ආයුබෝවන්! යාළුවො හැමදෙනාටම. මං මෙලෙසින් ඔයාලට ගෙන එන්නේ මගෙ පලමුවන උපසිරසිය. මාත් එක්ක මේ වැඩේට මගේ යාලුවා අශේන් කවිදුත් සම්බන්ද උනා . මේ චිත්රපටිය 2021 වසරෙදි නිකුත් උන , IMDb දර්ශකයේ 8.1/10 අගයක් ලැබුන එකක්…දමිල සහ මලයාලම් භාෂාවෙන් අලංකාර උන මේ චිත්රපටියෙ මලයාලම් රසිකයන්ටනම් සුපුරුදු පරිසරය දකින්න පුලුවන් , වැඩිය හුරුපුරුදු නළුවො නැතිවුනාට මේ කතාව අපිට කියන්නෙ හැමෝම වගේ දන්න විජේ සේතුපති විසින්..
කතාව පැත්තට හැරුනොත්, චික්කු පාන්ඩි සහ එයාගෙ සහෝදරයො එකතුවෙලා තමන්ගෙ තාත්තගෙ මිනීමරුවගෙන් පලිගන්න ආකාරය තමයි යන්නෙ, සහෝදරයන්ගේ පලිගැනීමේ සැලසුමක්, නොසිතූ ප්රතිවාදියෙක්, මෙයාලට ආපු වැඩේ කරගන්න පුලුවන් උනාද, මේ දේවල් දැනගන්න නම් ඔයාලට මේ කතාව අරන් බලන්නම වෙනවා, අඩුපාඩු ඇති , එහෙනම් පලවෙනි උපසිරැසියෙ හොද නරක කියාගෙනම යන්නකෝ, ජය වේවා!!!