Video Sources 822 Views

  • Watch traileryoutube.com
Maestro (2021) Sinhala Subtitles

Maestro (2021) Sinhala Subtitles

Sep. 17, 2021IndiaNot Rated
Your rating: 10
10 1 vote

Synopsis

( Maestro (2021) Sinhala Subtitles ) (Maestro (2021) Sinhala Sub)

ආයුබෝවන් යාලුවො හැමෝටම..!

අදත් අරගෙන ආවෙ අලුත් තෙලිඟු චිත්‍රපටයක සිංහල උපසිරැසි තමයි.2018 වර්ශයේ තිරගත වුන Andhadhun කියන හින්දි චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක් තමයි මේ චිත්‍රපටය.නම යොදාල තියෙන්නෙ Maestro කියලා.මේක Action / Comedy / Thriller කාණ්ඩවලට අයත් ෆිල්ම් එකක්.

හරි ෆිල්ම් එක ගැන කතා කලොත් මෙහෙමයි.මේ ෆිල්ම් එක කොවිඩ් නිසා පරක්කු වුන ෆිල්ම් අතරෙම එකක්.ඉතින් තියටර් රිලීස් නොවී Disney + Hostar හරහා තමයි ඔර්ජිනල් පිටපත් අපේ අතට පත් වුනේ.ෆිල්ම් එක අධ්‍යක්ෂණය කලේ Merlapaka Gandhi විසින් වන අතර Sudhakar Reddy සහ Nikitha Reddy දෙන්නා Shrest Movies හරහා කල නිෂ්පාදනයක්.ඉතින් මේ Sudhakar Reddy සහ Nikitha Reddy දෙන්න වෙන කවුරුත් නෙමෙයි.නිතින්ගේ තාත්තයි, අක්කයි.ඒවගේම සංගීතය Mahati Swara Sagar ගෙන්.

ඊලගට හැරෙමු අපි නලු නිලියො පැත්තට.තෙලිඟු සිනමාවේ ” Youth Star “ කියන නමින් හඳුන්වන Nithiin Reddy තමයි මේකෙ ප්‍රධාන නලුවා වෙන්නේ.ඉතින් මං පුද්ගලිකවම කැමති නලුවෙක් තමයි මේ.මම මීට කලින් උපසිරැසි ගන්වපු Bheeshma , Check , Rang De ෆිල්ම් තමයි නිතින්ගෙ මෑතකදී ආව ෆිල්ම්.එතකොට මේ එයාගෙ මේ අවුරුද්දේ එන තුන්වෙනි ෆිල්ම් එක.මේකට පස්සෙ එන ෆිල්ම් එකෙත් වැඩ කටයුතු මේ ලගදි පටන් ගත්තා.
හරි එතකොට ප්‍රධාන නිලියො දෙන්නෙක් මේ ෆිල්ම් එකේ ඉන්නව.සුරූපී නිලි Tamannaah සහ හැඩකාර Nabha Natesh තමයි ප්‍රධාන නිලියො විදියට රංගනයේ යෙදෙන්නේ.

(Maestro Cast)

ෆිල්ම් එකේ යටගියාව පොඩ්ඩක් බැලුවොත්.2019 සැප්තැම්බර් මාසෙ The Times of India වාර්තා කරල තිබුනේ නිතින්ගේ තාත්තා Sudhakar Reddy මේ චිත්‍රපටය නිර්මානය කරන්න අයිතිය අරගෙන තියෙන බව.ඊට පස්සෙ 2020 පෙබරවාරි ෆිල්ම් එක තහවුරු කරල කොවිඩ් වල බලපෑම නිසා නවත්ත නවත්ත කරගෙන ඇවිත් 2021 මාර්තු ෆිල්ම් එකේ නම අනාවරණය කලා.පස්සෙ මෑතකදී අපිට නිව්ස් එක ආව මේක තියටර් නොදා Disney + Hostar හරහා ෆිල්ම් එක ඔර්ජිනල් පිටපත්ම ලබා දෙනවා කියලා.

(Maestro Pre Release Event)

අරුන් කියන්නෙ ඇස් පේන්නෙ නැති දක්ෂ පියානො වාදකයෙක්.ඉතින් මෙයා එක මිනීමැරුමක සාක්ෂි කාරයෙක් වෙන එකෙන් තමා හැම ගැටලුවක්ම ඇති වෙන්න ගන්නේ.ඒ මොනවද සම්පූර්ණ කතාව ෆිල්ම් එක බලල දැනගන්න.ඉතින් අපූරු සින්දු ටිකකුත් උපසිරැසි ගන්වල තියෙන්නෙ ඒවත් එක්කන රසවිදින්න.

ඉතින් මං පහලින් මේකෙ ට්‍රෙයිලර් එක සිංහල උපසිරැසි එක්ක දාන්නම් ඒකත් බලල ඉන්නකෝ.ගිහින් එන්නම් හැමෝම පරිස්සමෙන් ඉන්න.

Maestro (2021) Official Trailer | With Sinhala Subtitle 

ඔබට ජය !

Original title మాస్ట్రో

Similar titles

Ardha Shathabdham (2021) Sinhala Subtitles
Snakehead (2021) Sinhala Subtitles
Kinnerasani (2022) Sinhala Subtitles
Kodiyil Oruvan (2021) Sinhala Subtitles
Bhoothakaalam (2022) Sinhala Subtitles
The Unbearable Weight of Massive Talent (2022) Sinhala Subtitles
Mumbai Saga (2021) Sinhala Subtitles
No Way Out (2022) Sinhala Subtitles
Shock Wave 2 (2020) Sinhala Subtitles
Watcher (2022) Sinhala Subtitles
Boomika (2021) Sinhala Subtitles
Maharshi (2019) Sinhala Subtitles

(2) comments

  • රශීනාMarch 2, 2022Reply

    කොහෙද තියෙන්නෙ චෙක් ෆිල්ම් එක මෙකෙ නැහැනේ ඒ ෆිල්ම් එක. මිට කලින් උපසිරැසි ගන්වපු එකක් කියල තියෙන්නෙ. කොහෙන්ද ෆිල්ම් එක ඩවුන්ලොඩ් කර ගන්නෙ

    • Pirate.LKMarch 2, 2022Reply

      link kiyana ekan balanna

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published