
(Mail (2021) Sinhala Subtitles) Aha විසින් එළිය දාපු තවත් චිත්‍රපටියකට උපසිරැසි අරන් තමයි ආවේ. මේක Mail කියන 2021 නිකුත් වුන චිත්‍රපටියක්. අපි හැමෝම විකට නළුවෙක් විදියට අදුරන Priyadarshi තමයි ප්‍රධාන රංගනයෙන් දායක වෙන්නේ. ඊට අමතරව Harshith, Mani, Gouri, Ravinder, Sunny, Anusha යන අයත් ප්‍රධාන තැනක් අරගන්නවා.
IMDb අගය 7.7 ක් අරන් තියෙන මෙම චිත්‍රපටිය Drama කියන කාණ්ඩයට අයත් වෙනවා. කථාව දිහාට හැරුණම මෙහෙමයි. එක්තරා ගම්මානයක් තියෙනවා. හරිම දුෂ්කර ගමක්. මේක ඇවිල්ලා 2005 වර්ෂය. ඉතිං ඒ සමයෙ ටවුමෙ අය දන්නවා උනත් මේ ගමේ අය “පරිගණකය” කියන වචනෙත් අහල තියෙන්නෙ බොහොම සුළු දෙනායි. ගමෙන් 98%ක්ම එහෙම එකක් දකින්න තියා, එහෙම එකක් ගැන අහලවත් නෑ. ඉතිං දවසක් මේ ගමට එක් අයෙක් පරිගණකයක් ගේනවා. ඒකත් ව්‍යාපාරයකට.ඒ තමයි ගේම් ගස්සවන්න. පැයකට රු 10යි.
ඉතිං අපේ වීරයා රවී.. එයාට හෙන ඕනෙකමක් තියෙන්නෙ කම්පියුටර් ඉගෙනගන්න. ඉතිං පරිගණකය අයිති කෙනාගෙ නීති 3ක් යටතේ ඔහු දැන් කම්පියුටර් ඉගෙනගන්නවා. මුලින්ම මොහුට මේල් එකක් හදලා දෙනවා. ලෝකෙ ඕනෙම කෙනෙක්ට ලියුම් ලියන්නත් පුළුවන්, එවන්නත් පුළුවන් කියලා තමයි පරිගණක කඩේ අයිය නම් කිව්වෙ.
ඉතිං රවී ගැහැණූ ළමයට මේල් අයි.ඩී එක ගෙනිහින් දෙනවා ලියුම් එවන්න කියලා. එච්චරටම නොදැනුවත් ඒ ගමේ අය. ඉතිං ඔහොම ඉද්දි එක පාරට රවීට ලැබෙන මේල් එකකින් තමා මේ අයගෙ ජීවිත උඩි යටිකුරු වෙන්නේ. මං මේකට උපසිරැසි ගෙනාවෙ ඒ කාලෙ මෙවැනි සිද්දි වලට මුහුණ පෑ අයව දන්න කියන අයත් ඉන්න නිසයි. එහෙනම් මේල් එකක් කල හරියක් බලන්නකො.