Hridayam (2022) Sinhala Subtitles

Hridayam (2022) Sinhala Subtitles

Jan. 21, 2022India172 Min.Not Rated
Your rating: 0
8.2 11 votes

Synopsis

පසුගිය 21 වෙනිදා තිරගතව, මාසයක් යන්නටත් නිමිත්තෙන්, කෝටි 50හේ ආදායමද අභිබවා යමින් 2022 වසරේ පලමු මලයාලම් බ්ලොක්බාස්ටර් චිත්‍රපටයට උපසිරැසියක් අරගෙනයි ආවේ. ඒ තමයි මෝහන්ලාගේ පුත්, Pranav Mohanlaal, Darshana සහ Kalyani Priyadarshan රංගනයෙන් දායක වුනු, Hridayam (හදවත) චිත්‍රපටියට උපසිරැසියක් අරගෙනයි.

මේ චිත්‍රපටය Romance කියන ශාරණයට අයත් ටීනේජ් චිත්‍රපටයක්. පැය 3කට ආසන්න ප්‍රමාණයක ධාවන කාලයක් ඇති මෙම චිත්‍රපටය ප්‍රධාන වශයෙන් කොටස් 2කින් සමන්විතයි, වසර හතරක කැම්පස් දිවිය සහ ඉන් පසු දිවිය වශයෙන් චිත්‍රපටිය හරි මැදින් බෙදලා තියෙනවා. IMDb දර්ශකය මුදුන් සීමාවකට කරකවා ඇති මෙම චිත්‍රපටය 8.9/10ක අගයක් ලබා ගෙන තියෙනවා. ප්‍රධාන වශයෙන් රංඟන ශිල්පීන් නිසා හිත ආකර්ෂනය වන චිත්‍රපයක් නිසාත්, මෙහි අන්තර්ගතයද සුන්දර නිසාත් බැලුවාට වරදක් නැහැ. රඟැපෑම් වල අඩුපාඩුවක් නම් ඇත්තෙම නෑ.

අපි හැමෝටම වගේ සුන්දර O/L, A/L දිවි වලින් එකක් හෝ අනිවාරෙන්ම තිබිලා තියෙනවානේ. ඒ වගේම මේකෙ යන්නෙ ඒ වගේම කැම්පස් දිවිය ගැන. රැග් එකේ පටන් මැරයො වෙනකම්ම තියෙනවා. ලස්සන ආදර කථා. ගහ මරා ගැනීම් අතරෙන් දිවෙද්දි එක පාරටම නොහිතන තැන් වලින් ඉතා මධුර ගී රාශියක් Hesham Abdul විසින් මුසු කර තිබෙනවා. ගීත රාශියක් අඩංගු චිත්‍රපටයක් කියලා අපි හැමෝම දන්නා කාරනයක්නේ. විවිධ භාෂා වල ගීත රාශියක් මෙහි අන්තර්ගත වෙනවා වගේම, එක ගීතයක් වත් එකපාර ඉවර කරන්නෙ නම් නෑ. තැන් තැන් වල බෙදලා තියෙන්නෙ හැම එකම. කලින් කීවා වගේම ගීත යම් යම් සිද්ධීන් අතරින් අත් හරින නිසා, ගීත වලට උපසිරැසි නොකරම ඉන්න බැරි වුනා. ඒ නිසා ගීතත් උපසිරැසි ගන්වලා තියෙන්නේ. ඒවගේම මේ චිත්‍රපටය චෙන්නයි වල, KCG තාක්ෂණික විද්‍යාලයේ තමයි රඟපාලා තියෙන්නේ.

චිත්‍රපටය ඇරඹෙන්නේම රට වටින් කැම්පසය කරා ඇදෙන ශිෂ්‍ය පිරිසකගෙන්. මේ ඔවුන්ගේ පළවෙනි දවස. දැන් අදුන කියාගෙන,කැම්පස් එකට යන ඔවුන්ට සීනියර් කෙනෙක් විසින් අදාල ස්ථාන පෙන්වලා දෙනවා වගේම, අවසානයේ “සීක්‍රට් ඇලී” නම් වූ ස්ථානයක, දොර මංකඩක් පෙන්වලා කියනවා ” මේ දොරෙන් එහා පැත්තෙ තියෙන දේ බලන්න නම් ඔයලගෙ කැම්පස් දිවියේ අවසාන දිනය වෙනකම්ම ඉන්න වෙනවා, එදාට විතරයි මේ දොර ඇරෙන්නෙ කියලා” එයා එහෙම කිව්වම බලන් ඉන්න අපිටත් ඒ දොර එහා පැත්තෙ තියෙන දේ මොකක්ද කියලා බලන්න කුතුහලයක් එනවා.

මේ කැම්පස් එකේදි තමයි අරුන් නීලකන්ඩන්ට දර්ශනාව මුණ ගැහෙන්නේ. ඉතිං මොවුන්ගේ ආදරය කැම්පස් එක පුරාම දිවෙන එකක් වෙනවා.හැමෝටම තියේවි ඒ වෙන විට කුතුහලයක් කෝ කල්‍යානි කියලා… මොකද මේ වන විට දර්ශනා මුළු චිත්‍රපටයම ආක්‍රමණය කොටහමාර නිසා.ඒත් ඔයාලම ඒ ගැන බලන්න. මං එයා කවුද කියලවත් නොකියා ඉන්නම්. එයත් ලේසි නෑ. චිත්‍රපටිය ගිල ගන්නම සමත් වෙන චරිතයක් ඒකත්.

තරහ යන හිනා යන රැගින්, යාළුවො අතර වලි, සෙමෙස්ටර්ස් එක්සෑම්ස්, ආදර කථා, වෙන් වීම්, එක් වීම් වගේම දැඩි බල මිතුරු කම්, ඒ හා සමානවම ඉමෝෂනල් සිද්ධීන් රාශියක් මෙහි අන්තර්ගතයි. මම කියනවට වැඩිය ඔයාලම බලන්නකො. ඒ අය එක්ක ඔයාලත් වසර 4ක් ගත කරලා, සීක්‍රට් ඇළී එකේ දොර විවර කරගෙන බලන්න එහෙනම් මොනාද තියෙන්නෙ කියලා. ටයිම් ලයින් ගහලා දීලා, සින්ක් කරන එකටත් උදව් කරපු ලහිරු අයියටත් මේ ගමන්ට ස්තුතිය පුදකරනවා!

Hridayam (2022) Sinhala Subtitles
Hridayam (2022) Sinhala Subtitles
Hridayam (2022) Sinhala Subtitles
Hridayam (2022) Sinhala Subtitles
Hridayam (2022) Sinhala Subtitles
Hridayam (2022) Sinhala Subtitles
Hridayam (2022) Sinhala Subtitles
Original title ഹൃദയം
IMDb Rating 8.1 13,320 votes
TMDb Rating 6.55 20 votes

Director

Cast

Pranav Mohanlal isArun Neelakandan
Arun Neelakandan
Kalyani Priyadarshan isNithya Balagopal
Nithya Balagopal
Aswath Lal isAntony Thadikaran
Antony Thadikaran
Vijayaraghavan isNeelakandan
Neelakandan
Arun Kurian isVarun Subrahmanyam
Varun Subrahmanyam
Johny Antony isBalagopal
Balagopal

Similar titles

Toofaan (2021) Sinhala Subtitles
Slumberland
Madhuram (2021) Sinhala Subtitles
Double XL (2022) Sinhala Subtitles
Good Luck Jerry (2022) Sinhala Subtitles
Bagheera (2023) Sinhala Subtitles
Chandigarh Kare Aashiqui (2021) Sinhala Subtitles
Uppena (2021) Sinhala Subtitles
Kurup (2021) Sinhala Subtitles
Bachelor (2021) Sinhala Subtitles
Shabaash Mithu (2022) Sinhala Subtitles
Kadaisi Vivayasi (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published