Video Sources 2303 Views

  • සිංහල උපසිරැසි සමග
Maa Nanna Super Hero (2024) Sinhala Subtitles

Maa Nanna Super Hero (2024) Sinhala Subtitles

Oct. 11, 2024India124 Min.Not Rated
Your rating: 0
9.5 2 votes

Synopsis

(Maa Nanna Super Hero (2024) Sinhala Subtitles) (Maa Nanna Super Hero (2024) Sinhala Sub) (Maa Nanna Super Hero  Sinhala Subtitles) (Maa Nanna Super Hero  Sinhala Sub)

 

ආයුබෝවන් හැමෝටම ❤️

ඔන්න තවත් අලුතෙන්ම ආපු ලස්සන තෙළිගු ෆිලුමකට සබක් අරගෙන සයිට පැත්තට ගොඩ උනා ඔන්න.. වැඩේ බාරදුන්නේ සුපුරුදු විදියට සමිත අයියට වගේම හෙල්ප් එක වෙනුවෙන් උචී අක්කට ස්තුතියි ❤️

2024 ඔක්තෝම්බර් 11 වෙනිදා නිකුත් වෙච්ච මේ චිත්‍රපටය අයත් වෙන්නෙ ගොඩක් අය ආස Family & Drama කියන කැටගරි එකට.. රංගනයෙන් දායක වෙන්නෙ නම් තෙළිගු සිනමාවේ ගොඩක් වෙලාවට අපිට මුණගැහෙන ප්‍රසිද්ද නළු නිලියෝ පිරිසක්.. තෙළිගු ෆිල්ම් බලන අය නම් Sudheer Babu ව හොදට දන්නවනේ.. එයා තමයි ප්‍රධාන චරිතය සදහා රංගනයෙන් එකතු වෙන්නෙ.. මේක සුදීර් ගෙ මේ අවුරුද්දේ ආපු දෙවනි ෆිල්ම් එක.. කලින් ආපු Harom Hara ෆිලුමත් කට්ටිය බලන්න ඇති නේ..

හැබැයි මේක නම් ඊට වඩා හාත්පසින්ම වෙනස් කතාවක්.. ඒවගේම කතාව තාත්විකයි සහ අනවශ්‍ය ඇක්ෂන්, ආදර ගීත, නළුවාව ඕනෑවට වඩා පුම්බන්න හදන එක වගේ දේවල් මේකේ තිබ්බේ නෑ.. ගීත උනත් Emotional පැත්තට බර කරල තිබුනේ සහ හරිම ලස්සන සරල කතාවක් මේක ඇතුලෙ තියෙන්නේ.. නිදහසේ බලලා ඉවර කරන්න පුළුවන්..

අධ්‍යක්ෂණය සහ රචනය – Abhilash Reddy Kankara
රංගනය – Sudheer Babu
Sayaji Shinde
Sai Chand
Aarna
භාෂාව – තෙළිගු
ධාවන කාලය – මිනිත්තු 126

කතාව පැත්තට ගියොත්,

තමන්ගේ දරුවාව අනාථ නිවාසයකට බාරදීලා නොකරපු වරදකට හිරේට යන ප්‍රකාශ් අවුරුදු 25කට පස්සේ හිරෙන් එලියට එන්නෙ තමන්ගේ දරුවාව හොයාගෙන.. ඔහොම ඉන්න අතරේ මෙයාට ලොතරැයියක් ඇදෙනවා..
ශ්‍රිනිවාස් කියන්නෙ වට පිටාවේ මිනිස්සු හැමෝගෙන්ම සල්ලි අරගෙන ඒවා කොටස් වලට ආයෝජනය කරල ඒවා පහත වැටිලා සල්ලි නැති උනාම නිතරම පොලිස් කුඩුවේ ඉන්න කෙනෙක්.. මෙයාගේ පුතා තමයි ජොනී කියන්නෙ.. එයා තාත්තට සෑහෙන්න ආදරෙයි.. එයා කොහොම හරි කරල තාත්තගේ ණය ගෙවල එයාව ප්‍රශ්න වලින් ගලවනව.. හදිස්සියේ ශ්‍රිනිවාස් අතින් කොටස් වලට ආයෝජනය කරන ලක්ෂ 84ක මුදලක් නැති වෙනවා.. ඒ මුදල් මෙයා අරගන්නේ දේශපාලකයෙක්ගෙන්.. සල්ලි නොදුන්නොත් තාත්තව මරනවා කියන තර්ජනය නිසා ජොනී සල්ලි හොයන්න පාරට බහිනවා.. අහම්බෙන් වෙන සිද්දියකින් ජොනීට ප්‍රකාශ්ව මුණගැහිලා ඔහුගේ ලොතරැයිය ගැන දැනගන්න ලැබෙනවා.. ජොනී මේ ලොතරැයිය ගන්න ප්‍රකාශ්ව රවට්ටන්න තමයි සැරසෙන්නේ..
ඇත්තටම ජොනී කියන්නෙ ශ්‍රිනිවාස් අනාථ නිවාසයකින් හදාගන්න ගත්ත ළමයෙක්.!

මෙතනින් එහාට මොකුත් කියන්නෑ ඔයාලම බලන්නකෝ මේ ලස්සන කතාව ❤️

හැමෝටම ජය ❤️

Original title మా నాన్న సూపర్ హీరో
IMDb Rating 8.6 79 votes

Director

Cast

Sai Chand isPrakash
Prakash
Annie isPrakash's Friend
Prakash's Friend
Shashank isArshad
Arshad
Devi Prasad isJohnny's Uncle
Johnny's Uncle
Raju Sundaram isEx-Military Man
Ex-Military Man
Aamani isSrinivas's Wife
Srinivas's Wife

Similar titles

The Time Renegade (2016) Sinhala Subtitles
Hanu-Man (2024) Sinhala Subtitles
Oh My Dog (2022) Sinhala Subtitles
Warriors of Future (2022) Sinhala Subtitles
The Guilty (2021) Sinhala Subtitles
Bogota: City of the Lost (2024) Sinhala Subtitles
The Birthday Boy (2024) Sinhala Subtitles
Jeena Isi Ka Naam Hai (2017) Sinhala Subtitles
Sundari Gardens (2022) Sinhala Subtitles
Randhawa (2020) Sinhala Subtitles
Moppala (2025) Sinhala Subtitles
Jan.E.Man (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published