Hunt (2023) Sinhala Subtitles

Hunt (2023) Sinhala Subtitles

Guns Don't LieJan. 26, 2023IndiaNot Rated
Your rating: 0
10 1 vote

Synopsis

(Hunt (2023) Sinhala Subtitles) (Hunt (2023) Sinhala Sub) (Hunt Sinhala Subtitles) (Hunt Sinhala Sub)

ඔන්න තවත් අලුතෙන්ම අද උදේ ඇවිල්ල තිබුන සුපිරිම සුපිරි ෆිලුමක් අරන් ආව… One Day මැච් එකක් ගහලා සබ් එක අරන් ආවේ ඔයාලට ඉක්මනට දෙන්න ඕන නිසා 😁

වැඩේ බාර දුන්න අංජුල අයියාවයි හැමදාම සපෝට් කරන සමිත අයියවයි මතක් කරගෙනම ෆිලුම දිහාට යන්කෝ ✌️♥️

2023 ජනවාරි 26 වෙනිදා නිකුත් වුණ මේ තෙලුගු ෆිල්ම් එක අයත් වෙන්නෙ Action / Crime / Thriller කියන Category එකට… IMDB මොනවා කොහොම කිව්වත් ෆිලුම මට නම් පට්ට ❤️👌 අනික IMDB එක ලැබිල තියෙන්නෙත් 85 දෙනෙක් වගේ ටික දෙනෙක්ගෙන්..

මේ ෆිලුම අධ්‍යක්ෂණය කරන්නේ Mahesh Surapaneni කියන අධ්‍යක්ෂකවරයා විසින්.. ඒ වගේම මේක සත්‍ය සිදුවීම් කිහිපයක් මුල් කරගෙන නිෂ්පාදනය උනා කියලයි අන්තර්ජාලය නම් කියන්නේ 😍 කොහොම හරි ප්‍රධාන චරිතය සදහා රංගනයෙන් දායක වෙන්නෙ Sudheer Babu කියන අපි දන්න කියන ඒ සුපිරි තෙලුගු නළුවා විසින්… ගොඩක් වෙලාවට එක දිගටම Love Story වල රගපෑ නළුවෙක් විදිහට මෙයා මේ ෆිලුමෙදි ඒ සීමාවෙන් පිට ගිය ගතියක් පේන්න තියෙනවා.. මොකද මේ ෆිල්ම් එකේ love story එකක් නැති නිසා… අනික Naani ගේ V 2020 ෆිලුම බලපු අය දන්නවනේ Sudheer, Naani එක්ක ඒ ෆිලුමේ කරට කර Act කරේ කොහොමද කියලා.. ඒ නිසා මිස් කරගන්නේ නැතුව බලන්න 🤗❤️

දෙවන ප්‍රධාන චරිත සදහා හැමෝම දන්න තවත් සුපිරි දමිළ නළුවෙක් වෙන Bharath විසින් රංගනයෙන් දායක වෙනවා…මෙයාගේත් Pottu 2018, Kaalidas 2018 වගේ ෆිල්ම් බලපු අය දන්නව ඇති නෙ කොල්ලගේ වැඩ කොහොමද කියලා 🤭♥️

●Cast
◈Sudheer Babu as Arjun
◈Srikanth as Mohan Bhargav
◈Bharath as Aryan Dev
◈Kabir Duhan Singh as Vikram Singh
◈Mime Gopi as Roy

යමු විස්තරේ පැත්තට 🤪

අර්ජුන් කියන්නේ සහකාර පොලිස් කොමසාරිස් කෙනෙක්… මෙයාගේ හොදම යාලුවෝ දෙන්න තමයි ආර්යන් සහ මෝහන් කියන්නේ..මේ දෙන්නත් පොලිසියේ ඉහළ නිලධාරීන්.. එක්තරා අවස්ථාවක පොලිස් රාජකාරිය අගය කරමින් ආර්යන්ට ලොකු උත්සවයක් තියලා සම්මානයක් දෙනවා.. ඒ සම්මානෙ අරන් ආර්යන් වේදිකාවේ කතා කරමින් ඉන්නකොට හදිස්සියේම එයාට වෙඩි වැදිලා එයා එතනම මැරෙනවා.. මේ නඩුව කරන්න බාරගන්නේ ඔහුගේ යාළුවා අර්ජුන්.. අර්ජුන් මේ නඩුව විසදගෙන ඒ මිනීමැරුම පිටිපස්සේ ඉන්නේ කව්ද කියලා කියන්න හදනකොටම වාහනේ ඇක්සිඩන්ට් වෙලා එයාගෙ මතකය සම්පුර්ණයෙන්ම නැති වෙනවා…ආයෙත් විමර්ශණය මුල ඉදන් පටන් ගන්න වෙනවා… මෙතනින් එහාට අර්ජුන්ට මොන මොන ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙයිද කියල ඔයාලටම දැනගන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා 🔥😚
අන්තිමට කියන්න තියෙන්නෙ IMDB බල බල ඉදල මේ ෆිලුම මිස් කරගන්න එපා! පට්ට ෆිලුමක් මේක!

තවත් සුපිරි ෆිලුමක් අරන් ඉක්මනට එන්නම්.. හැමෝටම බුදුසරණයි! ජේසු පිහිටයි!

අලුත්ම ෆිල්ම්ස් බලන්න, Cineru එක්කම ඉන්න 😉

“Guns Don’t Lie”

Hunt (2023) Sinhala Subtitles
Hunt (2023) Sinhala Subtitles
Hunt (2023) Sinhala Subtitles
Original title Hunt
IMDb Rating 6.2 2,437 votes
TMDb Rating 4.3 3 votes

Similar titles

DSP (2022) Sinhala Subtitles
The School for Good and Evil (2022) Sinhala Subtitles
Laabam (2021) Sinhala Subtitles
Officer on Duty (2025) Sinhala Subtitles
War 2 (2025) Sinhala Subtitles
Satyameva Jayate 2 (2021) Sinhala Subtitles
Avatar: The Way of Water (2022) Sinhala Subtitles
Sabhaapathy (2021) Sinhala Subtitles
Sardar Udham (2021) Sinhala Subtitles
Held (2020) Sinhala Subtitles
They Call Him OG (2025) Sinhala Subtitles
Annaatthe (2021) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published