
ගොඩ කාලෙකට පස්සේ කවදාවත් නොකරපු පන්ජාබි සබක් අරන් ආවා කකා…සින්දු ගැන නම් එච්චර බලාපොරොත්තුවක් තියාගන්න එපා ලස්සන එව්වට විතරයි සබ් දැම්මේ.
දැන් ඉතින් බහින්න තියෙන්නෙ කතාව පැත්තට තමයි! යැන්කි සිං ගේ හාමිනේ ඒ කියන්නේ ස්වීටිට තියෙන හීන ගොඩ හැබෑ කරගන්න තියෙන පාරවල් සේරම එයා කසාද බැදලා ළමයෙක් හම්බුනාට පස්සේ නැති වෙලා යනවා.. ඒක නිසා මෙයා දරුව ඉපදුනාට පස්සේ දික්කසාද වෙන්න තීරණය කරනවා…ස්විටි හා යැංකි සිං ඉතින් දික්කසාද වෙනවා… දික්කසාද උනාට පස්සෙ මේ බබාව හම්බවෙන්නේ යැංකි සිංට… පොඩි එකෙක් අම්මා නැතුව බලාගන්නවා කියන්නේම ලොකු යුද්ධයක් නේ.. ඒ වගේම යැංකි සිං මෙහෙම කාලයක් ගිහින් හිතනවා තනියම හිටියා ඇති පොඩි බාබාටත් හොදක් වෙන්න තව කසාදයකුත් කරගන්න ඕනි කියලා.. ඉතින් ඔහුගේ මේ හිනේ හැබැ වේවිද? දරුවෙක් ඉන්න තාත්තා කෙනෙක්ව බදින්න ගැණූ ළමයෙක් කැමැති වේවිද? ඉතින් මේ වගේ කතාවකින් තමා ෆිල්ම් එක රසවත් වෙන්නේ.. හිනාවේවි බලන්න පුලුවන් ෆිලුමක් තමයි මේ… ඉතින් තවත් මෙවැනි උපසිරැසියක් ගෙන ඒමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා.. ආරාධනා කරනවා නරඹන්න, හොන්ස්ලා රක්!!