
(Last Seen Alive (2022) Sinhala Subtitles) (Last Seen Alive (2022) Sinhala Sub)
Brian Goodman විසින් අධ්‍යක්ෂණය කරන ලද Marc Frydman රචිත මෙම Last Seen Alive චිත්‍රපටය ප්‍රථමයෙන්ම තිරගත වුනේ මෙම වසරේ (2022) මැයි 12 වෙනිදායි.මෙය අයත් වෙන්නේ Action | Mystery | Thriller කාණ්ඩ වලටයි.Gerard Butle , Jaime Alexander විසින් මෙහි ප්‍රධාන චරිත වලට පණපොවා ඇත.මෙම චිත්‍රපටයේ කතන්දරය Breakdown 1997 චිත්‍රපටයට ටිකක් සමානයි.ඒත් ඊට වඩා Last Seen Alive චිත්‍රපටයෙ ගොඩක් දේවල් බොහෝ දුරට යථාර්ථවාදී වගේම සරලයි… මේ ලෝකෙ වෙන්න බැරි දේවල් කියලා හිතෙන දේවල්,ඕවර් ඇක්ටින් එහෙම නෑ මේ චිත්රපටියෙ.. පැය 1 මිනිත්තු 30 ක් දිවෙන මේ චිත්‍රපටිය පුරාම වගේ කියන්නේ ආදරය කරන කෙනෙක්ව බේරගන්න එක මිනිහෙක්ට කොයිතරම් දුරක් යන්න පුළුවන්ද කියන එක..කොහොම වුනත් මේකේ භාෂාවනම් ටිකක් අවුල්.සබ් එකේ පුළුවන් විදිහට ඒ දේවල් වෙනස් කරලා ඇති.හරි ඉතින් කතාවත් ටිකක් කියන්නම්කො…
ව්‍යාපාරිකයෙකු වන විල් ස්පෑන් ගෙ බිරිඳ ලීසාට පොඩි පවුල් ප්‍රශ්ණයක් නිසා ටික දවසකට අම්මලගෙ ගෙදර යන්න ඕන වෙනවා.මේ යන අතරමගදී ගෙදරට ගොඩක් සමීප හරියකදි වාහනේ ඉන්ධන ඉවර වෙන නිසා ඉන්ධන පිරවුම්හලක නවත්තන්න විල් ට සිද්ධවෙනවා.විල් ඉන්ධන පුරවගන්න අතරේ ලීසා එතන තියෙන මාකට් එකට යන්නෙ බොන්න දෙයක් ගන්න.විල් ගොඩක් වෙලාවක් බලන් හිටියත් ලීසා ආවෙ නැහැ.වෙලාව ගතවෙන්න ගතවෙන්න විල් පිස්සුවෙන් වගේ ලීසාව හොයනවා…පොළිසියේ උදව් පවා පතනවා..ඒත් පොළිසියෙන් හොයන එකෙන් සෑහීමකට පත්වෙන්න මිනිහට බෑ..ඉතින් නීතිය බල්ලට දාලා මෙයා කොහොම හරි දගලන්නෙ ලීසාව හොයාගන්න….මාකට් එකේ අයවත් ලීසව දැකලා නෑ…ලීසා විල්ව දාලා ගෙදරවත් ගියාද..?එහෙම නැත්නම් ලීසාට ඇත්තටම මොකද වුනේ…?පොළිසිය සැක කරන විදිහට මේක විල්ගේ රඟපෑමක්ද..?ඔයාලම බලලා දැනගන්නකො..