
(No Way Out (2022) Sinhala Subtitles) No Way Out (2022) Sinhala Subtitle) (No Way Out Sinhala Sub) (No Way Out 2022 Sinhala Subtitle) (No Way Out (2022) Malayalam Movie Sinhala Subtitle)
ඔන්න එහෙනම් අදත් ඉක්මනින්ම ආවේ අළුත්ම මලයාලම් සිනමාපටයකට සිංහල උපසිරසි අරගෙනයි. 2022 ජුනි මස 10 වෙනිදා රිලීස් වුණ මලයාලම් සිනමාපටයක්.එහෙනම් මුලින්ම මේකට උපසිරැසි කරන්න අවස්ථාව සලසා දීපු සිනෙරු උපසිරැසි කණ්ඩායමට ස්තූතිය පුද කරනවා.
මලයාලම් සිනමාවෙන් හමුවන අපූරු අනන්‍යතාවයක් තමයි එක් සිදුවීමක් පමණක් පාදක කරගෙන සම්පූර්ණ ප්ලොට් එකක් නිර්මාණය කිරීම. ඒ කියන්නෙ පැය එකහමාර, දෙක හෝ දෙකහමාර තුළම දකින්නට ලැබෙන්නෙ බොහෝ විට එකම එක සිදුවීමක් පමණයි. මලයාලම් සිනමාකරුවා ඒ කාරණාව සම්බන්ධයෙන් ප්‍රවීණයෙක්. මේකත් එහෙම වැඩක්. ඕනිනම් මේක සිංගල් කැරැක්ටර්, සිංගල් ලොකේෂන් කියල ගන්නත් පුළුවන් යම් යම් ආවර්ජන සිදුවීම් නොතිබුණා නම්. එක්තරා විදිහක අභියෝගයක් කියන්නත් පුළුවන් මේ එකම සිදුවීම සමස්ත ඩියුරේෂන් එක තුළම ඒකාකාරී නොවී පවත්වාගෙන යාමත්.
කතන්දරයෙන් කියවෙන්නෙ මනුස්සයෙක් විඳින දැඩි මානසික පීඩනයක් ගැනයි. චිත්‍රපටය ආරම්භ වෙන්නේම ඒ කාරණාව ප්‍රේක්ෂකයාට දැනුම් දෙමිනුයි. මේ පීඩනය විවිධාකාරයෙන් බලපෑව සමස්ත ඉන්දීය ජනතාවටම කොවිඩ් ලොක්ඩවුන් එක නිසා. ඔබට මතක නම් Aarkkariyam (2021) මලයාලම් චිත්‍රපටය, එතනදිත් අපි දැක්කා කොවිඩ් නිසා ව්‍යාපාරිකයෙක්ට මුහුණ දෙන්නට සිදුවූ පීඩාකාරී වාතාවරණයක් ගැන. ඊටත් පස්සෙ ඔබට මතක නම් Meppadiyan (2022) චිත්‍රපටය, එතනදි අපි දැක්කා නොදන්න බිස්නස් කරන්න ගිහින් අමාරුවේ වැටෙන අහිංසක මනුස්සයෙක්ව. එතකොට මේ No Way Out වලින් අපි දකින්නේ ඒ චිත්‍රපට දෙකේම සිදුවීම් වල
මික්ස් එකක් කියල කියන්න පුළුවන්. ඒ කියන්නෙ සුළුපටු පීඩනයකට නෙමේ මෙවර අපේ කතා නායකයට මුහුණ දෙන්නට වෙලා තිබෙන්නේ.
කතන්දරය කුතුහලයෙන් අනූනයි. නමුත් මුලිනුත් සඳහන් කළා වගේ ඒකාකාරී බවකින් තොරව විස්තරය ඉදිරිපත් කිරීම නම් අභියෝගයක්. පෞද්ගලිකව මටත් යම් යම් අවස්ථාවලදී ඒ බව නොදැණුනාම නොවේ. නමුත් නිර්මාණකරුවා විසින් බොහෝ දේ එකතු කර තිබුණා ඒ තීරණාත්මක කාලය එක්ක ප්‍රේක්ෂකයාව රඳවා තබා ගන්නට. අනිවාර්යයෙන්ම මේක නැවුම් අත්දැකීමක් වනවාට නම් කිසිම සැකයක් නැහැ. මිනිස්සු පීඩාකාරී තත්ත්වයන් තුළදී කරවටක් ගිලුණාම survive වෙන්න විවිධාකාර උත්සහයන් දරනවා. බැරිම තැන අතෑරලා දානවා. මෙහිදී අතාරින්න ගිහින්ම තමා කරවටක් ගිලීමෙන් survive වෙන්නට සිද්ධ වෙන්නේ. නරඹන්නට වටිනා මලයාලම් චිත්‍රපටයක් විදිහට නිර්දේශ කරනවා.
ලිපිය උපුටා ගැනීම – ලක්ෂ්මන් අරංවල සහෝදරයාගෙනි..
– චිත්‍රපටය පිළිබද විස්තර බිදක් –
කාණ්ඩය : ️Family | Thriller | Drama
අධ්‍යක්ෂණය : Nithin Devidas
නිෂ්පාදනය Nithin Devidas
රංගන ශිල්පීන් : Ramesh Pisharody ,Basil Joseph
ධාවන කාලය : 1h 37m
තිරගත කල දිනය : 10 JUN 2022
IMDB අගය : 8.4/10