
(Netrikann 2021 Sinhala Subtitles)
එක ගමක අහිංසක බැටළු පැටව් ගොඩක් හිටියා.
ඒක දැනගෙන , එක කපටි නරියෙක් තමන්ගේ වැඩේ පෙන්නගෙනම හිටියා
එක දවසක් ඒ නරියා වෙනුවෙන් එක ධෛර්යවන්ත බැටළු පැටියෙක් වලක් හාරලා තිබ්බා.
ඒ නරියත් ඒ වල උඩටම නියමෙට ඇවිල්ලා, වැටුණා….
සුභ දවසක් වේවා හැමෝටම ඔන්න ඉතින් සුපුරුදු පරිදි අදත් අපි ආවේ මීට පැය කිහිපයකට පෙර අන්තර්ජාලයට නිකුත් වූ දමිල චිත්‍රපටියකට සිංහල උපසිරැසි අරගෙනයි , අපි කියලා කිව්වේ මම අශේන් ( චූටියයි) අපේ මදුශාන් සහෝදරයයි.. ඉතින් අපි වැඩි කතා නැතුව චිත්රපයිය පැත්තට හැරෙමු.
2021 වසරේ අගෝස්තු මස 13 වෙනිදා (අද) දහවල් 12.15 ට Disney+ Hotstar හරහා අන්තර්ජාලයට නිකුත් වන මෙම චිත්‍රපටයේ නම Netrikann (2021) යි. මෙම චිත්‍රපටියේ තියෙන විශේශත්වය තමා මෙහි ප්‍රධාන නලුවෙක් නෙමේ ප්‍රධාන නිලියක් තමා රංගනයෙන් දායක වෙන්නේ ඒ වෙන කවුරුවත් නෙමේ ඔයාලා හැමෝම වගේ දන්න ඉන්දියානු සිනමාවේ “LADY SUPERSTAR” ලෙස හඳුන්වන Nayanthara යි, මෙහි විලන්ගේ චරිතයට රංගනයෙන් පන පොවන්නේ Ajmal Ameer විසිනි. ඊට අමතරව මෙහි තවත් රංගන ශිල්පී ශිල්පිනියන් රැසක් රංගනයෙන් දායක වෙනවා.
මේ වන විට IMDb RATING තුල 7.6/10 ක අගයක් ලබා ගන්න සමත් වී ඇති මෙම දමිල චිත්‍රපටය
Crime , Drama , Mystery , Thriller යන ශාරනයන් වලට අයත් වෙනවා. චිත්‍රපටයේ අධ්‍යක්ෂනය Milind Rau මහතා විසින් සිදු කර ඇති අතර මෙහි නිෂ්පාදනය Kross Pictures සහ Rowdy Pictures යන නිෂ්පාදක බැනරයන් යටතේ Hyunwoo Thomas Kim සහ Vignesh Shivan මහතුන් දෙදෙනා විසින් සිදු කර ඇත.
” මෙම චිත්‍රපටය 2011 වසරේ නිකුත් වූ Blind නම් කොරියාණු චිත්‍රපටයේ දමිල ප්‍රතිනිර්මාණයයි”
කතාව පිළිබඳව ටිකක් කියන්නම් මම…
එක් අන්ධ කාන්තාවක් සහ අනුක්රාමික ඝාතකයෙකු අත සිදු වන ඉතාමත් කුරිරු සටනක් ගැනයි මෙම චිත්‍රපටයෙන් බලාගන්න පුලුවන් වෙන්නේ , එක දිගට අතුරුදහන් වන නගරයේ ගැහැණු ලමුන් පිරිසක් මේ හැමෝවම පැහැරගන්නා විට කිසිම විදිහකින් අහු නොවෙන මේ ඝාතකයා එක් අන්ධ කාන්තාවක් පැහැරගැනීමට උත්සහ කරන විටදී සම්පූර්න පොලීසියේම අවධානයට ලක් වෙනවා. මෙතනින් ආරම්භ වන කතාවේ ඉස්සරහට අපි කිසිවෙක් නොහිතපු එක එක ත්‍රාසයජනක සිදුවීම් පෙලක් සිද්ද වෙනවා…
ඉතින් මීට වඩා කිසිම දෙයක් මම කියන්නේ නෑ හැබැයි එකක් කියන්නම් අනිවාරෙන්ම නරබන්න පටන් ගැන්මේ සිට ඉතාමත් කුතුහලයෙන් නැරඹිය හැකි චිත්‍රපටයක් කියලා හඳුන්වන්න පුලුවන්…
එහෙනම් අදට අපි සමුගන්නවා හැමෝටම බුදු සරනයි..
Nice