subtitles
Venkatapuram (2017) Sinhala Subtitles
Jurassic Island (2020) Sinhala Subtitles
Black (2022) Sinhala Subtitles
Detective Chinatown 3 (2020) Sinhala Subtitles
Shamshera (2022) Sinhala Subtitles
The Power (2021) Sinhala Subtitles
Bagheera (2023) Sinhala Subtitles
The Vault (2021) Sinhala Subtitles
Etharkkum Thunindhavan (2022) Sinhala Subtitles
Shark the beginning (2021) Sinhala Subtitles
Black Adam (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published