
( Jagame Thandhiram (2021) Sinhala Subtitles )
සුභ දවසක් වේවා හැමෝටම ඔන්න ඉතිං ඊයේ දවාලේ නිකුත් උන හැමෝම එනකල් බලන් හිටිය දනුෂ්ගේ Jagame Thandhiram (2021) චිත්රපටයේ උපසිරැසි අරගෙන ආව මම චූටියා ..
2021 අගෝස්තු 27 තිරගතකිරීමට සැලසුම් කර තිබූ මෙම චිත්රපටය පැවතී ගිය කොරෝනා වසංගතය හේතුවෙන් Netflix හරහා ඊයේ දින එනම් 2021 ජුනි මස 18 වෙනිදා දහවල් 12.30 ට චිත්රපටය ott මාධ්යෙන් නිකුත් කෙරුනා… මේ වන විට IMDB මීටරයේ 7.1/10 ඉහල අගයක් ගන්න සමත් වෙලා තියෙන මෙම චිත්රපටය ගූගල් පරිශීලක මනාප 92% ක් ලබාගෙන තියෙනවා….
චිත්රපටයේ අධ්යක්ෂනය කාර්තික් සුබ්බුරාජ් මහතා විසින් සිදු කර ඇති අතර නිෂ්පාදනය S.Sashikanth මහතා සමඟින් Chakravarthy Ramachandra යන මහතුන් විසින් සිදු කර ඇත……
මෙම චිත්රපටයේ ප්රධාන චරිතය ඔබ අප කවුරුත් දන්න Indian Bruce lee යන අනුවර්තන නාමයෙන් හඳුන්වන DHANUSH තමා රඟ දක්වන්නේ ඔහුත් සමඟ චිත්රපටයේ ප්රධාන නිලිය ලෙස AISHWARYA LEKSHMI රංගනයෙන් දායක වෙනවා…
ඊට අමතරව මෙහි සහය නලුවන් හා තවත් ප්රධාන පෙලේ නලුවන් ලෙස………
|
කතාව මෙහෙමයි…….
සුරුලි කියන්නෙ තමිල්නාඩුවෙ එක ගමක පරාට කඩයක් කරන මැරයෙක් , මෙයාගෙ අම්මා මේ දේවල් දන්නේ නැ ඉතිං ඔහොම ඉන්නකොට සුරුලි මේ මැර වැඩ වලදී කෙනෙක්ව මරනවා ඔය මරණය නිසා සුරුලිගෙ ජීවිතේට ප්රශ්නයක් එනවා ඒ හේතුව නිසා සුරුලිගේ බොසා කියනවා මාසෙකට විතර කොහෙ හරි ගිහිල්ලා හැංගෙන්න කියලා ඔන්න ඔය අතරේ තමා එංගලන්තයේ කෙනෙක් සුරලිගේ කඩේට එන්නේ තව සුරුලිගෙ යාලුවෙක්ගෙ යාලුවෙක් එක්ක ඉතිං මේ එන අය සුරුලිට යෝජනාවක් කරනවා ඒ ” මැරයෙක් විදිහට උපදෙස්” දෙන්න එංගලන්තෙට එන්න කියලා ( ඇයි මෙහෙම කියන්නෙ කියලා කතාව බලලන හොයාගන්නෝ) ඉතිං මේ එංගලන්තෙ තියෙනව මැර කල්ලි දෙකක් එකක් “පීටර්” ගේ අනික ” “සිවදෝස්” ගේ මේ දෙගොල්ලන්ගෙන් පීටර් තමා සුරුලිව කැඳවන්නේ ඒ සිවදෝස්ව විනාශ කරවන්න…. ඉතිං මේ යෝජනාව වෙනුවෙන් ඔවුන් විශාල මුදලක් දෙන්නම් කියන නිසා සුරුලි යනවා එංගලනෙතෙට ඔය යන ගමනින් තමා සුරුලිගේ ජීවිතේම වෙනස් වෙන්නේ….
ඉතිං එතනින් එහාට මම කියන්නෙ නෑ හැමෝම ෆිල්ම් එක බලලම දැනගන්න ..
එහෙනම් මම ගියා හැමෝටම බුදු සරණයි