
(Luca (2021) Sinhala Subtitles) ජූනි 16 වෙනිදා නිකුත් කෙරුණු ලස්සන ඇනිමේෂන් චිත්‍රපටියක්. අළුත්ම චිත්‍රපටියක් වුනාට, මේවෙනකොටත් බොහෝ දෙනෙක් නරඹලා තියෙන, බොහෝ දෙනෙක් කතා කරන දෙයක් වෙලා. ඒ නිසාම ඔන්න ඉක්මනින්ම සිංහල උපසිරැසි ලබා දුන්නා. මේ කතාව දිවෙන්නේ ඉතාලි සම්භවයක් තියෙන පරිසරයක් මූලික කරගෙන. ඒ නිසා චිත්‍රපටිය පුරාවටම, ඉතාලි දෙබස් සහ වචන භාවිතය ගොඩාක් වැඩියි. ඒ නිසා, පරිවර්තනය ඉංග්‍රීසි චිත්‍රපටියක් කරන තරම් පහසු දෙයක් වුනේ නෑ. කොහොමහරි, චිත්‍රපටිය නරඹන්න අසාධාරණයක් නොවෙන්න ඇති කියලා බලාපොරොත්තු වෙනවා.
මෑතකදී නිකුත් කලත්, මේ වෙනකොටත් ගොඩාක් දෙනෙක් තම මනාපය පල කරලා තියෙනවා. මේ ලිපිය ලියන කොට, මේ චිත්‍රපටිය ලබාගෙන තිබුණා IMDB 7.7, RottenTomatoes 89%, Metacritic 71%, Google Users 88%.
චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Enrico Casarosa විසින්. ඔහු Jesse Andrews ගේ අදහසක් තමයි තිර රචනයට කරලා තියෙන්නේ. දෙබස්, කතාව ඉතා දක්ෂ විදියට දකින්න ලැබෙන අවස්ථාවක් මේක. පොඩි දරුවන් ඉලක්කගත නිසාම, යොදාගන්න වචන පවා, පැහැදිලිව තැනට ඔබින විදියට තියෙනවා. මේකට තම කටහඬින් දායක වෙලා තියෙනවා, Jacob Tremblay (ලූකා), Jack Dylan Grazer (ඇල්බර්ටෝ), Emma Berman (ජූලියා), Saverio Raimondo (එරකොලේ) ඇතුළු ගොඩාක් දෙනෙක්.
කතාව ගැන කෙටියෙන් කියනවානම්, මුහුදු යක්ෂයෝ කියලා ජීවීන් කොටසක් මුහුදේ ඉන්නවා. එයාලාට හොඳට කතා කරන්න පුළුවන්ලු. හැබැයි මෙයාලාගේ විශේෂත්වය තමයි, ගොඩබිමට ආවාම සාමාන්‍ය මිනිහෙක් බවට පත්වීම. ඒ පරිවර්තනය තියෙන්නේ වතුර නොගෑවෙනකල් විතරයිලු. මෙහෙම ගොඩබිමට එන මුහුදු යක්ෂයෝ දෙදෙනෙක් ගැන තමයි මේ කතාව. එයාලා මනුෂ්‍ය නගරෙකට එන්නේ අසාවට. එහෙදී මුණ ගැහෙන ජූලියා එක්ක යාළුවෙන මෙයාලාගේ අනාගතය මොන වගේ වෙයිද? ඒ යන නගරය මෙයාලාට ආරක්ෂිත එකක් වෙයිද? මේ චිත්‍රපටිය රස විඳින්න, මේ සිංහල උපසිරැසි සමඟින්ම. ජයවේවා!!!