Kiss (2025) Sinhala Subtitles

Kiss (2025) Sinhala Subtitles

Sep. 19, 2025India143 Min.NR
Your rating: 0
5 1 vote

Synopsis

(Kiss (2025) Sinhala Subtitles) (Kiss (2025) Sinhala Subtitle) (Kiss (2025) Sinhala Sub)

ආයුබෝවන් හැමෝටම ❤️

ඔන්න ඉතින් තවත් සුපිරි tamil ෆිලුමකට උපසිරැසි අරන් ආව ඔයාලා වෙනුවෙන්.. මේක මරු ජොලි ෆිලුමක් ❤️🤣

Rom-Com ෆැන්ටසියක් වෙන මේ ෆිලුම නිකුත් වුනේ 2025 සැප්තැම්බර් 19 වෙනිදා.. ප්‍රධාන නළුවා විදියට රංගනයෙන් දායක වෙන්නෙ ගොඩක් අය ආදරේ කරන Dada 2023 ෆිලුමෙන් ප්‍රසිද්දියට පත් වුන Kevin.. පොරගේ තියෙන්නේ අමුතු ෆිල්ම් සෙට් එකක් නේ.. එකට එකක් මරු.. ඒවගේම තමයි මේකත් ආතල් ඇක්ටිනුත් පට්ට ❤️😂 මේක පටන් ගද්දිම මට මතක් උනේ ශිවාකාර්තියන්ගේ Maaveeran ෆිල්ම් එක.. මොකද ෆිලුම පටන් ගත්තේ Vije Sedupathi ගේ හඬින්.. ඔහු හඬින් විතරයි දායකත්වය දීලා තිබුණේ.. මේකෙ මරු කොමඩි ටිකක් වගේම ලස්සන ලව් ස්ටොරියකුත් තියෙනවා.. ප්‍රධාන නිලිය විදියට රංගනයෙන් දායක වෙන්නෙ Yashoda 2022, Ayothi 2023 වගේ ෆිල්ම් වල රංගනයෙන් දායක වුන Preethi Asrani විසින් 🤗🤍 ඒවගේම ගොඩක් කුතුහලයෙන් බලන්න පුළුවන් අමුතුම විදිහේ ස්ටෝරි එකක් මේ තියෙන්නේ.. ක්ලයිමැක්ස් එක නම් ටිකක් මදි වගේ දැනුනත්, Overall ෆිලුම පට්ට 🔥❤️

අධ්‍යක්ෂණය – Sathish Krishnan
භාෂාව – දමිළ
ධාවන කාලය – මිනිත්තු 143

රංගනය

Kavin – නෙල්සන් ලෙසින්
Preethi Asrani – සාරා ලෙසින්
RJ Vijay – සෑම් ලෙසින්
VTV Ganesh – සෑම්ගේ පියා ලෙසින්

කතාව පැත්තට ගියොත්,

නෙල්සන් කියන්නෙ කැම්පස් කොල්ලෙක්, පොරට ලව් අරහං.. කොටින්ම කිව්වොත් පෙන්නන්න බෑ.. ඉතින් දවසක් හදිස්සියේ ගෑනු ළමයෙක්‌ ඇවිත් නෙල්සන්ට පොතක් දෙනවා.. මේ පොත දුන්නු වෙලාවේ ඉදන් තමයි පොරට හොද ආතල් එකක් සෙට් වෙන්නෙ.. කවුරු හරි කපල් එකක් “කිස්” කරනවා දැක්කොත්, නෙල්සන්ට එයාලගෙ අනාගතේ වෙන්නෙ මොනවද කියලා විනාඩියෙන් දෙකෙන් පේනවා.. නෙල්සන් ලව් වලට කැමති නැති නිසා එයා ගොඩක් අයගේ ලව් බ්‍රේකප් කරනවා.. මෙයා මේ ප්‍රශ්නේ ගැන ස්වාමි කෙනෙක්ගෙන් ඇහුවාම එයා කියන්නෙ පොත දුන්නු කෙනා ගාව තමයි මේකට උත්තරේ තියෙන්නේ කියලා.. ඉතින් නෙල්සන් මේ ගෑණු ළමයව කොහොමහරි යාළු කරගන්නවා.. දවසක් හදිස්සියේ මේ දෙන්න අතරේ සිප ගැනීමක් සිද්ද වෙනවා.. මෙන්න මේ වෙලාවේ නෙල්සන් එයාල දෙන්නගෙ අනාගතේ දකිනවා.. එවලේ දකින දෙයින් තමයි පොරගෙ ආතල් කුඩු පට්ටම් වෙන්නෙ..

මොකක්ද අර පොත?

මොනවද නෙල්සන්ටයි එයාගෙ ආදරවන්ති යටයි වෙන්නෙ?

මේකෙ සිප ගැනිම් තිබ්බට ටීවී එකේ බලන්න බැරි තරමේ ඒවා නෑ හොදේ 🤭❤️

හැමෝටම බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා ගිහින් එන්නම් ජය ❤️

Kiss (2025) Sinhala Subtitles
Kiss (2025) Sinhala Subtitles
Kiss (2025) Sinhala Subtitles
Kiss (2025) Sinhala Subtitles
Kiss (2025) Sinhala Subtitles
Kiss (2025) Sinhala Subtitles
Kiss (2025) Sinhala Subtitles
Kiss (2025) Sinhala Subtitles
Kiss (2025) Sinhala Subtitles
Original title கிஸ்
IMDb Rating 7 246 votes
TMDb Rating 10 1 votes

Similar titles

Raksha Bandhan (2022) Sinhala Subtitles
House Mates (2025) Sinhala Subtitles
Sirai (2025) Sinhala Subtitles
Bogota: City of the Lost (2024) Sinhala Subtitles
Good Luck Sakhi (2022) Sinhala Subtitles
Dhadak 2 (2025) Sinhala Subtitles
ACT-1978 (2020) Sinhala Subtitles
Frankenstein (2025) Sinhala Subtitles
Hotel Transylvania: Transformania (2022) Sinhala Subtitles
Marty Supreme (2025) Sinhala Subtitles
Aaradugula Bullet (2021) Sinhala Subtitles
Cinderella (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published