
කුන්ජාලී මරක්කාර් කියන්නේ පසුකාලිනව කෝලිකෝඩ් / කැලිකට් හි රජතුමා උන සාමෝරින් රජුගේ හමුදා බලකායේ අද්මිරාල්වරයෙක්,කැල්කට් වර්තමානයේ හදුන්වන්නේ කේරලය ලෙසිනි.. 16 වෙනි ශතවර්ශයේ පෘතුගීසී ආක්රමණයන්ට එරෙහිව සටන් කරපු වීරයන් අතරට එක්වන තවත් කෙනෙක් තමයි කුන්ජාලී මරෙක්කර් කියන්නේ..මේ කාලය ඇතුලත කුන්ජාලි මරෙක්කාර්ලා හතර දෙනෙක් ඉදල තියෙනවා..ඉතින් මේ හතරදෙනාගෙන්,හතරවෙනි කුන්ජාලි මරෙක්කාර් ගැන තමයි ඔයාලට අද බලාගන්න පුලුවන් වෙන්නේ, අපි සිංහල උපැසිරැසි අරගෙන එන Marakkar: Lion of the Arabian Sea චිත්රපටිය තුලින්…
2021 දෙසැම්බර් 02 නිදා තිරගතවීම ආරම්භ උන මේ චිත්රපටියේ,Mohanlal ,Pranav Mohanlal,Arjun ,Suniel Shetty,Prabhu ,Manju Warrier,Keerthy Suresh,Siddique,Kalyani Priyadarshan ඇතුලු විශාල නලු නිලි කැලැක් දැකගන්න පුලුවන්..
කතාව ගැන කිව්වොත්..මම්මාලි කියන්නේ තරුණ වියේ ඉන්න පිරිමි ලමයෙක්,කල වයසත් හරි එකේ මෙයාට කසාදයක් කරල දෙන්න තමයි හැමෝම ලෑස්තිවෙන්නේ..ඉතින් මම්මාලිගේ අම්මාගේ ආශාවක් තියෙනව කදු මුදුනක තියෙන දේවාලෙක මෙයාගේ කසාදේ කරන්න..ඉතින් එවකට රට පාලනය කරන රජතුමාගෙනුත් අවසර අරගෙන,මනමාලයගේ පවුලේ අයයි,මනමාලිගේ පවුලේ අයයි හැමෝම ඒ දේවාලෙට යන්න පිටත් වෙනවා..ඉතින් මෙයාලට යන්න තියෙන්නේ මහා ඝන කැලයක් මැදින්,කොහොම හරි රෑ වෙනවාත් එක්කම මෙයාල ඒ මගම කදවුරු බැදගෙන රෑ ගත කරල උදේට ආයෙත් ගමන පිටත් වෙන්න තමයි හැදුවේ..ඒ සියලුම හීන බොද කරමින් ,එක පාරටම මෙයාලගේ කදවුරට පෘතුගීසින් විසින් පහර දෙනවා…කදවුරේ ඉන්න සියලුම දෙනාව මරාදමන්න පෘතුගීසින් දෙපාරක් හිතන්නේ නෑ..ඉතින් එතනින් එහාට කතාව බලන එක ඔයාලට බාරයි…