Video Sources 517 Views

  • Watch trailer
Mass Jathara (2025) Sinhala Subtitles

Mass Jathara (2025) Sinhala Subtitles

Oct. 31, 2025India144 Min.NR
Your rating: 0
8 1 vote

Synopsis

(Mass Jathara (2025) Sinhala Subtitles) (Mass Jathara (2025) Sinhala Subtitle) (Mass Jathara (2025) Sinhala Sub)

සුභ දවසක් හැමෝටම,

ඔන්න මම අද සිනෙරූ නිවහනට ගොඩ වැදුනේ 2025 ඔක්තෝබර් 31 වන දින තිරගත කිරීම් ඇරඹුනු “මාස් ජතරා” කියන අලුත්ම තෙළිඟු චිත්‍රපටයේ උපසිරැසි අරගෙන. භානු බෝගවරපුගේ පළමු සිනමා අධ්‍යක්ෂණයෙන් හැඩවුණු මේ චිත්‍රපටයේ රවි තේජා සමගින් ශ්‍රීලීලා ප්‍රධාන නළු නිළි දෙපල ලෙස රංගනයෙන් දායක වෙනවා.

පැය 2යි විනාඩි 20කට ආසන්න ධාවන කාලයක් හිමි මේ මාස් ජාතරා චිත්‍රපටයේ බොක්ස් ඔෆිස් ආදායම මේ වෙද්දි ඉන්දියන් රුපියල් කෝටි 16ක් පමණ වෙන අතර එහි නිෂ්පාදන වියදම ඉන්දියන් රුපියල් කෝටි 90ක් පමණ වෙනවා.

මාස ගණනාවක් තිස්සේ චිත්‍රපටය තිරගත කිරීමට නියමිත දිනයක් නොවූ නිසාවෙන් මෙය පසුගිය 31 වෙනිදා තිරගත කිරීම් සදහා දින වෙන් කර ගත්තත්, බාහුබලි චිත්‍රපටයේ නැවත එළි දැක්වීම හේතුවෙන් මෙහි ආදායම් වලට මරු පහරක් එල්ල වූ බව නොරහසක්. ඒවගේම ඇක්ෂන් සහ කොමඩි ශානරය යටතේ දිවෙන මේ චිත්‍රපටයට මිශ්‍ර-ඍණාත්මක ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිවෙලා තියෙනවා බලාගන්න පුළුවන්.

හරි, එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත්,

Ravi Teja – [ලක්ෂ්මන් බේරි]
Sreeleela – [තුල්සි]
Naveen Chandra – [ශිවුඩු]
Rajendra Prasad – [හනුමාන් භේරි]
Taarak Ponnappa – [පත්‍රෝ]
Murali Sharma – [රාජරාම්]

අවංක දුම්රිය පොලිස් නිලධාරියෙකු වෙන ලක්ෂ්මන් බේරි, ඇස් ඉදිරිපිට අසාධාරණයන් සිදුවෙද්දී ඒවා ඔහුගේ අධිකාරිය තුළ නොවුණත් ඔහු ඒවා පාලනයට ගන්න උත්සාහ කරනවා සහ යුක්තිය ඉටු කරනවා. මේ ක්‍රියාවලියේදී වරංගල් වල සේවය කරද්දී ඔහු දේශපාලඥයෙක්ගේ පුතෙක්ට තමන්ගේ විදියට පාඩමක් උගන්වනවා.

ඉන් පසු ඔහුට අල්ලූරි දිස්ත්‍රික්කයේ අඩිවිවරම් දුම්රිය ස්ථානයට මාරු වීමක් ලැබෙනවා. මේ ප්‍රදේශයේ ඒකාධිපති පාලනයක් ගෙන ගිය කෙනෙක් හිටියා.. ඒ තමයි ශිවුඩු.. ඔහු ඒ ප්‍රදේශයේ ගොවීන් කුලී හේවායින් කරගෙන ශීලාවතී වර්ගයේ ගංජා වගා කරලා ඒවා කොල්කටා වෙනකන් ව්‍යාප්ත ජාවාරමක් කරගෙන ගියා.

දිස්ත්‍රික් SP ගෙන් පටන්ගෙන සමස්ථ දේශපාලන පද්ධතියේම සහාය තියෙන ශිවුඩුව සාමාන්‍ය දුම්රිය SI කෙනෙක් නවත්වන්නේ කොහොමද ?

මම කතාව තවත් කියන්න යන්නේ නෑ, ඔයාල බලලම ඉන්නකෝ !

එහෙනම් ගිහින් එන්නම් ,
තවත් අළුත් උපසිරැසියකින් ඉක්මණින් හමුවෙමු.
ඔබට ජය !

Mass Jathara (2025) Sinhala Subtitles
Mass Jathara (2025) Sinhala Subtitles
Original title Mass Jathara
IMDb Rating 5 252 votes
TMDb Rating 5 1 votes

Similar titles

Nenu Leni Na Prema Katha (2021) Sinhala Subtitles
Thangalaan (2024) Sinhala Subtitles
Vikram (2022) Sinhala Subtitles
I Spit on Your Grave (2010) Sinhala Subtitles
The Running Man (2025) Sinhala Subtitles
Ponniyin Selvan: Part I (2022) Sinhala Subtitles
Eternals (2021) Sinhala Subtitles
Emancipation (2022) Sinhala Subtitles
Viduthalai Part 2 (2024) Sinhala Subtitles
Mission: Impossible – Dead Reckoning Part One (2023) Sinhala Subtitles
Zero Tolerance (2025) Sinhala Subtitles
G20

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published