Paramapadham Vilayattu (2021) Sinhala Subtitles

Paramapadham Vilayattu (2021) Sinhala Subtitles

Apr. 14, 2021India121 Min.Not Rated
Your rating: 0
9 1 vote

Synopsis

(Paramapadham Vilayattu 2021 Sinhala Sub)

” 𝗔𝗳𝘁𝗲𝗿 3 𝗬𝗲𝗮𝗿𝘀 𝗧𝗿𝗶𝘀𝗵𝗮  𝗜𝘀 𝗕𝗮𝗰𝗸 “

  “දේශපාලන අයිතිවාසිකම් වලට මැදි වූ  
  වෛද්‍යවරියකට අත් උන ත්‍රාසජනක ඉරණම”

ඔන්න ඉතිං සුපුරුදු පරිදි අදත් දමිළ චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරගෙන මම ආවා……..

2021 වසරේ අප්‍රේල් මස (14) අවුරුදු දා  Disney+ Hotstar OTT මාධ්‍ය හරහා අන්තර්ජාලයට නිකුත් වූ මෙම චිත්‍රපටයේ විශේෂත්වය වන්නේ ප්‍රධාන චරිතය නලුවෙක් නොවී නිලියක් වීමයි…

        මේ වන විට IMDb දර්ශකය තුන 5.7/10 ක අගයක්ද , Times of India හි 2/5 ක අගයක්ද , ගූගල් පරිශීලක මනාප 81% ක්ද හිමි වී ඇති අතර මෙම චිත්‍රපටය Drama/Thriller යන කාණ්ඩයට අයත් වෙනවා.චිත්‍රපටයේ අධ්‍යක්ෂනය , කතාව සහ තිර රචනයද K. Thirugnanam මහතා විසින් සිදු කර ඇත.

පැය 2 කුත් විනාඩි 14 ක් පුරාවට ඉතාමත් කුතුහලයෙන් යුක්තව නැරඹිය හැකි චිත්‍රපටයක් බවට මෙය නිර්දේශ කල හැක.

(Paramapadham Vilayattu (2021) Sinhala Sub)

             මෙම චිත්‍රපටයේ රංගන කටයුතුවල යෙදී ඇති නලු නිලියන්ගේ නම් මෙසේය……

මෙහි ප්‍රධාන නිලිය ලෙස Trisha රංගනයෙන් දායකත්වය දක්වනවා . ඒ වසර 3 කට පසු සිනමාවට ඇයගේ නැවත පැමිණීම සනිටුහන් කරමින්ය. ඒ වගේම ඉන්දීය සිනමාවේ නිතර ඇස ගැටෙන නලුවෙක් වෙන Nandha Durairaj ද මෙහි ළමා රංගන ශිල්පිනියක් ලෙස Manasvi Kottachi දියණිය රංගනයෙන් දායක වෙන්නේ නිහඬ චරිතයකට පණ පොවමින්ය….

      ඇය මීට පෙර රංගනයෙන් දායක වූ චිත්‍රපට අතරින් Imaikkaa Nodigal (2018) දමිළ චිත්‍රපටයේ ” Lady Superstar නමින් හඳුන්වන නයනතාර සමග රංගනයෙන් දායක උනා ඒ ඇයගේ දියණියගේ චරිතයට පණ පොවමින් ය …. ඊට අමතරව My Santa (2019) මළයාලම් චිත්‍රපටයේ ද Suttu Pidikka Utharavu (2018) හා Iruttu (2019) දමිළ චිත්‍රපට වලද ඇය රංගනයෙන් එක් උනා……….

Paramapadham Vilayattu 2021 Sinhala Sub

කතාව පැත්තට හැරුනොත් මෙහෙමයි…….

Gayathri කියන්නෙ වෛද්‍යවරියක් , Chezhiyan කියන්නෙ එක්තරා දේශපාලන පක්ෂයක පිරිසිදු දේශපාලක නායකයෙක්, ඔහුගේ පක්ෂයට ඔහු පනවා තිබුනා එක නීතියක් ඒ කිසිම කෙනෙක්ගේ දරුවෙක් හෝ පවුලේ කෙනෙක්ට ඒ ඒ අයගෙන් අනතුරුව ඒ ඒ අයට තිබූ බලයන් අයිති වෙන්නේ නෑ කියන එක…ඒ හේතුව නිසා ඔහුගේ පුතා වන අරුන්ව ඔහු පිටරටකට යවලා ඉගැන්වුවා…..කොහොමින් කොහොම හරි නොසිතූ විදිහට Chezhiyan මහතාට අසනීප වෙනවා වගේම එය දරුණු තත්වයටම හැරෙනවා , ඉතිං ඔන්න ඔය අතරේ තමා ගයාත්‍රී (Trisha) ඔහුගේ වෛද්‍යවරිය විදිහට එන්නේ, මේ විදිහට හැම වැඩක්ම කෙරීගෙන යන අතරේ පක්ෂයේ දෙන්නෙක් ගයාත්‍රිට බලපෑම් කරනවා එක එක දේවල් කරන්න කියලා ඒ දේවල් වලට යටත් නොවී තමන්ගේ වැඩේ හරියට කරලා කොහොම හරි Chezhiyan මහතාව ඇය සනීප කරගෙන එනවා , ඉතිං ඔහොම යනකොට එක් වරම නොසිතූ ලෙස ඔහු මිය යනවා……

        ” මේ විදිහට ඔහු මිය ගියේ ස්වභාවිකව නොවන බවත් එය මිණීමැරුමක් යන බවත් ගයාත්‍රී හොයා ගන්නවා වගේම ඒකට වීඩියෝ සාක්ෂිද ඇය සතුව තියෙනවා , ඔන්න ඕක මාධ්‍යට ඉදිරිපත් කරන්න යන අතරේ තමා ගයාත්‍රී ව සහ ඇයගේ දියණියව නාඳුනන පිරිසක් විසින් මේ වීඩියෝ සාක්ෂිය වෙනුවෙන් පැහැරගන්නේ…….

 ඉතිං කවුද මේ දෙන්නව පැහැර ගන්නේ ?

කවුද Chezhiyan මහතාව මැරුවේ ?

    කියලා දැන ගන්න නම් අනිවාරෙන්ම චිත්‍රපටය බලන්නම වෙනවා, කොහොම නමුත් මට හොඳටම විශ්වාසයි අවසානයේ වෙන්නේ ඔයාලා හිතන දේ නොවෙන බව”

Paramapadham Vilayattu (2021) Sinhala Subtitles
Paramapadham Vilayattu (2021) Sinhala Subtitles
Paramapadham Vilayattu (2021) Sinhala Subtitles
Paramapadham Vilayattu (2021) Sinhala Subtitles
Original title பரமபதம் விளையாட்டு
IMDb Rating 3.5 348 votes
TMDb Rating 4.7 3 votes

Similar titles

Kadaisi Vivayasi (2022) Sinhala Subtitles
The Crow (2024) Sinhala Subtitles
Bell Bottom (2021) Sinhala Subtitles
The Girl on the Train (2021) Sinhala Subtitles
Mishan Impossible (2022) Sinhala Subtitles
Code Name : Tiranga (2022) Sinhala Subtitles
Naandhi (2021) Sinhala Subtitles
Naai Sekar (2022) Sinhala Subtitles
Kantara (2022) Sinhala Subtitles
The Strangers: Chapter 1 (2024) Sinhala Subtitles
Devil: The British Secret Agent (2023) Sinhala Subtitles
Highway (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published