Video Sources 1180 Views

  • Watch trailer
#Home (2021) Sinhala Subtitles

#Home (2021) Sinhala Subtitles

#HomeAug. 19, 2021India162 Min.Not Rated
Your rating: 10
9.7 3 votes

Synopsis

(#Home (2021) Sinhala Subtitles)

දහසක් වැඩ රාජකාරි අස්සේ චිත්‍රපටයක් රසවිඳින්න වෙලාව වෙන්කර ගන්නේ පුදුම ඕනෑකමකින්. ඊටත් වඩා ඒ බලපු මොහෝතේ ම ඒකට සිංහල උපසිරැසියක් කරන්න හිතෙන්නේ හරිම කලාතුරකින් ඒ වගේ කාලේකට පස්සේ රහට බලන්න පුළුවන් නියම මලයාලම් මැජික් එකක් හම්බවෙන්නේ, අහම්බයකින් වගේ කොහොමහරි මේක කරනවා කියලා පටන් ගත්තේ මට වඩා අපේ මලයාගේ පෙරත්ත කිරිමට කොහොමහරි අවසානයේ දෙන්න උපසිරැසි ය ඉවර කරා , කාලේකට පස්සේ කටපුරා කියන්න පුළුවන් නියම චිත්‍රපටයක් බැලුවා…..

මලයාලම් සිනමාව තුල සෑම විටකදී ම අපව ඇඳ බැඳ තබා ගන්න ට සමත් වන්නාවූ ද දැහැනට සමවැදෙන්නාක් මේන් මනෝභාවයන් තුල අප සිරවෙන තැනට ඒ රූප රාමූ ඒ වගේම ඒ රඟපෑම් , ඒ කතා තේමාවන් අපිට අතිශය සමීප වෙන්නේ මලයාලම් සිනමාව තුල තියන ඒ සුවිශේෂී අව්‍යාජත්වය නිසාවෙනි. එකම නිවස තුළ පදිංචි කුටුම්බම් සාමාජිකයින් එකිනෙකාගෙන් විසන්ධි වී එකම මේසයේ කෑම කමින් සිටියදී සමහරකුගේ හදවත් සේම මනෝභාවයන් වෙනත් තැනක සිර වී සිටිම, ඒ දුරස්ථ හැගිම හරි අපූරුවට පෙලගස්වා තියනවා,

තිර රචකයා සේම අධ්‍යක්ෂක රොජින් තෝමස් සමඟ අපට මුලින්ම හමු වූ විට ඔලිවර් ට්විස්ට් (ඉන්ද්‍රනාස්), කුට්ටියාම්මා (මංජු පිල්ලේ), ඔවුන්ගේ පුතුන් වන ඇන්ටනි ඔලිවර් ට්විස්ට් (ශ්‍රී නාත් භාසි) සහ චාල්ස් ඔලිවර් ට්විස්ට් (නස්ලන්).. #HOME.. ඔලිවර්ගේ නිවසේ නිහඩව සිදු වූ පෙරවදන ප්‍රරමාණවත් නොවන්නේ නම්, ඇන්ටනි සමඟ අපගේ මංගල හමුවීම සිදු වී ඇති සේම, ඔහුගේ අපිරිසිදු තට්ටුවේ සිදුවන සිදුවීම් වගේම ඇත්ත වශයෙන්ම ඔහුගේ ආකර්ෂණය තිබෙන්නේ පියාගේ අසාමාන්‍ය නම. සමහර විට ඔවුන්ගේ දේශපාලන නැඹුරුවන් සහ වෙනත් අවශ්‍යතා පිළිබිඹු කිරීමක් වශයෙන්, සමහර විට විස්තර කළ නොහැකි ලෙස, තම පුත්‍රයන් බව්තීස්ම කිරීමේ දී මලයාලියානුවන් තම පරිකල්පනයට නිදහසක් ලබා දීමට නැඹුරු වේ කෙනඩි, අරෆත්, ෂිට්ටෝ සහ තිට්ටි කේරලයෙන් හමු වන නම් උදාහරණ ලෙස දැක්විය හැකිය. ඔලිවර් ට්විස්ට් ඔහු හැඳින්වූ දේ ලෙස හැඳින්වීමට පිටුපස ඇති කතාවට සවන් දීම ඇත්තටම වටී එය චිත්‍රපටය නරඹන ඔබට දැනගන්නට ලැබේවි, ඔහුගේ ජීවිතයේ අනාරක්ෂිත භාවය සහ අඳුරු බවක සැම විටම පෙනේ. නිවස යනු සෑම කෙනෙකුගේම කතන්දර ලියවි ඇති තැනකි. විටෙක මිහරිය,-දුක-විහිලුව -කල්පනාකාරී සිහි කැඳවීම් වල මිශ්‍රණයකි.

වෙනස් වන ලෝකය සමඟ වේගයෙන් ගමන් කිරීමට ඔලිවර් අසමත් විය. ඇන්ටනි යනු චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන අතර ඔහුගේ මංගල චිත්‍රපටයේදීම අතිවිශිෂ්ට ජයග්‍රාහණයක් ලබා ගත් අතර ඔහුගේ දෙවන චිත්‍රපටය තිරගත කිරීමට දැන් වෙහෙසෙමින් සිටී. ඔහු සිය දෙමව්පියන්ගේ නිවසට ගොස් එහි වැඩ කරන විට, මෘදු හැසිරීම් ඇති, තාක්ෂණිකව අභියෝගයට ලක් වූ ඔලිවර් පරාජිතයෙකු ලෙස ඔහු දකින බව පැහැදිලි වේ. ඇන්ටනි සහ ඔහුගේ පෙම්වතිය වන ප්‍රියා (දීපා) අතර ඇති වන ආතතිය ඔලිවර්ට නොදැකීම වැළැක්වීමට ඔලිවර්ට නොහැකි වූවාක් මෙන්, රෝහලක රැකියාව කරමින් සිටි කුටියම්මා දැන් දිනපතා ගෘහණියගේ රාජකාරිය ඉටු කරමින් සිටි, නමුත් පියා සහ පුතා අතර ඇති වන පීඩනය නොසලකා හැරිය නොහැක.

තෝමස් චාල්ස් නම් ආත්මාර්ථකාමී යෞවනයෙක් වන අතර ඔහුගේ මවගේ ඉල්ලීම් කිසි විටෙකත් නතර නොවන නමුත් ඔහු කෙරෙහි ළැදි ළමයෙකු වැනි පැත්තක්ද දකින්නට තිබේ. චාල්ස් යනු යූටියූබර් සහ ඉන්ස්ටග්රෑම් පරිශීලකයෙකි. පසුබිමේ ඔලිවර්ගේ අප්පච්චන් මහලු විය හා මිනිසුන් මත අසනීප ගොඩ නැගීමේ අපකීර්තිය සමඟ පොරබදමින් සිටී.උඩින් පහලින් කතාවේ චරිත ගැන මෙහෙම මතක් කිරීම හුදෙක් කියවන ඔබට බැලිමේ ආශාව ඉතුරු කරමිනි. එය ඔබට බාරය…….

⁣මේ කතාව තුල විටෙක ඔබට ඔබව හමුවේවී විටෙක ඔබගේ කුටුම්භය යැයි සිහි වේවී මන්දයත් මේ මහා පොලොවේ ඇති අව්‍යාජ වු යථාර්ථය නිසාවෙනි, හාස්‍ය රසය සමඟ පුරා පැය දෙකහමාරකට කාලයක් පුරාවට දිවෙන සිනමා පටය තුල කතා තේමාව අතිශය සංවේදී කාරණයක් වන්නේය සහා එය සමාජ තුල කතා බහට ලක් නොවන එක්තරා ප්‍රශ්නයක් ලෙසද අරථකතනය කර හැකිය. තාක්ෂණය කියන නූතන මාතෘකාව කොතෙකුත් දුරකට සම්බන්ධතා වලට සෘජු ව සේම වක්‍රාකාරව බලපෑම් ක⁣රන්නේද යන්න ට හොඳ උදාහරණ චිත්‍රපටය පුරාවටම අපට ඇත. ප්‍රධාන ධාරාවේ මලයාලම් සිනමාව ට නැවත නැවතත් අතිශය සාමාන්‍යය කාරණයන් ඔස්සේ ගොඩනැගෙන කතා තේමා වටා ගෙතුණු සිනමා නිර්මාණයන් හොඳ මාවතක් සිනාමාව තුල විවර කරන්නට සමත්ව ඇත මක්නිසාද යත් කුම්බලාන්ගි නයිට්ස් රසිකයන් ඉතාමත් අදාරයෙන් වැලදගත් නිසාවෙනි. මේ සිනමා පටයත් එසේ වැලඳගනි යයි මා සිතමි, මලයාලම් රසිකයනි, ඔබ මෙය අනිවාර්යයෙන් නැරඹිය යුතුම තවත් එක මලයාලම් මැජික් එකක් වඟ නම් මට 100% විස්වාසය.
ස්තුති 🙏 ❤

ලිපිය – රුමේෂ් බස්නායක

#Home (2021) Sinhala Subtitles
#Home (2021) Sinhala Subtitles
#Home (2021) Sinhala Subtitles
#Home (2021) Sinhala Subtitles
#Home (2021) Sinhala Subtitles
Original title ഹോം
IMDb Rating 8.8 13,906 votes
TMDb Rating 7.69 21 votes

Director

Rojin Thomas
Director

Cast

Indrans isOliver Twist
Oliver Twist
Sreenath Bhasi isAntony Oliver Twist
Antony Oliver Twist
Manju Pillai isKuttiyamma
Kuttiyamma
Naslen Gafoor isCharles Oliver Twist
Charles Oliver Twist
Maniyanpilla Raju isProducer Baby
Producer Baby
Vijay Babu isDr. Franklin
Dr. Franklin
Srikant Murali isJoseph Lopez
Joseph Lopez

Similar titles

A Loud House Christmas (2021) Sinhala Subtitles
Sergeant (2023) Sinhala Subtitles
Pushpa : The Rise (2021) Sinhala Subtitles
Laththi (2022) Sinhala Subtitles
Venkatapuram (2017) Sinhala Subtitles
Writer (2021) Sinhala Subtitles
Three Thousand Years of Longing (2022) Sinhala Subtitles
Innu Muthal (2021) Sinhala Subtitles
Garuda Gamana Vrishabha Vahana (2021) Sinhala Subtitles
Double XL (2022) Sinhala Subtitles
The Roundup: Punishment (2024) Sinhala Subtitles
Hello Ghost (2010) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published