
(Morbius (2022) Sinhala Subtitles) (Morbius (2022) Sinhala Subtitle) (Morbius Sinhala Subtitle) (Morbius Sinhala Sub)
කොහොමද යාලුවනේ.. ඔන්න අද මං ඔයාලට අරන් ආවේ Marvelලගේ අලුත්ම Action/Adventure ෆිල්ම් එක වෙන Morbius (2022).සුපුරුදු විදිහටම මේකත් කැම් පිටපතට උපසිරැසිය කරගෙන හිටිය නිසා තමයි ෆිල්ම් එක නිකුත් වෙලා පැය කීපයකින් ඔයාලට දෙන්න පුළුවන් වුණේ.
මේ අවුරුද්දේ මුලම ඔයාලට Marvelලගේ Spiderman: No Way Home බලන්න අවස්ථාව ලැබුණනේ. ඔන්න ඉතින් ඊට පස්සේ Marvelලගේ අලුත්ම ෆිල්ම් එක වුණ මෝබියස් නිකුත් වුණා. මේකෙන් Marvel විශ්වයේ ඉන්න තවත් අලුත් චරිතයක් ප්‍රේක්ෂකයෝ අතරට ගේන්න Marvelලා කටයුතු කළා.. මේකෙදී මෝබියස් කියන චරිතය නිර්මාණය වෙන විදිහ එහෙමත් නැත්නම් ඔරිජීන් ස්ටෝරිය තමයි තියෙන්නේ..
මෝබියස් චරිතයට රංඟන දායකත්වය දෙන්නේ හුගාක් අය ආස DC වල ජෝකර් චරිතයක් කරපු Jared Leto.. මීට අමතරව Adria Arjona, Tyrese Gibbson, Jared Harris, Matt Smith යන අය ෆිල්ම් එකේ චරිත වලට පණපොවනවා..
කොහොම වුණත් Venom ෆිල්ම් එකේ වගේම ටිකක් අඩු ධාවන කාලයක් තමා මේකටත් කියන්නේ. ඒ වගේම අලුත්ම චරිතයක් buildup වෙන නිසා ප්‍රේක්ෂකයෝ ටිකක් ෆිල්ම් එක බැලුවා මදිදත් කියලා හිතෙනවා. ඒත් මේකත් ඉස්සරහට එන ෆිල්ම් වලට සම්බන්ධ වෙනවා කියන එක නම් ඒකාන්තයෙන්ම ෂුවර්. මොකද ෆිල්ම් එක ඇතුලේ Venomගේ වගේම Spidermanගෙත් නම කියවෙනවා.. ඒ වගේම මෝබියස් කියන චරිතය Spidermanගේ හතුරෙක් විදිහට තමයි කොමික් තුළ හඳුන්වන්නේ. ඉතින් අනාගතයේ මේ හතුරෝ සෙට් එකේ එකතුවක් සිද්ධවෙන්නත් පුළුවන්.. ඒකට ඉඟි ෆිල්ම් එක අවසානයේ තියෙනවා.. ඒ නිසා මතක් කරලා Credit සීන් ටිකත් මඟාරින්නැතුව බලන්න අනිවාරෙන්ම.
මෝබියස් කියන චරිතය මුලින්ම එළියට එන්නෙත් Spiderman කොමික් එකකින්ම තමයි. ඒ 1971 දී The Amazing Spider-Man #101 තුළින්.
හරි අපි දැන් ෆිල්ම් එකේ කතාව පැත්තට පොඩ්ඩක් යමු,
මෝබියස් කියන්නේ පුංචි කාලේ ඉඳලා ආබාධිතයෙක්.. හැබැයි ආබාධිත වුණාට මෝබියස්ට හොඳ බුද්ධියක් තියෙනවා.. ඒ නිසා ඩොක්ටර් කෙනෙක් වෙලා තමා මෝබියස් නවතින්නේ.. මෝබියස් විවිධ පර්යේෂණ කරන්න පටන්ගන්නවා තමන්ගේ මේ ආබාධිත තත්වයෙන් මිදින්නේ.. මේකට ප්‍රධාන මූල්‍ය දායකත්වය දෙන්නේ මෝබියස් වගේම ආබාධිත කෙනෙක් වෙන ලූෂියන් කියන කෙනා.. ලූෂියන් කියන්නේ මෝබියස්ට පොඩි කාලේ හම්බවෙන යාළුවෙක්.. මෝබියස් නම් ලූෂියන්ට කියන්නේ මයිලෝ කියලා නමකින්.. ඒක තමා මෝබියස් ලූෂියන්ට දාන නම..
කොහොමහරි මෝබියස් වැම්පයර් වවුලන්ගෙන් පර්යේෂණයක් කරන්න හිතාගෙන උන් ඉන්න කොස්ටරිකාවේ මරණයේ දූපත කියන තැනට ගිහින් ඒ වැම්පයර් වවුලෝ අල්ලන් එනවා.. ඇවිත් මීයෝ පාවිච්චි කරලා පරීක්ෂා කරලා අන්තිමට තීරණය කරනවා තමන්ටම මේ හදන බෙහෙත එන්නත් කරගෙන මොකද වෙන්නේ කියලා බලන්න.. හැබැයි මේක නීති විරෝධී කියලා දන්න නිසා මෝබියස් දාමරිකයෝ ටිකක් එක්ක නැවක නැඟලා මුහුදට යනවා මේ පරීක්ෂණය කරන්න.. අහ් කියන්න අමතක වුණා මෝබියස්ට මේ හැමදේටම උදව් කරන්නේ ඩොක්ටර් බ්රැන්කොෆ්ට්.. මෝබියස්ගේ පෙම්වතිය.. බෙහෙත එන්නත් කරගත්තට පස්සේ තමයි ප්‍රශ්න ඇතිවෙන්න පටන්ගන්නේ..
ඒ මොනවද කියලා තවත් ඉස්සරහට කීවොත් ඒක ඔයාලගේ රසවින්දනයට බාධාවක් කියලා තමා මට හිතෙන්නේ.. ඒ නිසා මං මීට වඩා කතාව කියන්නේ නෑ..
මොකද වෙන්නේ, කවුද ඉන්න චරිත, Credit සීන් වල වෙන්නේ මොනවද කියන හැමදෙයක්ම දැනගන්න ඔයාලම චිත්‍රපටිය බලන්න කියලා මං ඉල්ලනවා..
මතක් කරලා පහළින් කමෙන්ට් එකකුත් දාගෙනම යන්න..
ආයෙම ලස්සන ෆිල්ම් එකක සබ් එකක් අරගෙන ඉක්මනින්ම එන්නම්.. ඔයාලට ජයවේවා!!
..උපසිරසිකරණයේ නවමු රැල්ල සිනෙරු..